Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කඩවත හැටන් නැෂනල් ATM කුටියේ සිදුවූ මුදල් මංකොල්ලයක්ද?

    2021-07-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විවිධාකාරයේ මංකොල්ල කෑම් සහ සොරකම් පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන විටින් විට වාර්තා වෙනවා. මේ ආකරයෙන් කඩවත බැංකුවක අද දිනයේ (ජුලි 02) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ගනිමින් සිටි කාන්තාවකගෙන් එම ස්ථානයට ඇතුළු වන පුද්ගලය

    සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විවිධාකාරයේ මංකොල්ල කෑම් සහ සොරකම් පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන විටින් විට වාර්තා වෙනවා.

    මේ ආකරයෙන් කඩවත බැංකුවක අද දිනයේ (ජුලි 02) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ගනිමින් සිටි කාන්තාවකගෙන් එම ස්ථානයට ඇතුළු වන පුද්ගලයෙකු මුදල් මංකොල්ල කන අවස්ථාවේ CCTV දර්ශන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ සංසරණය වූ සිදුවීමේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Midlane Siri නම් ෆේස්බුක් ගිණුමක HNB කඩවත ATM  machine එක ගාව මංකොල්ලය  😳 Robbing at ATM machine යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් එක්කර තිබුණා. එහි දැක්වුණේ කාන්තාවක් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගනිමින් සිටින විට එම කුටියට හදිසියේ ඇතුළු වූ මංකෝලකරුවකෙු ඇගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය සොරකම් කළ පළා යන අයුරුයි.

    Facebook

    මෙම වීඩියෝව YouTube හි දැක්වුණේ මෙලෙසින්. එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝවේ අගතියට පත් කාන්තාව විදේශීය කාන්තාවකගේ ස්වරූපය ගත් බැවින් මෙම සිදුවීම මෙරට සිදුවීමක් නොවන බවට අනුමාන කළ නොහැක්කේ විදේශීය ජාතිකයින් මෙරටද බහුලව සිටින බැවිනි. 

    අප ඒ හේතුවෙන් කඩවත හැටන් නැෂනල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කුටියකදී අද (ජුලි 02) දින මෙවැනි සිදුවීමක් වාර්තා වූවාද යන්න විමසීමට කඩවත පොලීසිය දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා.

    එහිදී ඔවුන් සඳහන් කළේ, එවැනි සිදුවීමක් අද දිනයේ දී වාර්තා නොවුනු බවයි. එමෙන්ම කඩවත හැටන් නැෂනල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කුටියකදී සිදුවූවා යැයි කියන මෙම මංකොල්ලය සම්බන්ධයෙන් කඩවත පොලීසිය, බැංකු කාර්ය මණ්ඩලයෙන් ද විමසා ඇති අතර එවැනි සිදුවීමක් සිදු නොවුණු බවට ඔවුන් කඩවත පොලීසියට පවසා තිබෙනවා.

    අප මෙම වීඩියෝවේ දර්ශන පරීක්ෂා කිරීමේ දී අණාවරණය වූයේ මෙම සිදුවීම ඉන්දුනීසියාවේදී පසුගිය ජුනි මස 28 වන දා සිදු වූ සිදුවීමක් බවයි. ඒ බවට දැක්වෙන වෙබ් වාර්තාක් මෙතනින්.

    එසේම එක් වීඩියෝවක එම මංකොල්ලය සිදුවූ ATM කුටි ද දක්වා තිබු අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශන සමඟ පරීක්ෂා කිරීමේ දී ද සමාන බව පෙනී ගියා. එම සංසන්දනය පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\284 Kadawatha ATM Fake\Copy of Horizontal Image Comparison (1).png

    මෙම සිදුවීම සිදුව ඇත්තේ ඉන්දුනීසියාවේ South Kalimantan හි Banjarmasin නගරයේ පිහිටි බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කුටියකදීය. එරට පොලීසිය සඳහන් කර ඇත්තේ එලෙස සංවිධානය වූ අපරාධකරුවන් ස්ථාන දෙකක කටයුතු කර ඇති බවයි. එනම් South Banjarmasin සහ West Banjarmasin යන ප්‍රදේශවල ය. මේ වන විට අපරාධකරු Banjarmasin නගරයේ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය ජුනි මස 29 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පිලිබඳ වාර්තාවක් පහතින්

    Kompas | Archived

    එම මංකොල්ලකරුවන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ දර්ශන පහතින්.

    https://www.facebook.com/KOMPAScom/videos/961045577939461

    Conclusion (අවසාන නිගමනය):

    ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ කඩවත හැටන් නැෂනල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගනිමින් සිටින අවස්ථාවේ සිදුවූ මුදල් මංකෝල්ලයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, ඉන්දුනීසියාවේ Banjarmasin නගරයේදී බැංකුවක සිදුවූ මුදල් මංකෝලයක් බවයි. මෙම අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබුණා.

    Also Read: Fact Check: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.