Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?

    2023-11-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් සතුට සැමරීම සඳහා Matthew Wade පැළදී සපත්තුවට බීර පුරවා ඉන් පානය කරන අයුරු බවට දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. 

    Facebook

    මෙම වීඩියෝව WhatsApp ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මේ ඔස්සේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් පිරිසක් නොමග ගොස් තිබූ බැවින් මෙහි නිරවද්‍යතාවය අනාවරණය කිරීමට අපි පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තිබූ අවසන් මහ තරඟයෙන් ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව එම කණ්ඩායමට වෙන් ව තිබූ කාමරයේ හි(dressing room) ඔවුන් සිය ජයග්‍රහණය සැමරූ අවස්ථාව පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වල ඉහත සඳහන් වීඩියෝව පිළිබඳ වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කරනු ලැබුවා.

    ඒ අනුව, ඉහත සඳහන් ආකාරයේ වීඩියෝවක් ඊයේ(19) දිනයට සමගාමීව පළ වී නොතිබුණු අතර ICC Cricket වෙබ් අඩවියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය ජයග්‍රහණය සැමරූ අයුරු පළ කර තිබුණේ මෙලෙසින්.

    සපත්තුවකට බීර දමමින් ජයපැන් පානය කොට සිය ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් පිළිබඳ අප විමර්ශනය කළ අතර එහිදී අනාවරණය වූයේ එය 2021 වසරේ නොවැම්බර් මස ඩුබායි හිදී T20 ලෝක කුසලාන ජයග්‍රහණය සමරන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වීඩියෝවක් බවයි.

    අවසන් මහ තරඟයේදී නවසීලන්තය කඩුලු 8කින් පරදවා සිය මංගල විස්සයි20 ලෝක කුසලාන දිනා ගැනීමෙන් අනතුරුව ඉන් උද්දාමයට පත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Matthew Wade ඔහුගේ සපත්තුව ගලවා ඊට සහය දක්වමින් Marcus Stoinis විසින් ද, එම සපත්තුවට ම බීර දමා පානය කර තිබුණා.

    View this post on Instagram

    A post shared by ICC (@icc)

    මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ජයග්‍රහණය සැමරීම සඳහා සපත්තුවෙන් ෂැම්පේන් / බියර් වැනි පානයක් දමා පානය කිරීම කාලයක පටන් පැවත එන සම්ප්‍රදායක් වන අතර විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අතරේ ප්‍රකටයි. 2016 වසරේ ජර්මන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේ ජයග්‍රහණය සැමරූ ඕස්ට්‍රේලියානු Formula 1 ක්‍රීඩක Daniel Ricciardo විසින් ‘shoey’ නමැති සැමරුම ලොවට හඳුන්වා දෙන බව සැලකෙනවා. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දැඩි පීඩනය සහ අගනා පන්දු යැවීම හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ඉන්දියානු කණ්ඩායම රැස්කළේ ලකුණු 240ක් පමණයි. පිළිතුරු ඉනිම හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව, පන්දුවාර 43ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 241ක් ලබා ගනිමින් මෙවර ලෝක ශූරයින් බවට පත්වුණා. Travis Head පන්දුවට පහරදීමේදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ අතර පන්දු 120කදී ලකුණු 137ක ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන යෑමේ පුරෝගාමියා බවට පත් වුණා.

    Also Read: මෝඩි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සමග සේයාරුවකට හෝ පෙනී නොසිට, ලෝක කුසලානය දී එසැණින් වේදිකාවෙන් ඉවත් වුණා ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) : 

    ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් සතුට සැමරීම සඳහා Matthew Wade පැළදී සපත්තුවට බීර පුරවා ඉන් පානය කරන අයුරු බවට දැක්වෙන වීඩියෝව 2021 වසරේ T20 අවසන් මහ තරඟයේ නවසීලන්තරය සමග පැවති අවසන් මහ තරඟයෙන් ඔස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය සැමරූ අවස්ථාවකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-11-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.