Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    චන්ද්‍රයාන්- 3 යානය සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වූ අවස්ථාවේ වීඩියෝවක් ද?

    2023-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත, මුළු ලොවම අවධානයට ලක්වූ චන්ද්‍රයාන්- 3 යානය, අගෝස්තු 23 වන දා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත, මුළු ලොවම අවධානයට ලක්වූ චන්ද්‍රයාන්- 3 යානය, අගෝස්තු 23 වන දා සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්සවීමට ඉන්දියාව සමත් වුණා. එම ඓතිහාසික අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    චන්ද්‍රයාන්- 3 සඳේ දකුණු ධ්‍රැවයට මෘදු ගොඩබැස්ම සාර්ථකව සිදු කරනු ලැබූ  අවස්ථාවක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook 

    මෙම වීඩියෝවේ මුල් කොටසේ (තත්ත්පර 0.48 පෙර) දක්වා ඇති වීඩියෝව සත්‍ය වශයෙන් ම චන්ද්‍රයාන් -3 යානයේ වීඩියෝවක් ද, යන්න පිළිබඳව අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීම පිළිබඳ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ වීඩියෝවල ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වීඩියෝව ද, ඇතුළත් ව තිබුණා ද යන්න අප ඉන්දියානු ප්‍රධාන මාධ්‍ය ධාරා වල මෙන් ම ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා.

    නමුත් ඉහත වීඩියෝව එම වීඩයෝ අතර දැක ගන්නට නොලැබුණු බැවින් අප ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් නිකුත් කර තිබූ වීඩියෝ ද පරීක්ෂාවට ලක් කළා. නමුත් එහිදී ද, චන්ද්‍රයාන්-3 යානය සම්බන්ධව ඉහත වීඩියෝව දැක ගන්නට නොලැබුණි. 

    ඉන් අනතුරුව අප එම වීඩියෝවේ සේයාරු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, එම වීඩියෝව 2021 වසරේ සිට YouTube හි පළ වී තිබූ වීඩියෝවක් බවයි. එමෙන් ම එම වීඩියෝව ඉහත YouTube නාලිකාවේ පළ කර තිබූ හේස් ග්‍රේ ආර්ට් නමැති පුද්ගලයා විසින් සඳහන් කරන්නේ, එම වීඩියෝවේ දක්වා ඇත්තේ, 1969 ජූලි 20 වන දින සිදු වූ ඇපලෝ 11 යානය සඳ මත ගොඩබෑම සම්බන්ධයෙන් බවයි. එම වීඩියෝවේ දීර්ඝ අනුවාදය මෙතනින්.

    එමෙන් ම එම වීඩියෝව ද, ඔහු විසින් සජීවිකරණ නිර්මාණ(Animated creations) කරන ලද වීඩියෝවක් බවට 2018 වසරේ ඔහු විසින් X(Twitter ලෙස පෙර හැඳින්වූ) ගිණුමේ නිකුත් කරන ලද පණවිඩියක සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Archived Link

    චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට ඉන්දියාව අගෝස්තු 23 වන දා ඉතිහාසගත වූ අවස්ථාව, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් සිය නිල X ගිණුමේ පළ වූ සත්‍ය වීඩියෝව පහතින්.

    ඉන්දියාව විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යවනු ලැබූ චන්ද්‍රයාන් -3 යානය සාර්ථකව ගොඩ බසිනු ලැබුවේ, ඉන්දියාවේ වේලාවෙන් පස්වරු 6.03ටයි. සඳ මත යානයක් ගොඩ බැස්සවූ සිව්වැනි රට බවට ඉන්දියාව පත් වූ අතර මීට පෙර අමෙරිකාව, රුසියාව සහ චීනය සඳ මතට මිනිසුන් රහිත යානා ගොඩ බස්සවන ලදී.

    වික්‍රම ලෑන්ඩරයේ බඳ මත කිලෝග්‍රෑම් 26ක බරින් යුතු ප්‍රග්යාන් රෝවරය රඳවාගෙන සඳ මතට ගොඩ බෑ අතර ප්‍රග්‍යාන් රෝවරය, වික්‍රම් ලෑන්ඩරය සමග පමණක් සන්නිවේදනය කරනු ඇත. එමගින් චන්ද්‍රයා වටා කක්ෂගත කර සිටින චන්ද්‍රයාන් – 2 යානයේ සිට කක්ෂගත යානයකට තොරතුරු යවනු ලබන අතර එම තොරතුරු විශ්ලේෂණය සඳහා පෘථිවිය වෙත එවීමට නියමිතයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Also Read : චන්ද්‍රයාන්- 03 අභ්‍යවකාශ යානය දියත් කළ අවස්ථාවේ වීඩියෝවක් ද ?

    Conclusion (අවසාන නිගමනය) :

    චන්ද්‍රයාන්-3 යානය සඳ මතට ගොඩ බසින අයුරු දැක්වෙන සත්‍ය වීඩියෝවක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව, 1969 ජූලි 20 වන දින සිදු වූ ඇපලෝ 11 යානය සඳ මත ගොඩබෑමේ අවස්ථාව සම්බන්ධව සිදුකරන ලද සජීවිකරණ නිර්මාණයක් වන අතර, එය 2021 වසරේ YouTube හි පළ වූ වීඩියෝවකි.

    Also Read: Animation Video Viral AS Moon Landing Footage Of Chandrayaan-3 By NASA

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.