Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තලකොටුව ගාර්ඩ්න්ස් පෙට්‍රල් පෝලිමේ දී සිදුවූ මරණයක් ද?

    2022-06-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාව දැනට මුහුණදෙමින් පවතින උග්‍ර ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන පිරවුම් අසළ ඉතා විශාල වාහන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර දවස් ගණන් වැය කරමින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිම් වල රැඳී සිටින ජනතාව අපහසුතාවයට පත්ව ඇති ආකාරයත් ඒ අතර ඇතැමුන් මරණයට පත් වූ ආකාරයත් අප

    ලංකාව දැනට මුහුණදෙමින් පවතින උග්‍ර ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන පිරවුම් අසළ ඉතා විශාල වාහන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර දවස් ගණන් වැය කරමින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිම් වල රැඳී සිටින ජනතාව අපහසුතාවයට පත්ව ඇති ආකාරයත් ඒ අතර ඇතැමුන් මරණයට පත් වූ ආකාරයත් අපට ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම වාර්තා වනවා. 

    මෙවැනි පසුබිමක කොළඹ 05 , තලකොටුව උද්‍යාන මාවතේ දී ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු මරණයට පත්වූ ආකාරය ලෙස දක්වමින් ඡායාරූපක් ද සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප කළ සිදුකළ කරුණු අනාවරණයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    තලකොටුව උද්‍යාන මාවත (Thalakotuwa Gardens) අසල පෙට්‍රල් පෝලිමේ තවත් මරණයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් හුවමාරු වුණා.

    Facebook | Archived Link

    ‘පෙට්‍රල් පෝලිමේ තවත් මරණයක්’ යන තේමාවෙන් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    එසේම තලවතුගොඩ ඉන්ධන පෝලිමක සිදු වූ මරණයක් ලෙසද, මෙම ඡායාරූපය ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර තිබුණේ මෙලෙසින්. Archived Link

    මේ හේතුවෙන් මෙම සටහන්වල නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පසුගිය ජුනි 16 වන දා සිට මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණ හෙයින්, පෙට්‍රල් පොලිමක දී සිදුව තිබු මරණ සම්බන්ධයෙන් මෙම සිදු වීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා කර තිබුණාද යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.

    කෙසේනමුත් එදින පානදුර, වෑකඩ ප්‍රදේශයේ 55 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත් වී තිබූ බවට මාධ්‍ය ඔස්සේ මෙලෙසින් වාර්තා කළ තිබුණද, තලකොටුව උද්‍යාන මාවත අසළ ඉන්ධන පෝලිමක සිදු වූ මරණයක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් වී තිබුනේ නැත.

    කිරුළපන පොලිස් ස්ථානාධිපති

    තලකොටුව උද්‍යානය ප්‍රදේශය අයත් වන පොලිස් ස්ථානය වන කිරුළපන පොලිස් ස්ථානාධිපතිගෙන් අප මෙම සිදුවීම පිළිබඳ විමසා සිටියා.

    පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම සිදුවීම එම ප්‍රදේශයේ පෙට්‍රල් පෝලිමක දී සිදු වූ මරණයක් නොවන බවයි. තලකොටුව උද්‍යාන මාර්ගයේ ඇති ඉල්මා ජාත්‍යන්තර බාලිකා පාසල අසල රථ ගාලේ දී, තම මිණිපිරිය පාසලින් රැගෙන යාමට පැමිණි මුත්තණුවන්, හදිසි රෝගී තත්ත්වයක් මත එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වීමෙන් සිදුවූ මරණයක් බව ඔහු තහවුරු කර සිටියා.

    එම මාර්ගයේ ඇති ඉල්මා ජාත්‍යන්තර බාලිකා පාසල සහ ආසියානු ජාත්‍යන්තර පාසල් කාර්ය මණ්ඩලයෙන් ද අප විමසීමක් කරනු ලැබුවා.

    ආසියානු ජාත්‍යන්තර පාසල(AIS)

    අප මෙම පාසලේ ආරක්ෂක නිලධාරීගෙන් කළ විමසීමේදී, ඔහු සඳහන් කළේ, ආසියානු ජාත්‍යන්තර පාසලේ 1වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකගේ මුත්තණුවන්, AIS පාසල අසළ ඇති ඉල්මා ජාත්‍යන්තර බාලිකා පාසල අසල රථ ගාලේ, මෝටර් රථය ගාල් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබු බවයි.

    ‍එම අවස්ථාවේ පාසල් නිමවීම හේතුවෙන් පැවති රථ වාහන තද බදය හේතුවෙන් පොලිස් නිලධාරීන්ද ඒ අවට සිටි ඇති අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලිස් නිලධාරීන් සමග ඊට සුළු මොහොතකට පෙර ද කතා බස් කර තිබු බවත් අනතුරුව ඔහුට ක්ලාන්ත ගතියක් පැමිණීම හේතුවෙන් මෝටර් රථයේ අසුනේ සිටියදී මෙම අනතුරුට මුහුණ පා, මරණයට පත්ව තිබු බවත් පවසා සිටියා.

    එම අවස්ථාවෙදී, ඒ අසල සිටි වෛද්‍යවරයෙකු ද පැමිණ එම පුද්ගලයා පරීක්ෂා කළ ද, ඒ වන විටත් ඔහු මිය ගොස් තිබූ බවට වෛද්‍යවරයා ද තහවුරු කළ බව එම ආරක්ෂක නිලධාරියා පවසා සිටියා.

    එමෙන්ම, කිසිදු ඉන්ධන පෝලිමක් එම මාර්ගයට ඇතුළත් වී නොතිබුණ බවත්, ඒ ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හල් වන්නේ, Lanka Hospital අසල ඇති ඉන්ධන පිරවුම් හලත්, කොළඹ 05 මයුර කෝවිල අසල ඇති ඉන්ධන පිරවුම් හල බවත්, එම පෝලිම් කිසිවක් තලකොටුව උද්‍යාන මාර්ගයට අවතීර්ණය නොවන බවයි, අප කළ වැඩිදුර විමසීමේදී ඔහු සඳහන් කළේ.

    Google Maps

    ඉහත සිතියමේ අදාළ සිද්ධිය සිදුවූ ස්ථානය, කොළ පාටින් ලකුණු කර ඇති තලකොටුව උද්‍යාන මාර්ගයේ , රතු පැහැති ඊතලයකින් පෙන්වා ඇති අතර, ලංකා රෝහල අසල ඇති IOC ඉන්ධන පිරවුම් හලේ මොටර් රථ පෝලිමේ වාහන පෝලිම් ගාල් කර ඇති මාර්ග ද, අනෙක් පසින් තලකොටුව උද්‍යාන මාර්ගය අසළ ඇති ඉන්ධන පිරවුම් හලවල් වෙත මෝටර් රථ පෝලිම් ගාල් කර ඇති මාර්ග කළු පැහැති ඊතල ඔස්සේ පෙන්වා දී තිබේ.

    එසේම Google  Street View ඔස්සේ (2022 මාර්තු දර්ශන) තලකොටුව උද්‍යාන මාර්ගයේ අදාළ ප්‍රදේශය පරීක්ෂා කිරීමේ දී ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ පසුබිම ට බොහෝ සෙයින් සමාන බව මෙසේ පෙනී යනවා.

    එමෙන්ම AIS ගුරුවරියෙකු වන රොෂෙල් මෙල්ඩර් ද, තහවුරු කළේ, පෙට්‍රල් පෝලිමකදී මිය ගිය පුද්ගලයෙකු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ අසත්‍ය තොරතුරක් බවත්, එය ආසියානු ජාත්‍යන්තර පාසල අසල රථ ගාලකදී සිදුවූ හදිසි මරණයක් බවයි. 

    එමෙන්ම තලකොටුව උද්‍යානයේ, මෙම සිදුවීමට සිදුවූ ස්ථානය ආසන්නයේ ඇති අවන්හලකින් ද (Tub on the Rocks), අප මේ පිළිබඳව විමසා සිටි අතර ඔවුන්ද, ඉහත තොරතුරු තහවුරු කළ අතර, ඉන්ධන පෝලිම් එම මාර්ගයේ මේ වෙන තෙක් කිසිදු අවස්ථාවක තිබුනේ නැති බවත් තහවුරු කරන ලදී.

    කෙසේනමුත් මෙරට විවිධ ස්ථානවල ඉන්ධන පෝලිම්වලින් පුද්ගල මරණ කිහිපයක් පිලිබඳ පසුගිය දින කිහිපයේ දී වාර්තා වී තිබුණි.

    සැ.යු. මෙම මරණය සිදුවීමට පෙර අදාළ පුද්ගලයා කිසියම් හෝ ඉන්ධන පිරවුම්හලක පෝලිමක සිටියා ද නැත්ද යන්න අපට ස්වාධීනව සත්‍යාපනය කල හැකි කරුණක් නොවේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, පෙට්‍රල් පෝලික දී සිදුවූ තවත් මරණයක් යනුවෙන්, තලකොටුව උද්‍යාන මාර්ගයේ දී මෝටර් රථයක් තුළ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ සටහන් නොමග යවන සුළු බවයි. එය තලකොටුව උද්‍යාන මාර්ගයේ ඇති ආසියානු (AIS) / Ilma ජාත්‍යන්තර පාසල් අසල රථ ගාලේදී සිදු වූ මරණයකි.

    ආසියානු ජාත්‍යන්තර පාසලේ (AIS) ඉගෙනුම ලබන තම මිණිපිරිය රැගෙන යාමට පැමිණි මුත්තණුවෙකු මෙලෙස ජීවිතක්ෂට පත් වී තිබුණේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් බවට කිරුළපන පොලීසිය සහ එම ජාත්‍යන්තර පාසලේ ආරක්ෂක නිලධාරී මෙන්ම ගුරුවරියකද, තහවුරු කරනු ලැබුවා.

    එසේම තලකොටුව උද්‍යාන මාර්ගයේ මෙතෙක් ඉන්ධන පෝලිම් පෙළ ගැසී නොතිබුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.