Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඩොලර් අර්බුදයට විසදුම Spider Man වැනි ජනප්‍රිය චිත්‍රපට නිපදවා විදෙස් විනිමය උපදවා ගැනීමයි- අනුර කුමාර ??

    2022-01-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රට තුළ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධව සමාජ ජාලවල නිතර කතාබහට ලක්වනවා. මේ ජනතා  විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායකව සම්බන්ධ කර ගනිමින් ඩොලර් අර්බුදය පිළිබඳව සමාජ ජාලා හරහා පැතිරුණු ව්‍යාජ ප්‍රකාශයක්  පිළිබඳව අප විසින් සිදුකළ විමසා බැලීමක්. සමාජ ජාලා සට

    රට තුළ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධව සමාජ ජාලවල නිතර කතාබහට ලක්වනවා. මේ ජනතා  විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායකව සම්බන්ධ කර ගනිමින් ඩොලර් අර්බුදය පිළිබඳව සමාජ ජාලා හරහා පැතිරුණු ව්‍යාජ ප්‍රකාශයක්  පිළිබඳව අප විසින් සිදුකළ විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක විසින් Talk with Sudaththa නම් අන්තර්ජාල වැඩසටහනක්දී දැක්වූ අදහස් ලෙස පහත සටහන දක්වා තිබුණා .

    “ඔබ ජාත්‍යන්තර සිනමාව අධ්‍යයනය කරනවා නම් දන්නවා ඇති පසුගිය දෙසැම්බර් 17 දා තිරගතකරපු Spider Man චිත්‍රපටය මුල් සති දෙක තුළ උපයපු ආදායම ඇ.ඩොලර් බිලියන 3 ක් ! අපේ රටේ විදේශ සංචිත තියෙන්නෙත් ඇ.ඩොලර් බිලියන 3 යි. ඇයි අපිට මේව කරන්න බැරි ?නයිට් රේස් පැදපු පාලකයො ලැජ්ජ වෙන්න ඕන.අපේ රජයක් පත්වෙළා පළමු වසරේ අපි කරන ප්‍රධානම කාර්‍යයක් තමයි ස්පයිඩර් මෑන් ගණයේ ජනප්‍රිය චිත්‍රපටි 2 ක් හදන එක.ඩොලර් ප්‍රශ්නය එතනින්ම ඉවරයි.ආර්ථික ගැටලුවට මේව තමයි අපේ කෙටි කාලීන විසදුම්. ඉතා සරලයි.”

    Facebook | Archived

    මෙවැනි සටහන් ෆේස්බුක් අවකාශය පුරා පැතිර තිබුණු ආකාරයයි මේ .

    මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම සොයා බැලුවේ මෙම සමාජ ජාල සටහන්වල දැක්වෙන ආකාරයට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක Talk with Sudaththa නම් වැඩසටහනකට සම්බන්ධවී ඇද්ද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ජනවාරි මස දෙවැනිදා යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශනය වූ මෙම වැඩසටහනට පැය දෙකක පමණ කාලයක් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක සම්බන්ධවූ බවයි.

    ඉන් අනතුරුව මෙම වැඩසටහන නිරීක්ෂණය කළ අපට දැකගන්නට ලැබුණේ මෙම පැය දෙකක කාලය පුරාවටම ඩොලර් අර්බුදයට විසදුම් ලෙස ස්පයිඩර් මෑන් වැනි චිත්‍රපට නිපදවීම පිළිබදව ජවිපෙ නායකයා කතා නොකළ බවයි. ඉහත වැඩසටහන සම්පූරණයෙන්ම පහත යූ ටියුබ් ලින්ක් එක  හරහා නැරඹිය හැකියි.

    ඉන් අනතුරුව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ජවිපෙ නායකයා කිනම් හෝ අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශයක් කර ඇද්දැයි සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ එවන් ප්‍රකාශයක් ජවිපෙ නායකයා විසින් සිදු කළ බවට වාර්තා කර නොමැති බවයි. 

    ඉන් අනතුරුව අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද විමසූ විට ඔවුන්ද පැවසුවේ, ජවිපෙ නායකයා කිසි විටෙකත් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    ඉන් අනතුරුව අප මෙම සමාජ මාධ්‍ය සටහනේ ඇති අනෙකුත් කරුණු පිළිබඳවද සොයා බැලීමක් සිදු කළා.

    එනම් අලුත්ම ස්පයිඩර් මෑන් චිත්‍රපටය පළමු සති දෙක තුළදී ඩොලර් බිලියන 3 ක ආදායමක් ලබා ඇතිද යන කාරණයය

    ජාත්‍යන්තර වාර්තාවන්ට අනුව අලුත්ම ස්පයිඩර් මෑන් චිත්‍රපටය වන No Way Home මෙතෙක් ලබාගෙන ඇති ආදායම් ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 1.37 කි.

    Web | Archived

    මේ සම්බන්ධයෙන් වන වැඩිදුර විස්තර  මෙතනින්. Archived.

    ඒ අනුව එම කරුණුද අසත්‍ය බවට තහවුරු වෙයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක විසින් ඩොලර් හිඟයට පිළියමක් ලෙස ස්පයිඩර් මෑන් වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට නිපදවා විදේශ විනිමය ඉපයීම යෝජනා නොකළ බවයි. එම නිසා මේ සම්බන්ධයෙන් ඇති සමාජ ජාල සටහන් නොමග යවන සුලු සහ අසත්‍ය වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-01-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.