Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    <strong>පිරිමින්ව සම්බාහනයට කාන්තාවන් යොදා ගැනීම තහනම් කළේ නැහැ- ආයුර්වේද කොමසාරිස්</strong>

    2023-01-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලාංකේය සමාජයේ සම්බාහනය පිළිබඳ විවිධ මත මතු වන්නේ ඒ පිළිබඳ දැනුම අවම වීම සහ විශේෂයෙන්ම SPA යනුවෙන් නගරාබධව පැතිරී තිබෙන ව්‍යාජ සම්භාහන මධ්‍යස්ථානවලින් කෙරෙන නීතිගත නොවූ ක්‍රියාකාරකම් හේතුව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ලාංකේය සමාජයේ සම්බාහනය පිළිබඳ විවිධ මත මතු වන්නේ ඒ පිළිබඳ දැනුම අවම වීම සහ විශේෂයෙන්ම SPA යනුවෙන් නගරාබධව පැතිරී තිබෙන ව්‍යාජ සම්භාහන මධ්‍යස්ථානවලින් කෙරෙන නීතිගත නොවූ ක්‍රියාකාරකම් හේතුවෙනි. 

    කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථාන වල පිරිමින් සම්බාහනය කිරීමට කාන්තාවන් යොදා ගැනීම තහනම් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද පුවත් රැසක් පළ වුණා. මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමක් අප සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පිරිමින්ව සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කරයි? මින් මතුවට පිරිමි-පිරිමි සහ ගැහැණු – ගැහැණු පමණයි !” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම ඇතැම් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බව වාර්තා වන බවත්, ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට – පිරිමි සහ ගැහැණුට – ගැහැණු ලෙස පමණක් සම්බාහනය කළ හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි.

    ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මේ බව පැවසූ බව සඳහන් කරමින් එම පුවත් වාර්තා පළ වී තිබුණා. ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී ඇති බවද, එහි වැඩිදුරටත් දක්වා තිබුණා.

    aruna.lk | Archived Link

    ‘අරුණ’ පුවත් පතේ එම ලිපිය පළ වූයේ මෙලෙසින්. Facebook

    මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලය සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම තීරණය ඔස්සේ නොමග ගොස් ඇති ඇතැම් පරිශීලකයින් මේ සඳහා විවේචන එල්ල කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මේ හේතුවෙන් අප මෙම පුවතේ නිරවද්‍යතාවය සොයා විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    බොහෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ඉහත සඳහන් පුවත වාර්තා කර තිබුණු බවට අප කළ මූලික නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණා.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, එවැනි තීරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් වීමක් නොමැති බවත්, එය අසත්‍ය තොරතුරක් බවයි.

    එසේම පිරිමි සම්බාහනය ගැහැණුන්ට තහනම් බවට පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවට ඊයේ දිනයේදී (17) පාර්ලිමේන්තුවේදී දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ සෞඛ්‍ය ඇමති අදහස් ප්‍රකාශ කළේ මෙලෙසින්.

    එමෙන්ම මේ පිළිබඳ ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පසුගිය 16 වන දා “අරුණ” පුවත්පතේ තමන් සඳහන් කළ බවට පළ වූ පුවත පිළිබඳ තමන් වික්ෂිප්ත වූ බවත්, එම පුවත පළ කළ හේමන්ත ලියනගේ නැමති ලේඛකයා, ‘පිරිමි සම්භායනය ගැහැනුන්ට තහනම්’ යනුවෙන් සඳහන් කරමින් පළ කළ පුවත සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් තමා සමඟ පවත්වා නොමැති බවයි. එවන් පසුබිමක ආයුර්වේද කොමසාරිස් සඳහන් කරන්නේ ඔහු පැවසූ බවට අසත්‍ය කරුණු සමාජගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටුව පළ කරන බවයි. එම නිවේදනය පහතින්.

    එමෙන්ම එම පුවත නිවැරදි කර ‘අරුණ’ පුවත්පතේ දක්වා තිබුණේ මේ අයුරින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඇතැම් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ  “පිරිමින්ව සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කරයි” යන තේමාවෙන් පළ වූ සටහන්, පුවත් අසත්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන තහවුරු කරන බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ තම තමන් කිසිදු අවස්ථාවක එවැනි තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.