Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරන ජනාධිපතිගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත!

    2025-01-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුව පත් වී දින 100 පසු වීමත් සමග ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන් ම ඔවුන් බලයට පෙර සිදු කළ ප්‍රකාශයන් ඔස්සේ බලය ලැබීමෙන් පසු ඒ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    වත්මන් ආණ්ඩුව පත් වී දින 100 පසු වීමත් සමග ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන් ම ඔවුන් බලයට පෙර සිදු කළ ප්‍රකාශයන් ඔස්සේ බලය ලැබීමෙන් පසු ඒ අනුව ක්‍රියා කර තිබේ ද, යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වන අතර, ඇතැම් අවස්ථාවන් වල මේ ඔස්සේ ජනතාව නොමග යැවීම සඳහා අසත්‍ය සටහන් ද, හුවමාරු වේ. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අපිට රට බාර දුන්නම දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරනවා” යනුවෙන්, ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා, පුවත්පතකට සිදුකළ ප්‍රකාශයක් ලෙස දක්වමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    මෙහි හැඟවීමට උත්සහ දරා තිබුණේ, ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා ඉහත ආකරයේ ප්‍රකාශයක් සිදුකළ බව ත්, ජාතික ජන බලවේග නව ආණ්ඩුව පත් වී දින 100ක් දැන් ගත වී තිබුණ ද  ආර්ථික අර්බුදය විසඳා නොමැති බවත් ය.

    Facebook | Archived Link

    මෙම පුවත්පතේ ඡායාරූප සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    සත්‍ය වශයෙන් ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙවන් ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කර දින 100ක් ගතවීම ත් සමඟ මේ දක්වා නව රජයේ ගමන්මග පිලිබඳ විවිධ පුවත් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් මේ දිනවල දැක ගන්නට ලැබෙනවා.

    සත්‍ය වශයෙන් ම ජනාධිපති අනුර, මැතිවරණයට පෙර ඒ මහතා විසින් රට භාරගත් දින සිට දින 100ක් ඇතුළ ත, ආර්ථික අර්බුදය විසඳන බවට ප්‍රකාශක් කර තිබුණේ ද, යන්න අප පරීක්ෂාවට ලක් කළා.

    ජනාධිපති විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණු අතර ඔහු විසින් මැතිවරණයට පෙර සිටම ප්‍රකාශ කර තිබුණේ, ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කරන බවට සහ ආර්ථික බිඳ වැටීමට කටයුතු නොකරන බවයි.

    කෙසේ වෙතත් ඉහත සඳහන් ලෙස පුවත් පතක සත්‍ය වශයෙන් ම පුවතක් පළ වී තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළ අතර එහිදී දක්නට ලැබුණේ, 2022 මාර්තු 12 දින නිකු ත් කළ ලංකාදීප පුවත්පතේ මුල්පිටුවේ පළ කරන ලද පුවත් වල පසුබිම ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා යොදා ගෙන ඇති පුවතේ පසුබිම හා සමාන බවයි.

    සමාජ මාධ්‍ය ඡායාරූපය

    සත්‍ය පුවත්පත

     එමෙන් ම එහි අනුර කුමාරා දිසානායක මහතාගේ දින 100 සම්බන්ධ පුවත නොව එහි පළ වී තිබුණේ,  “ශෂී වීරවංශගේ නඩු දෙකේ තීන්දුව දීම මැයි 6 දා ට කල්යයි” යන ශීර්ෂ පාඨයෙන් යුත් පුවතකි.

    ඒ අනුව පැහැදිලි වන්නේ, 2022 මාර්තු 12 දින නිකු ත් කළ ලංකාදීප පුවත්පතේ මුල්පිටුවේ පළවූ පුවතක් වන “ශෂී වීරවංශගේ නඩු දෙකේ තීන්දුව දීම මැයි 6 දා ට කල්යයි” යන පුවත් ලිපිය ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් , “අපිට රට බාර දුන්නම දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරනවා” යනුවෙන්, ජනාධිපති අනුර පැවසූ ප්‍රකාශයක් පුවත් පතක පළ වී ඇති බවට පෙන්වා දීමට කළ උත්සහයක් බවයි.

    පළමු දින 100 දී කිරීමට බලාපොරොත්තු වන දේ පිලිබඳ සාකච්ඡාවක දී තිය තිබුනේ මොනවා ද ?

    කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර දිසානායක මහතා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ පළමු දින 100 තුළ කිරීමට බලාපොරොත්තු වන කරුණු 5ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් බලය තහවුරු කරගැනීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටු වීම වැනි කරුණු ඉටු කර තිබූ අතර, නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම” දැනටමත් අධිකරණය විසින් ලබා දෙනු ලැබ ඇති තීන්දු ක්‍රියාත්මක කිරීම, දැනටමත් අධිකරණය විසින් ලබා දෙනු ලැබ ඇති තීන්දු ක්‍රියාත්මක කිරීම, පීඩිත ජනතාවට සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වැනි කරුණු ක්‍රියාත්මක වෙමින් පවතින වන අතර මීට සමගාමී ඇතැම් තීන්දු පමණක් ක්‍රියාත්මක කර ඇති බව බීබීසි සිංහල සේවය වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින්.

    නමුත් එහිදීද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණ දින 100 තුළ ආර්ථික අර්බුදය අවසන් කරන බවට සඳහන් නොකරයි. එමෙන් ම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද, ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක්, සටහනක් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර නමුත්, එහිදීද, නව ජනාධිපති පත් වී දින 100 ඇතුළත ආර්ථික අර්බුදය අවසන් කරන බවට සඳහන් නොකරයි. තව ද, ජනාධිපති අපේක්ෂක ලෙස දිසානායක මහතා දෙරණ 360 වැඩසටහනට පැමිණි අවස්ථාවේ මෙරට පවතින ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු පිළිබඳ මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න විසින් ගැටලු යොමු කරන අතර එහිදී ද, ජනාධිපති අනුර විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබේ.

    සැ.යු :  මෙම කරුණු විමර්ශනයෙන් වත්මන් ආණ්ඩුව පත් වී දින 100 තුළ සිදු කර ඇති හෝ සිදු කර නොමැති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ “අපිට රට බාර දුන්නම දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරනවා” යනුවෙන්, ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා, පුවත්පතකට සිදුකළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

    2022 මාර්තු 12 දින නිකු ත් කළ ලංකාදීප පුවත්පතේ මුල්පිටුවේ පළවූ පුවතක් වන “ශෂී වීරවංශගේ නඩු දෙකේ තීන්දුව දීම මැයි 6 දා ට කල්යයි” යන පුවත් ලිපිය ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් , “අපිට රට බාර දුන්නම දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරනවා” යනුවෙන්, ජනාධිපති අනුර පැවසූ ප්‍රකාශයක් පුවත් පතක පළ වී ඇති බවට පෙන්වා දීමට කළ උත්සහයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-01-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.