
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ඇතැම් ඡායාරූප දුටු පමණින්ම ඒවා සත්ය බවට ඇතැමුන් නිගමනය කිරීමට පෙළඹෙන්නේ ඒවායේ ඇති තාත්වික ස්වභාවය මතයි. මේ ආකාරයෙන් ඩුබායි හි එමිරේට්ස් ගුවන් යානයක් දියමන්ති වලින් ඔබ්බවා ඇති ආකාරය සහ නත්තල වෙනුවෙන් දියමන්තියෙන් හැඩවූ ගුවන් යානාවක් යනාදී අර්ථකතනයන් යටතේ ලොව පුරා සමාජ මාධ්ය පරිශීලකයින් නොමඟ යවමින් හුවමාරු වූ ඡායාරුප සංස්කරණයක් පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ෂණය පහතින්.
සමාජ මාධ්ය සටහන් :
“එමිරේට්ස් දියමන්ති එබ්බවූ ගුවන් යානයක්” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන ආකාරයක් අපට දිගු කලක සිට දැක ගන්නට ලැබුණා. මෑතකද මෙලෙසෙ දක්වමින් ඡායාරූපයක් සංසරණය වූ ආකාරය පහතින්.

ජාත්යන්තරයේද සමාජ මාධ්ය පරිශීලකයින් අතර මෙම සටහන සංසරණය වී තිබෙනු අපට නිරීක්ෂණය වුණේ මේ අයුරින්.

ඩුබායි එමිරේට්ස් විසින් දියමන්ති එබ්බවූ ගුවන් යානයක් නිපදවා ඇති බවට විදේශිකයන් අතර මෙන්ම මෙරට පරිශීලකයින් අතර ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.
එසේම “නත්තල වෙනුවෙන් දියමන්තියෙන් හැඩවූ ගුවන් යානය” යන තේමාවෙන් ද මෙම ගුවන් යානයේම ඡායාරුපයක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

සත්ය වශයෙන්ම ඩුබායි එමිරේට්ස් විසින් දියමන්ති එබ්බවූ ගුවන් යානයක් නිපදවා ඇත්දැයි යන්න විමර්ශනය කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම):
ඉහත ඡායාරූපය දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, එක් ඡායාරූපයක එන්ජිම ආවරණයේද දියමන්ති වලින් ආවරණය කර ඇති බවයි. නමුත් තවත් ඡායාරූපයක දිස්වූයේ එහි එන්ජිමේ ආවරණය දියමන්ති වලින් ආවරණය කර නොතිබුණු බවයි.

ඒ හේතුවෙන් මෙහි නිරවද්යතාවය සෙවීම සඳහා මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එහිදී 2018 වර්ෂයේ දෙසැම්බර් 04 වන දා Emirates Airline විසින් නිකුත් කළ සිය නිල Twitter පණිවුඩයක දැක්වුණේ ඒ පිලිබඳ පසුමිබ් කතාව දක්වා තිබුණා. ‘Bling’777 නමැති දියමන්ති එබ්බවූ ගුවන් යානයක ඡායාරූපයක් එහි පළකර තිබුනේ එම ඡායාරුපය නිර්මාණය කරන ලද්දේ, Sara Shakeel නමැත්තියක බව සඳහන් කරමින්.
Presenting the Emirates ‘Bling’ 777. Image created by Sara Shakeel 💎💎💎 pic.twitter.com/zDYnUZtIOS
— Emirates (@emirates) December 4, 2018
මෙම ඡායාරූපය හේතුවෙන් ඇතැම් පිරිස් එම Twitter පණිවුඩයට ප්රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ, මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දියමන්ති එබ්බවූ සත්ය ගුවන් යානයක්ද යන්නයි. Tweet | Archived Link | Tweet | Archived Link
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් Gulf News වෙබ් අඩවිය එමිරේට්ස් මාධ්ය ප්රකාශකගෙන් විමසීමක් කළ ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ, එමිරේට්ස් සතුව දියමන්ති වලින් ආවරණය කරන ලද ගුවන් යානයක් නොමැති බවයි. එමිරේට්ස් ට්විටර් ගිණුම මගින් පළ කර තිබුණේ, Sara Shakeel ශිල්පිනිය විසින් සාදන ලද කලා කෘතියක් බවත් එය සැබෑ ගුවන් යානයක් නොවන බවයි. මෙසේ එමිරේට්ස්හි Boeing 777 ගුවන් යානයක ඡායාරුපයක් සංස්කරණය කරමින් සිදුකල නිර්මාණය පිලිබඳ සඳහන් වෙබ් වාර්තාව පහතින්.

Sara Shakeel යනු ලන්ඩන් හි වෙසෙන පකිස්ථාන ජාතික දන්ත වෛද්යවරියක් වූ පසු කාලීනව ඩිජිටල්, ඡායාරූප මත සහ ත්රිමාණ වස්තූන් මත glitter සහ Swarovski භාවිතා කරමින් කොලෙජ් නිර්මාණය කිරීම සඳහා ප්රසිද්ධයක් උසුලන කාන්තාවකි. ඒ බවට දැක්වෙන විකිපීඩියා වාර්තාව මෙතනින්.
2018 වසරේ දෙසැම්බර් 04 වන දා ඇය සිය Instagram පිටුව හරහා මෙම ඡායාරූපය පළ කර තිබුණේ, ඉතාලියේ මිලාන් හි පවත්වන සම්මාන උළෙලකට නිර්දේශ වී තිබූ ඇයගේ කලා කෘතියක් සඳහා ජයග්රහණය කිරීමත් එම සම්මානය ලබා ගැනීම සඳහා ඇය පිටත් වන බවටත් දැනුම් දීමටයි.
View this post on Instagram
කෙසේ වෙතත් මෙම ඡායාරූපය සමාජ මාධ්ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමග මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සැබවින්ම දියමන්ති එබ්බවූ ගුවන් යානයක්ද යන්න විමසීම හේතුවෙන් ඊට ප්රතිචාර වශයෙන් ඇය විසින් නැවතත් සිය Instagram ගිණුම හරහා එහි ගුවන් එන්ජිම ආවරණය කොටස දියමන්ති වලින් ආවරණය නොකොට එක් කරමින් සඳහන් කර තිබුණේ, මිලානෝ චාරිකාවේ සම්බන්ධයෙන් ඇතිවූ උද්යෝගය හේතුවෙන් තමන් විසින් නිර්මාණය කළ ඉහත ඡායාරූපය මාධ්ය සහ සමාජ මාධ්ය ඔස්සේ ඉතාමත් ඉහුලව ප්රතිචාර ලැබුණු බවත්, එම කොලාජ් නිර්මාණය කළේ තමන් බවත් දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link
2018 නිර්මාණය කරන ලද මෙම ඡායාරූපය සමාජයේ බහුලව හුවමාරු වීම හා මෙම ඡායාරූපට සම්බන්ධයෙන් වෙබ් අඩවියක් ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මෙතනින්.
ඇයගේ Instagram පිටුව නිරීක්ෂණය කිරීමේදීද මෙලෙසින් නිර්මාණය කරන ලද ඡායාරූප අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ඇයගේ Instagram පිටුවට පිවිසීම මෙතනින්.
මේ වන විටත් මෙම ඡායාරූපය පිළිබඳ කරුණු පරීක්ෂාවන් සිදුවන බව සඳහන් කරමින් මෙය තමන් විසින් කරන ලද නිර්මාණයක් මිසක් සත්ය සිදුවීමක් නොවන බවට ඇය විසින් පළ කරන ලද Facebook සටහන පහතින්.
එමිරේට්ස් Instagram පිටුවේ පළ කරන ලද ඇයගේ තවත් ඡායාරූපයක් පහතින්.
View this post on Instagram
ඇය විසින් නිර්මාණය කරන ලද වෙනත් ගුවන් යානයක ඇතුළත ඡායාරූපයක් පහතින්.
View this post on Instagram
තවත් ඡායාරූප මෙතනින් සහ මෙතනින්.
දියමන්ති එබ්බවූ එමිරේට්ස් ගුවන් යානය සත්යක් ද යන්න බවට කරුණු පරීක්ෂාවන් සිදු කළ තවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් දියමන්ති එබ්බවූ ගුවන් යානයක් නිපදවා ඇති බව හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ එමිරේට්ස් හි සැබෑ Boeing 777 ගුවන් යානයක ඡායාරුපයක් යොදාගනිමින් එය දියමන්තිවලින් ආවරණය කර ඇති බවට පෙනුමක් ලබාදෙමින් පරිඝණකය හරහා සිදුකරන ලද නිර්මාණයක් පමණකි. මෙය සත්ය වශයෙන් නිපදවා ඇති බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ අතර ජාත්යන්තරයේද අවධානය දිනා ගත් ඡායාරූපයකි. පාකිස්ථාන ජාතික Sara Shakeel විසින් මෙම ඡායාරූපය නිර්මාණය කර තිබේ.



