Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධිතිය ලෙස හුවමාරු වන වීඩියෝවේ සත්‍ය කතාව!

    2021-05-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මිසයිල ප්‍රහාර මගින් අහසින් එල්ල වන සතුරු ආක්‍රමණ අවම කර ගැනීම සඳහා ඊශ්‍රාලය විසින් 2011 වසරේ සිට භාවිතා කරන ‘ඩොම්’ නැමැති ආරක්ෂක පද්ධතියක් පිළිබඳව මේ දිනවල ගාසාතීරයේ ප්‍රහාර දියත් කිරීමත් සමග නැවත වරක් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ ආරක්ෂක පද්ධති

    මිසයිල ප්‍රහාර මගින් අහසින් එල්ල වන සතුරු ආක්‍රමණ අවම කර ගැනීම සඳහා ඊශ්‍රාලය විසින් 2011 වසරේ සිට භාවිතා කරන ‘ඩොම්’ නැමැති ආරක්ෂක පද්ධතියක් පිළිබඳව මේ දිනවල ගාසාතීරයේ ප්‍රහාර දියත් කිරීමත් සමග නැවත වරක් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ලංකාවේ ද විවිධ උපහාසාත්මක සටහන් පළවුනා.

    මෙවන් පසුබිමක ද එම ආරක්ෂක පද්ධතිය මඟින් සතුරු ගුවන් තර්ජන මැඩලන බව පෙන්වන ආකාරයේ වීඩියෝවක් ද පසුගිය දින කිහිපයේ ලංකාවේ හුවමාරු වූ අතර ඒ පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ගේම් එකක් කියල හිතුවේ..Chathura Nagahawatte මල්ලි තමා කීවේ නෑ අයියේ ඔය ඊශ්‍රායෙල්, පලස්තීන ගේම් එක කියලා…” යන තේමාවෙන් හුවමාරු කරගෙන තිබු පහත වීඩියෝව ලක්ෂයකට වැඩි නැරඹුම් වාර ගණනක් ලබාගෙන තිබුනේ මේ වන විට පන්දහසකට වැඩි පිරිසක් අතර හුවමාරු වෙමින්.

    Facebook | Archived | Full Video

    මෙම දර්ශන පෙළම තවත් කිහිප දෙනෙක්ම හුවමාරු කර ගෙන තිබුනේ ද එවැනි ම තේමා යටතේය. “Game එකක් කියලාද හිතුවේ.. නෑ පලස්තීන & ඊශ්‍රායෙල් ගේම ..” යනුවෙන් මේ වන විට දෙදහසකට වැඩි පිරිසක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝ සටහනක් පහතින්.

    Facebook | Archived

    බොහෝ දෙනක් මෙය පැරණි වීඩියෝවක් බවටත් වීඩියෝ ක්‍රීඩාවක රුප පෙළක් බවට ද  දක්වා තිබු බවක් ද පෙනී ගියා. තව ද මෙම වීඩියෝ දර්ශන පෙළ සියත පුවත් ඔස්සේ විකාශය වී තිබූ අයුරක් ද ෆේස්බුක් පරිශීලකයෙක් පෙන්වා දී තිබුනේ මෙලෙසින්

    මෙහි ඇත්ත වශයෙන් ම අන්තර්ගත වූ වීඩියෝ ව සොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම වීඩියෝවේ කොටසක් ඡායාරූපයක් ලෙස ගෙන එය ගූගල් ඉමේජ් සෙවුම වෙත යොමු කරමින් මේ හා සමාන වීඩියෝ ඇත්දැයි සොයා බැලුවා. 

    එහිදී අපට පෙනී ගියේ ජපාන බසින් කරගෙන යන යූටූබ් චැනලයක මෙම වීඩියෝ පටයේ දර්ශන පෙළම 2020 අගෝස්තු මස යූටූබ් වෙත එකතු කර තිබු බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ කොටසක් එම වීඩියෝවෙන් පහත පරිදි අපට දැක ගන්නට පුළුවන්.

    YouTube | Archived

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ සහ ඉහත පරිගනක ක්‍රීඩා වීඩියෝවේ දර්ශන සංසන්දනයක් පහතින්

    එසේම ඉහත වීඩියෝවේ ඇති විස්තරය ජපන් බසින් සිංහලට පරිවර්තනය කල විට එහි ඇත්තේ ARMA3 නමින් හැඳින්වෙන පරිගනක ක්‍රීඩාවේ ඇති කොටසක් බව දක්වා තිබුණා. (ArmA 3 – A-10 Warthog/Thunderbolt C-RAM shooting Compilation)

    ARMA3 යනු යුධමය තත්ත්වයන් මූලික කරගෙන තැනුන පරිගනක ක්‍රීඩාවක් වන අතර එහි මේ ආකාරයේ සජීවීකරන කොටස් අන්තර්ගත කර තිබෙනවා. ඒ ආකාරයට ගත් වීඩියෝ පටයක් වැරදි ලෙස ඊශ්‍රායල් පලස්තීන යුධ ගැ‍ටුමක් ලෙස වැරදි ලෙස පෙන්වා දී ඇති බව අපට පෙනී යනවා.

    මෙම යූටූබ් චැනලයේ තවත් මෙම පරිගනක ක්‍රීඩාවේ වීඩියෝ කොටස් යූටූබ් වෙත එකතු කර තිබෙනු අපට දැකගන්නට හැකියි. ඒවායේද මෙම වීඩියෝ පටයට සමාන පසුබිම් දර්ශනය වනවා.

    Youtube1 | Youtube2 | YouTube3

    මෙම වීඩියෝවල ඇති ගුවන් යානාවල කළු දුමාරයේ ගමන් මඟ අහසෙහි ඉක්මනින් අතුරුදහන් වන අයුර අපට පෙනී යනවා. නමුත් සැබෑවටම නම් ගුවන් යානයක ගමන් මග නිසා ඇතිවන කලු දුමාරය බොහෝ වෙලාවක් අහසේ ‍රැඳී තිබෙනු අපට නිරීක්ශනය කල හැකියි.

    මේ හා සමාන වීඩියෝ මීට පෙර ද ලොව බොහෝ ප්‍රදේශවල ඊශ්‍රායලයේ මිසයිල වලට එරහිව ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතිය ලෙස හුවමාරු වී තිබෙන අතර Indiatoday පසුගිය වසරේ ඒ පිළිබඳව සිදුකළ කරුණු විමර්ෂණයක් සිදුකර තිබුණා.

    මේ පිළිබඳව අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්

    Also Read:

    FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

    Fake Alert: Japan did not set off fireworks intended for Tokyo Olympics 2020 as shown in this viral video

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ ඊශ්‍රායල් පලස්තීන ගැ‍ටුම් ලෙස දක්වමින් පල කර ඇති වීඩියෝව මේ දිනවල ගාසා තීරයේ සිදුවන ගැ‍ටුම් වලට අදාල වීඩියෝවක් නොවන බවයි. එය ArmA 3 පරිගනක ක්‍රීඩාවක වීඩියෝවක කොටසක් බව අපට තහවුරු කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.