Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    හෝමාගම උද්‍යානයේ අයිතිකරු ජ.වි.පෙ ප්‍රාදේශීය නායකයෙකු වන අරුණ පනාගොඩ ද?

    2023-10-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා සමාජයේ කතා බහට ලක් වූ හෝමාගම ප්‍රදේශයේ උද්‍යානයක බාල වයස්කාර දරුවන් අසභ්‍ය අයුරින් හැසිරෙන බව ට සඳහන් කරමින් පොලීසිය විසින් වැටලීමක් සිදු කිරීමේ සිදුවීමේ එම උද්‍යානයේ අයිතිකරු ල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පසුගිය දා සමාජයේ කතා බහට ලක් වූ හෝමාගම ප්‍රදේශයේ උද්‍යානයක බාල වයස්කාර දරුවන් අසභ්‍ය අයුරින් හැසිරෙන බව ට සඳහන් කරමින් පොලීසිය විසින් වැටලීමක් සිදු කිරීමේ සිදුවීමේ එම උද්‍යානයේ අයිතිකරු ලෙස ට සඳහන් කරමින් ජවිපෙ පාක්ෂිකයෙකු සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක එළමහන් කුටිවල, පාසල් යන වයසේ දරුවන් ‍සිටින බවට පළ වූ සිද්ධියේ එම උද්‍යානයේ අයිතිකරු මාලිමාවේ හෝමාගම නායක අරුණ පනාගොඩ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. 

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    හෝමාගම නගරයේ පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක, ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කුටි තුළ කාලය ගතකළ පාසල් යන වයසේ දරුවන් බවට සැකකළ කිහිප දෙනෙකු හෝමාගම පොලීසිය භාරයට ගෙන තිබුණා.

    මෙම උද්‍යානයේ අයිතිකරු බව පැවසූ පුද්ගලයෙකු සමගින් එම වැටලීම සිදු කළ හෝමාගම පොලිස් ස්ථානාධිපති සිදු කරන ලද කතා බහ මාධ්‍ය ඔස්සේ ද, පළ වුණේ මෙලෙසින්.

    ඉහත සටහන් වල දක්වා තිබූ අයුරින් එම උද්‍යානයේ අයිතිකරු ලෙස සඳහන් කළ පුද්ගලයාගේ ඡායාරූපය සහ ඉහත මාධ්‍ය මගින් පෙන්වූ වීඩියෝවේ අයිතිකරු ලෙස සඳහන් කළ පුද්ගලයාගේ හැඩරුව වෙනස් බව ද, එම වීඩියෝ ව පරීක්ෂා කිරීමේදී පෙනී යනවා.

    ඔවුන්ගේ ඡායාරූප සංසන්දනය පහතින්.

    අප මේ පිළිබඳව පරීක්ෂා කිරීමට එම උද්‍යානයේ කළමණාකරුගෙන් විමසීමක් කළ අතර එම උද්‍යානයේ අයිතිකරුගේ නම අප වෙත සඳහන් කරනු ලැබුවා. ඒ අනුව ද, එම අයිතිකරු ජවිපෙ හිටපු හෝමාගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ පනාගොඩ නොවන බව තහවුරු කර ගැනීමට හැකි වුණා.

    තව ද මේ පිළිබඳව හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමේ දී හෝමගම අදාළ උද්‍යාන අංගනයේ සැබෑ අයිතිකරුගේ නම අප වෙත පැවසු අතර එය අරුණ පනාගොඩ මහතා නොවන බවත් තහවුරු කර සිටියා.

    එමෙන් ම අරුණ පනාගොඩ මහතාගෙන් ද, අප මේ සම්බන්ධයෙන් විමසූ අතර ඒ මහතා සඳහන් කළේද, එහි අයිතිකරු වෙනත් පුද්ගලයෙකු බවත්, ඔහුගේ නම ද, අප වෙත පැවසූ අතර, එම උද්‍යානයේ කළමණාකරු, හෝමාගම පොලිස් ස්ථානාධිපති විසින් ද, සඳහන් කළ නම සමාන නමකි. 

    එසේම තමන්ගේ නම ඈදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණට මඩ ගැසීමට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බවට, මෙම සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කරමින් අරුණ පනාගොඩ මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනක් පහතින්.

    Facebook | Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක එළමහන් කුටිවල, පාසල් යන වයසේ දරුවන් ‍අශෝභන ආකාරයට හැසිරීම පිලිබඳ වාර්තා වූ සිද්ධියේ දී, අදාළ උද්‍යානයේ අයිතිකරු වුයේ ජාතික ජන බලවේගයේ හෝමාගම ප්‍රදේශයේ නායකයෙකු වන අරුණ පනාගොඩ බවට පළවූ සටහන් අසත්‍ය බවයි. එහි හිමිකරු වෙනත් පුද්ගලයෙකු බව හෝමාගම පොලිස් ස්ථානාධිපති, අදාළ උද්‍යානයේ කළමණාකරු තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-10-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.