Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇමෙරිකාවේ පාසල්වල ඉගැන්වීම කටයුතු සඳහා හමුදා සෙබලුන් අනුයුක්ත කර තිබේද?

    2022-02-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොවිඩ් වසන්ගතයේ ව්‍යාප්තියත් සමගම ලෝකයේ සෑම රටක්ම පාහේ මෑත ඉතිහාසයේ අත් නොදුටු අපහසු කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම කාල වකවානුව තුළ ඇතැම් රටවල් හි සන්නද්ධ බලකායේ(මිලිටරි) කාර්‍යභාරයන්ද වෙනසකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ,නිරෝධා

    කොවිඩ් වසන්ගතයේ ව්‍යාප්තියත් සමගම ලෝකයේ සෑම රටක්ම පාහේ මෑත ඉතිහාසයේ අත් නොදුටු අපහසු කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම කාල වකවානුව තුළ ඇතැම් රටවල් හි සන්නද්ධ බලකායේ(මිලිටරි) කාර්‍යභාරයන්ද වෙනසකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ,නිරෝධායන මධ්‍යස්ථාන ආදිය සදහාද ආරක්ෂක අංශවල මැදිහත්වීමක් අපට දැකගන්නට ලැබෙනවා .කෙසේ  වෙතත් සන්නද්ධ අංශවල මෙම මැදිහත්වීම් පිළිබදව නොමගයවන සුලු  සටහන්ද අපට සමාජ ජාල හරහා දැකගන්නට ලැබෙනවා.මේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලිටරි අංශ සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවූ නොමගයවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් හමුදා සෙබලෙක් පාසලක උගන්වන ආකාරය නිරූපණය වන ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.

    “ගුරු හිගය නිසා ඇමෙරිකාවේ National Guard ගුරු සේවයට -Wall Street Journal “

    “අධ්‍යාපනය මිලිටරිකරණය කරනවා කියන්න ,එහේ ජෙප්පො නැතුව ඇති “

    Facebook | Archived

    මෙයින් අදහස් කර තිබෙන්නේ, ඇමරිකාවේ පවතින ගුරු හිඟය හේතුවෙන් මේ ආකාරයට සෙබළුන් ගුරු සේවයට යොදවා ඇති බවත් ඒ සඳහා විරෝධතාවයක් එල්ල වී නොමැති බවත්ය.

    මෙම සටහනේ ඇති කරුණු සලකා බලා, මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    අප විසින් මුලින්ම අවධානය යොමුකළේ Wall Street Journal ලිපිය පිළිබදවයි .

    එහි සටහන්ව ඇත්තේ ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පවතින කොවිඩ් තත්ත්වය , නිරෝධායන තත්ත්ව ආදිය නිසා පාසල් වල ගුරුවරුන්ගේ පැමිණීමේ හිගතාවය නිසා ස්වේච්ඡාවෙන් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙස එහි ආණ්ඩුකාරවරිය විසින් ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි. ඒ අනුව ආරක්ෂක අංශ සාමාජිකයන් 79 දෙනෙකු ගුරුවරුන් ලෙස පොදු පාසල්වල සේවයේ   නිරතවන බව මෙහි සටහන්ව තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රාන්ත 50 ක් පවතින ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙත් ප්‍රාන්තවල ආරක්ෂක අංශ සාමාජිකයන් ගුරු සේවයට අනුයුක්ත කර ඇති බවත් මෙහි සදහන් වන්නේ නැහැ. එම ලිපියට පිවිසීම මෙතනින්. Archived

    National Guard ලෙස හැදින්වෙන මිලිටරි කණ්ඩායම පිළිබදවත් අපසොයා බැලුවා.National Guards ලෙස හැදින්වෙන්නේ එක්සත් ජනපද යුධ හමුදාවට සහ ගුවන් හමුදාවට සම්බන්ධව ඒ ඒ ප්‍රාන්ත කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන මිලිටරි කණ්ඩායමක්. ඒ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්.Archived  

    ඉන් අනතුරුව අප විමසා බැලුවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය මේ පිළිබදව කිසියම් සමාජ ජාලා සටහනක් පළකර ඇතිද යන කාරණය පිළිබදවයි.එහිදී අපට ඇය මේ සම්බන්ධයෙන් පළකල සමාජ ජාලා සටහනක් දැකගන්නට ලැබුණා.එහිදී ඇය National Guard සේවයට සම්බන්ධ හමුදා සෙබලුන්ගෙන් පමණක් නොව රාජ්‍ය සේවකයන්ගෙන්ද පාසල් වලට පැමිණ ගුරු සේවයේ යෙදෙන ඉල්ලූ බව සදහන් කර තිබෙනවා.එයට හේතුව ලෙස ඇය සදහන් කරන්නේ කොවිඩ් වසංගතය නිසා සිදුවූ ගුරු සේවයේ පුරප්පාඩුයි.

    Facebook | Archived 

    මේ පිළිබදව තිබෙන වෙනත් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද අප විසින් විමසා බැලීමක් සිදු කළා.

    ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන Associated Press වාර්තාවේ සදහන් වන්නේ මෙය ඇමෙරිකානු ප්‍රාන්තයක් මගින්  මිලිටරි නිලධාරීන්ව ගුරුවරුන් ලෙස සේවයට යොදාගත් පළමු අවස්ථාව වන බවයි. එමගින් මෙය එක්සත් ජනපදය පුරා මෙතෙක් සිදු කෙරුණු දෙයක් නොවන බව තහවුරු වනවා. කෙසේනමුට්ත් ප්‍රාන්ත විපක්ෂනායකවරයා වන Jim Townsend මේ පිළිබදව පවසා ඇත්තේ හමුදා සාමාජිකයන් මේ ආකාරයෙන් ගුරුවරුන් ලෙස යොදාගැනීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.හමුදා සාමාජිකයින් පුහුණුව ඇත්තේ වෙනත් කාර්‍යයන් සදහා වන බව ඔහු පවසනවා.පවතින අර්බුදයන්ට විසදුම් ලබාදීමට ආණ්ඩුකාරවරිය සතු නොහැකියාව වසා ගැනීමට ගත් තීරණයක් බවයි ඔහු පවසන්නේ .මේ අනුව සමාජ ජාලා සටහන්වල ඇති ආකාරයට හමුදා සාමාජිකයන්  ගුරුවරුන් ලෙස යොදාගැනීමට  විරෝධතා දක්නට ලැබෙන්නේ නැති සදහනද සත්‍ය නොවන බවද තහවුරු වනවා .එම වාර්තාව මෙතනින්. Archived

    NPR පුවත් සේවයද මේ පිළිබදව වාර්තා කර තිබෙනවා. ප්‍රාන්ත ගුරුවරියක් වන Jennifer Barnwell , NPR පුවත් සේවයට පවසා තිබුණේ මෙය කිසිසේත්ම ප්‍රායෝගික නොවන විසදුමක් බවයි.දරුවන්ගේ මානසික සහ චිත්තවේගීය අවශ්‍යතා සපුරාලීමට මෙම ආරක්ෂක අංශ සාමාජිකයන්ට හැකිද යන කාරණය ඇය විසින් ප්‍රශ්න  කරනවා .

    New Mexico හි තරුණ නීතිවේදීන්ගේ සංගමයක් වන New Mexico Youth Justice Coalition පවසන්නේ මෙම ක්‍රියාදාමය මගින් ප්‍රාන්තයේ තරුණ ප්‍රජාව මිලිටරිකරණයට ලක්වන බවයි.

    ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය පවසන්නේ සුදුසුකම් ලත් ගුරුවරුන් සේවයට බදවා ගැනීමට සැලසුම් ඉදිරිපත් කර ඇති බවයි.එමෙන්ම මෙම තීරණය පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ගත් එකක් බවත් ඇය පවසනවා .මේ පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived.

    මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් පහතින් .

    අප මේ පිළිබදව ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්‍යාලයෙන්ද විමසූ අතර ඔවුන් ලබාදෙන ප්‍රතිචාර අනුව මෙම සටහන යාවත්කාලීන වනු ඇත. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය මගින් හමුදා සෙබලුන් පාසල් වල ගුරුවරුන් ලෙස ඉගැන්වීමේ කටයුතු සදහා යොදාගෙන ඇතැයි පළවන සටහන නොමග යවන සුලු බවයි. ඇමරිකාවේ ප්‍රාන්ත 50 න් එකක්වන නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පමණක් මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය සහ වෙනත් හේතු  නිසා පවතින ගුරු හිගයට තාවකාලික විසදුමක් ලෙස මෙසේ සෙබලුන් සුලු පිරිසක් ගුරු ආදේශක ලෙස සේවයට යොදවා ඇත. කෙසේ වෙතත් මෙම කටයුත්ත සඳහා ද නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ විපක්ෂයෙන් මෙන්ම වෙනත් පර්ශවය වලින් ද විවේචන එල්ලවෙමින් පවතී.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.