දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සෞදි අරාබියේ රියාද් ජාත්යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්රහාරය දැක්වෙන වීඩියෝවක් බව කියමින් ප්රහාරයට අදාළ විස්තරයක් ද සහිතව සමාජ මාධ්ය ඔස්සේ කෙටි වීඩියෝවක් හුවමාරු වෙමින් තිබේ. ප්රහාරයට අදාළ විස්තරයේ සහ වීඩියෝවේ නිර්වද්යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි ප්රධාන ජාත්යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කරගත් ප්රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, සෞදියේ ප්රධාන ගුවන් තොටුපළට එල්ල වන ප්රහාරයක් ගුවන් ගමන්, මගී ආරක්ෂාව සහ රටේ ප්රධාන යටිතල පහසුකම්වල ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්රශ්න මතු කරන බවත් දක්වමින්, එය මැදපෙරදිග ආරක්ෂක තත්ත්වයට තවදුරටත් බලපෑම් කළ හැකිය යනුවෙන් සඳහන් කරමින් පහත වීඩියෝව පළ කර ඇත්තේ, අදාළ ප්රහාරය එල්ලවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ලෙසයි.
වීඩියෝවට අනුව ගුවන්තොටුපොළට එල්ල වන ප්රහාරයකින් ගුවන් යානක් ගිනිගෙන විනාශ වී යන අයුරු දැකගත හැකියි.
මෙහි නිර්වද්යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ගෙවුණු දින කිහිපය තුළ සෞදි අරාබියේ රියාද්හි කිං ඛාලිද් ජාත්යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ප්රහාර කිහිපයක් එල්ල වූ බව විදෙස් මාධ්ය වාර්තා කර තිබිණි. ඔක්තෝබර් 8 වැනිදා එල්ල වූ ප්රහාරවලින් ගුවන්තොටුපළේ පහසුකම්වලට හානි සිදු වූ අතර, එහි නවතා තිබූ Saudia ගුවන් සමාගමට අයත් ගුවන් යානයකට ද හානි සිදු විය.
පසුව, ඔක්තෝබර් 10 වැනිදා එල්ල වූ ප්රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 309 දෙනෙකු තුවාල ලැබූ බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය. එම ප්රහාරය හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද බව සෞදි ප්රමුඛ සන්ධානයේ ප්රකාශකයා සඳහන් කළ බව ද වාර්තා විය. විස්තර මෙතැනින් සහ මෙතැනින් කියවිය හැකිය. තවද, ඔක්තෝබර් 11 වැනිදා ගුවන්තොටුපළේ Terminal 4 වෙත තවත් ප්රහාරයක් එල්ල වී ගින්නක් ඇති වූ බව වාර්තා විය. ඒ පිළිබඳ වාර්තාව මෙතැනින් කියවිය හැකිය.
මේ අනුව සමාජ මාධ්ය සටහනේ ප්රහාරයට අදාළ විස්තරය නිවැරදි නමුත් සටහන සමග හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන දර්ශන ප්රහාරයට අදාළ දර්ශන බවට කිසිදු විදෙස් මාධ්යක් හෝ සෞදි බලධාරීන් විසින් තහවුරු කර නොමැත.
අදාළ වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී ගුවන් යානයට ප්රහාරයක් එල්ල වී පිපිරීමක් සිදුවන අවස්ථාවේ ඒ අසල නවතා තිබූ වාහන ද ඉහළට විසිවී යන ආකාරය දැකගත හැකියි. විශේෂයෙන් එම අවස්ථාවේ එම වාහන අස්වාභාවික ලෙස විසිවී ගොස් කඩදාසි මෙන් නැවී යන ආකාරය වීඩියෝවේ රූප රාමු තවදුරටත් පරීක්ෂා කිරීමේදී පහත පරිදි නිරීක්ෂණය කළ හැකි විය.


ඒ් අනුව වීඩියෝවේ රූප රාමු කිහිපයක් Reverse Image සෙවුමක් ඔස්සේ පරීක්ෂා කළ අතර එහිදී වීඩියෝවේ පළමු දර්ශනයට සමාන රියාද් ගුවන්තොටුපොළේ ඡායාරූපයක් 2016 වසරේදී Shutterstock වෙබ් අඩයේ පළ කර තිබෙනු දැකගත හැකි විය.

මේ අනුව අප සිදු කළ කරුණු පරීක්ෂාවේදී සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ පළමු දර්ශනය සහ Shutterstock වෙබ් අඩවියේ පළ කර තිබූ ඡායාරූපය සංසන්දනය කිරීමේදී, වාහන නවතා තිබූ ආකාරය සහ ගුවන් යානයේ දොරවල් තුනක් විවෘතව තිබීම ඇතුළු ලක්ෂණ කිහිපයක් එකිනෙකට ගැළපෙන බව නිරීක්ෂණය විය.


ඒ් අනුව අප මෙම වීඩියෝවේ රූප රාමු කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ දර්ශන හඳුනාගැනීම සඳහා භාවිත කරන මෙවලමක් ද යොදා ගනිමින් පරීක්ෂා කිරීමට පියවර ගත් අතර ඒ් අනුව අදාළ වීඩියෝව නිර්මාණය සඳහා කෘත්රිම බුද්ධිය භාවිත කර ඇති බවට සලකුණු දැකගතහැකියි.

ඒ අනුව, රියාද්හි කිං ඛාලිද් ජාත්යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ Saudia ගුවන් යානයකට ප්රහාරයක් එල්ල වන බව පෙන්වමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝව කෘත්රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බව පැහැදිලි වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සෞදි අරාබියේ රියාද්හි කිං ඛාලිද් ජාත්යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්රහාරය පිළිබඳව සමාජ මාධ්ය සටහනේ සඳහන් තොරතුරු සත්ය නමුත් ප්රහාරය එල්ල වූ අවස්ථාව බව කියමින් සංසරණය වන වීඩියෝව සත්ය වීඩියෝවක් නොවන බවත් එය 2016 වසරේ ගන්නා ලද සත්ය ඡායාරූපයක් භාවිත කරමින් කෘත්රිම බුද්ධිය ද යොදා ගනිමින් සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි.



