Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අටලුගමදි සෞඛය නිලධාරීන්ට කෙල ගැසු පුද්ගලයාට වසර පහක සිර දඬුවමක් නියම කර කළාද?

    2020-12-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමහර ප්‍රදේශවාසීන් කෝවිඩ් මර්දන රාජකාරියෙහි නිරත සෞඛ්‍ය නිලධාරීන්ට සහයෝගය නොදෙන බව පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය හරහා වාර්තා වී තිබුණි. මෙවන් පසුබිමක කෝවිඩ් ආසාදිතයකු රෝහල් ගත කිරීමට අටලුගම ප්‍රදේශයට ගිය සෞඛ්‍ය නිලධාරි පිරිසකට එම ආසාදිතයා විසින් කෙල ගසා රා

    සමහර ප්‍රදේශවාසීන් කෝවිඩ් මර්දන රාජකාරියෙහි නිරත සෞඛ්‍ය නිලධාරීන්ට සහයෝගය නොදෙන බව පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය හරහා වාර්තා වී තිබුණි. මෙවන් පසුබිමක කෝවිඩ් ආසාදිතයකු රෝහල් ගත කිරීමට අටලුගම ප්‍රදේශයට ගිය සෞඛ්‍ය නිලධාරි පිරිසකට එම ආසාදිතයා විසින් කෙල ගසා රාජකාරියට බාධා කළ බව ප්‍රධාන මාධ්‍ය වාර්තා පලකර තිබෙණු නිරීක්ෂණය විය.

    අටලුගමදි සෞඛ්‍ය නිලධාරීන්ට කෙල ගසා රාජාකාරියට බාධා කළ කොරොනා ආසාදිතයාට වසර පහක සිර දඬුවමක් ලබා දුන් බවට සමාජ මාධ්‍යයන්හි ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයෙන් තහවුරු වුයේ එම සටහන් සාවද්‍ය බවය. දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මෙම පුද්ගලයා දෙසැම්බර් මස අග නැවත උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “අටොලුගමදි PHI මහතාට කෙලගැසු අමනයාට වසර 5ක සිර දඬුවම්” වදන රෝපනය කර Jayasuriya Jart නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කරතිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙණු දක්නට ලැබුණි.

    FacebookArchived Link

    මේ තේමාවෙන් ම “අටුලුගමදී කෙළ ගැසූ පුද්ගලයාට වසර 05ක සිරදඬුවමක් ..” යනුවෙන් හුවමරු වූ සටහන් රැසක් ද අපට දැකගනන්ට ලැබුණා.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම කරුණු සනාථ කර ගැනීමට අප බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිතුමන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් PHI මහතාට කෙලගැසු ප්‍රදේශවාසියා අත්අඩංගවට ගෙන zoom තාක්ෂණය මගින් මගින් මහෙස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කල අතර ඔහු දෙසැම්බර් මස 24 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්තුමා, නියෝග කළ බවත්, ඔහුව දෙසැම්බර් 24වනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත්, ඔහුට වසර පහක සිර දඬුවමක් හිමිවී ඇති බවට ඇති ප්‍රවෘත්තිය සාවද්‍ය බවත් ඔහු සඳහන් කළේය.

    මෙම සටහනට මුල්වූ පුවත් පරීක්ෂා කළෙමු. “අටුලුගමදී කෙළ ගැසූ පුද්ගලයාට වසර 05ක සිරදඬුවමක් ?” සිරස්තලයෙන් අද දෙරණ වෙබ් අඩවිය පහත ඇති සාරාංශ ගත සටහන වාර්තා කර තිබුණි. එම වාර්තා පහතින් 

    “කොවිඩ් ආසාදිත යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත්බව හේතුවෙන් වෛරසය ආසාදනය වී වෙනත් අයෙකු මියගියහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නොසැළකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තවත් අයෙකුගේ මරණය සිදුකිරීම යන කරුණ සම්බන්ධයෙන් නඩු පවරන්නට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

    ටීවී දෙරණ ඔස්සේ විකාශය කෙරෙන ‘BIG FOCUS’ වැඩසටහන සමග සම්බන්ධවෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

    සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගැසූ පුද්ගලයා සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් ආසාදිතයින් සැඟවීමට භාවිත කරන නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන්ද පියවර රැසක් ගැනීමට නියමිත බව ඔහු පෙන්වා දෙයි. 

    “යම්කිසි කෙනෙක් කොවිඩ් රෝගය තියෙද්දී PCR කරන්නේ නැතුව නොසැළකිළිමත් ලෙස ඉඳලා ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් රෝගය වැළඳිලා තවත් අයෙකු මියගියොත් එවිට ඒ පුද්ගලයාට එරෙහිව නොසැළකිළිමත් ක්‍රියාවකින් යම් තැනැත්තෙකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 298වන වගන්තිය යටතේ නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා. එහෙම නඩුවක් පැවරුවොත් ඔහුට වසර 05 සිට වසර 10 දක්වා කාලයකට බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් නියම කිරීමේ හැකියාව තිබෙනවා. ද්වේශ සහගතව කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට උත්සහ කරන අයෙකුට අවුරුදු 03 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන්”

    Ada DeranaArchived

    එම සම්පුර්ණ සංවාදය පහතින්

    මෙම පුවත රූපවාහිනී පුවත් සේවය මෙසේ වාර්තා කර තිබු අතර බොහෝ මාධ්‍ය හරහා ඔහුට නීතිය ක්‍රියාත්මක කරන ලෙස වාර්තා පලවී තිබෙනු දක්නට ලැබුණි.

    එසේම “බස්වලින් යද්දී අටලුගම ආසාදිතයෝ පොලිස් මුරපොළ මග දෙපස කෙළ ගහලා” යනුවෙන් පුවතක් අද (22) වාර්තා වී තිබු අයුරක් ද අපට මෙසේ දැක ගන්නට ලැබුනා

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අටලුගමදි සෞඛ්‍ය නිලධාරීන්ට කෙල ගසා රාජාකාරියට බාධා කළ පුද්ගලයා දෙසැම්බර් 24වනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙයි. යම්කිසි කොවිඩ් රෝගියෙකු නොසැළකිළිමත් ක්‍රියා හේතුවෙන් තවත් අයෙකු කොවිඩ් රෝගය වැළඳි මියගොස් එයට විරුද්ධව නඩුවක් පැවරුවොත්, වසර 05 සිට වසර 10 දක්වා කාලයකට බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් නියම කිරීමේ හැකියාව ඇති බව, රුපවාහිනී සකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.