Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙවර මාලිමාවෙන් තරඟ කරන අනිල් කේ. සේනාධීර, මීට පෙර පොහොට්ටුවෙන් තරඟ කළා ද?

    2023-01-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර මැතිවරණයේදී දැක ගන්නට ලැබෙන කරුණක් වන්නේ, මීට පෙර වෙනත් පක්ෂ වලින් තරඟ කරන ලද අපේක්ෂකයින්ම මෙවර වෙනත් පක්ෂයකින් තරඟ කිරීමයි. එලෙස වෙනත් පක්ෂ කරා ගිය බොහෝ පිරිසකගේ ඡායාරූප සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මෙවර මැතිවරණයේදී දැක ගන්නට ලැබෙන කරුණක් වන්නේ, මීට පෙර වෙනත් පක්ෂ වලින් තරඟ කරන ලද අපේක්ෂකයින්ම මෙවර වෙනත් පක්ෂයකින් තරඟ කිරීමයි. එලෙස වෙනත් පක්ෂ කරා ගිය බොහෝ පිරිසකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මේ අතර ඇතැම් සටහන් නොමග යන ලෙස අසත්‍ය පතුරුවමින් සංසරණය වනවා. එලෙස හුවමාරු වූ සටහනක සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පොහොට්ටුව කැන්වසින් එනක් බලාගෙන ඉන්න එපා. උන් මේ පාර එන්නේ මාලිමාවෙන්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එහි දක්වා තිබුණේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර ‘පොහොට්ටුව’ ලකුණින් පොදුජන පෙරමුණ යටතේ අනිල් කේ. සේනාධීර මහතා ඡන්දයට ඉදිරිපත් වී ඇති බවටත් මෙවර ඔහු ‘මාලිමාවෙන්’ ජාතික ජන බලවේගයෙන් තරඟ කරන බවයි.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    WhatsApp ඔස්සේ ද, මෙම සටහන හුවමාරු වූයේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවේ, ඉහත සටහන් වලට පාදක වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංයුක්ත ගණිතය පිළිබඳ ප්‍රවීණ දේශකයෙකු වූ අනිල් කේ.සේනාධීර මහතා පසුගිය මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වූවා ද යන්නයි.

    ඒ සඳහා අප ප්‍රථමයෙන් පළමු ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, 2020 මහ මැතිවරණයට පොහොට්ටුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ දේශකයෙකු වූ ගුණපාල රත්නසේකර මහතා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ වීඩියෝවකට පෙනී සිටි අනිල් කේ. සේනාධීර මහතාගේ රූප රාමුවක් ගෙන ඔහු පොහොට්ටුවෙන් තරඟ කළ බවට හඟවා ඇති බවයි.

    ඉහත ඡායාරූපය රැගත් සම්පූර්ණ වීඩියෝව පහතින්.

    Archived Link

    එමෙන්ම ඉහත සටහනේ අනිල් කේ. සේනාධීර මහතා පසුගිය මැතිවරණයේ දී පොහොට්ටුව යටතේ අංක 16න් තරඟ කරන බවට දක්වා තිබුණු ද එම අංකයෙන් සත්‍ය වශයෙන් තරඟ කර තිබුණේ, මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ගුණපාල රත්නසේකර මහතායි. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පළකර තිබු ප්‍රචාරණ සටහනක් පහතින්.

    Archived Link

    එමෙන්ම ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා ද, එවකට ගුණපාල රත්නසේකර මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට අදහස් දක්වා තිබූ වීඩියෝවක ද, දැක්වෙන්නේ, ඉහත අනිල් කේ. සේනාධීර මහතා ගුණපාල රත්නසේකර මහතා වෙනුවෙන් අදහස් දක්වා තිබූ වීඩියෝ ආකෘතියයි. එම වීඩියෝව මෙතනින්. තවත් ගුරුවරයෙකුගේ ප්‍රචාරණයක් මෙතනින්.

    අනිල් කේ. සේනාධීර

    අප අනිල් කේ. සේනාධීර මහතාගෙන් ද මේ පිලිබඳ විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, තමන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තමා ඉදිරිපත් වූ බවට අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වන බවත්, කිසිදු අවස්ථාවක මීට පෙර තමන් මැතිවරණයකට ඉදිරිපත් වී නොමැති බවයි. ගුණපාල රත්නසේකර මහතා තමාගේ හිතවත් ගුරුවරයෙකු වූ බැවින් තමා ඇතුළු දේශකයන් කිහිප දෙනෙක්ම, ඔහුගේ 2020 මහ මැතිවරණයට ප්‍රචාරණ කටයුතු සඳහා උපකාර කරමින් අදහස් දැක්වූ බවත්, තමා එසේ අදහස් දැක්වූ වීඩියෝවක් අවභාවිත කරමින්, මෙලෙස තමන් පොහොට්ටුවෙන් මැතිවරණයකට ඉදිරිපත් වූ බවට අසත්‍ය පතුරුවන බවයි ඒ මහතා අවධාරණය කළේ.

    පළමු වරට තමන් මෙවර ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල නගර සභාවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත්, ඒ මහතා සඳහන් කළා. ජාතික ජන බලවේගයේ කුරුණෑගල නගර සභාව සදහා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන කණ්ඩායම මෙතනින්. 

    කෙසේවෙතත් මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණයට ‘පොහොට්ටුවෙන්’ තරඟ කළ ඇතැම් පුද්ගලයන් මෙවර ‘මාලිමාවෙන්’ මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවද දැකගන්නට ලැබෙන අතර එලෙස නිර්මාණය වී තිබු සත්‍ය සටහනක් මෙලෙසින්. මේ හේතුවෙන් එම “පොහොට්ටුව කැන්වසින් එනක් බලාගෙන ඉන්න එපා. උන් මේ පාර එන්නේ මාලිමාවෙන්” තේමාවෙන් නිර්මාණය වන සියලු සටහන් සත්‍ය යැයි උපකල්පනය කිරීම ඔස්සේ අනිල් සේනාධීර සම්බන්ධ සටහන් මඟින් බොහෝ පිරිස් නොමඟ ගොස් තිබිණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පොදුජන පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අනිල් කේ. සේනාධීර මෙවර පළාත් පාලන ඡන්දයට ජාතික ජන බලවේගයෙන් තරඟ කරන බවට දක්වමින් පළ වන සටහන් නොමග යවන සුළු බවයි.

    2020 මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ වැදුණු තම හිතවත් ගුරුවරයෙකුගේ මැතිවරණ ප්‍රචාරණයකට ඉදිරිපත් කළ අදහස් දැක්වෙන වීඩියෝවක රූපරාමුවක් අවභාවිතා කරමින් වැරදි අර්ථකතනයක් ලබාදෙමින් මෙලෙස අසත්‍ය සටහන් නිර්මාණය කර තිබුණු බවටත්, තමන් මීට පෙර කිසිදු පක්ෂයකින් මැතිවරණයකට තරඟකර නොමැති බවත්, මෙවර මාලිමාවෙන් පළමු වරට කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වෙන බවත්, අනිල් කේ. සේනාධීර මහතා පවසනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.