Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අගමැතිකම බාරගන්න අනුර සූදානම් !!  ඒ සඳහා ඔහුට ආරාධනා ලැබෙනවාද?

    2022-04-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔ

    රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ජවිපෙ නායකයා ආණ්ඩුවක් සෑදීමට සූදානම් බව පැවසූ බව සහ ඔහුට අගමැති ධූරයට ආරාධනා ලැබුණු බව සමාජ ජාලා සටහන් වල සදහන් වූයේ පහත පරිද්දෙන් .

    Facebook | Archived 

    Facebook | Archived

    මේ සටහන් වල දක්නට ලැබෙන දෑ නිවැරදිද , ?අනුර කුමාර ,ජවිපෙ නායකයා මේ මොහොතේදී ඡන්දයකින් තොරව ආණ්ඩු බලය/අගමැතිකම ලබාගැනීම සඳහා සූදානම්ද ??මේ අප විසින් ඒ පිළිබදව සිදු කළ කරුණු විමසා බැලීමක්. 

    Fact Checks (සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම විමසා බැලුවේ ජවිපෙ නායකයා මේ ආකාර ප්‍රකාශ සිදු කර ඇද්ද, යන්න සහ ඔහුට අගමැතිකම භාර ගැනීමට ආරාධනා කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල කරුණු වාර්තා කර තිබෙනවාද යන කරුණ කෙරෙහියි.එවැනි පුවත් නොමැති බව අපට පෙනී ගියා.

    ස්වර්ණවාහිනී Live at 8 සමාජ ජාලා පිටුවලද මෙවැනි පෝස්ටුවක් දක්නට නොමැති  බව අප කළ ගවේෂණයේදී පෙනී ගියා. 

    කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෑතකදී විපක්ෂයේ නායකයන්ටද ඇමති තනතුරු බාරගෙන රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මැඩලීම සඳහා සහාය ලබාදෙන ලෙස ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දින කීපයකට  පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වන අනුර කුමාර මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ මේ මොහොතේ ජනතාව ඉල්ලා සිටින්නේ විපක්ෂයත් සමග හවුලේ ආණ්ඩු කිරීම නොව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම බවයි. ඉදිරියට කල යුතු දේ ඉන් අනතුරුව තීරණය කළ හැකි බවත් ඔහු පවසනවා. ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ කරුණු පහතින් .(එහි මිනිත්තු 8 සහ 12 අතර ).

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ඉහත ප්‍රකාශය හා සබැදි පුවත්පත් වාර්තාවක් මෙතනින්. 

    මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද කරුණු විමසා බැලුවා.ඔවුන්ද පැවසුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් ආරාධනා කරණවා නම් ආණ්ඩුව බාර ගන්න අපි සූදානම් වැනි ප්‍රකාශයක් සිදු නොකළ බව සහ ඔහුට අගමැතිකම බාර ගැනීම සඳහා ආරාධනයක්ද නොලැබුණු බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් මේ මොහොතේ ආණ්ඩුව භාරගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කර නොමැති බව මෙන්ම ඔහුට අගමැති කම බාර ගැනීම සඳහා ආරාධනාවක්ද ලැබී නොමැති බවයි. 

    Read more : ‘නව අගමැති සජිත් ප්‍රේමදාස?

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.