Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනට ලක්වූ පුවතක සිරස්තලයේ ව්‍යාජ සංස්කරණයක්!

    2020-11-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර වල සේවයේ නියුතු අයට එම රෝගය වැලඳී ඇති අතර මේ පිලිබඳව දිනෙන් දින මාධ්‍ය වාර්තාවල දැකගන්නට ලැබෙනවා. මේ අතරේ බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කළ පුවතක් ඇතුළත් ෆේස්බුක් සටහන් රැසක් හුවමාරු වෙනු අපට දැකගන

    කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර වල සේවයේ නියුතු අයට එම රෝගය වැලඳී ඇති අතර මේ පිලිබඳව දිනෙන් දින මාධ්‍ය වාර්තාවල දැකගන්නට ලැබෙනවා. මේ අතරේ බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කළ පුවතක් ඇතුළත් ෆේස්බුක් සටහන් රැසක් හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුනා.

    උපහාසාත්මක කෝණයකින් සිදුකළ සංස්කරණයක් බව පෙනී ගියද වැරදීමකින් හෝ පුවත් පතක මෙවැනි සිරස්තලයක් සහිත ලිපියක් පළවුනා ද යන්න අප විමසීමේදී දැනගනන්ට ලැබුනේ මෙය ව්‍යාජ ලෙස සිදුකරන ලද සංස්කරණයක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “බදුල්ල පොලීසියේ නිලධාරීන් 6දෙනෙක් ස්වයං වින්ඳනයට” යන සිරස්තලය යටතේ පුවත් පතක පළවූ සටහනක් බව පෙන්වන්මින් එසේ හුවමාරු වූ එක් සටහනක් පහතින්.

    FacebookArchived
    FacebookArchived

    කෙසේවෙතත් මෙම පුවත්පත් කොටසේ එම මාතෘකාවට යටින් සටහන්ව තිබුනේ කොවිඩ් 19 ආසාදිතයෙකු බවට පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරු වූ පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පස්සර පොලීසියට ඊට දින කිහිපයකට පෙර පැමිණීම හේතුකොටගෙන එම අවස්ථාවේ සේවය කල පොලිස් නිලධාරීන් හය දෙනෙක් ස්වකීය නිවෙස් තුළම ස්වයං නිරෝධායනට කල කර ඇති බවයි.

    මෙම පුවතම තවත් බොහෝ දෙනෙකු උපහාසාත්මක කෝණයකින් හුවමාරු කරගෙන තිබු ආකාරය අපට නිරීක්ෂණය වුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම පුවතට අදාල පුවත්පත කුමක්දැයි සොයා බැලීමේදී එය 2020/11/25 වන දින පල කරන ලද “අද” පුවත්පතේ පස්වැනි පිටුවේ පලවූ සටහනක් බවට අපට පෙනී ගියා.”බදුල්ල පොලීසියේ නිලධාරීන් 6දෙනෙකු ස්වයං නිරෝධායනයට” ලෙස එහි සිරස්තලයේ දක්වා තිබෙනු අපට දැකගන්නට ලැබුණි

    Ada epaperArchived

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු ලිපිය සහ නොවැම්බර් මස 25 වැනිදා පුවත්පතේ පළවූ ලිපියේ සංසන්දනය පහතින්.

    කෙසේවෙතත් වැරදීමකින් හෝ “අද” මුද්‍රිත පුවත්පතේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සිරස්තලය සහිතව ලිපියක් පළ වුණේ ද යන්න පිළිබඳ බව එම කර්තෘ මණ්ඩලයෙන් විමසා සිටියෙමු. එහිදී ඔවුන් පවසා සිටියේ එය පැහැදිලිවම සිදුකරන ලද සංස්කරණයක් බවත් එම ලිපියට විරුද්ධව අදාළ වාර්තාකරු පොලිසියේ පැමිණිල්ලක් ද පළ කළ බවයි.

    මේ අනුව “අද” පුවත්පතේ යොදා තිබූ ශීර්ශ පාඨයක් වෙනස් කරමින් මෙසේ වැරදි අදහසක් ලැබෙන සේ සකස් කර තිබු බව පෙනී යනවා.

    මෙම පුවතම අද පුවත්පතේ වෙබ් අඩවියේද සදහන්ව තිබු අතර කොවිඩ් ආසාදිත අයෙකු පොලිසියට පැමිනීම නිසා “පස්සර පොලීසියේ 6 දෙනෙකු ස්වයං නිරෝධායනයට” ලෙස දක්වමින් එම පුවත පල කර තිබුනා.

    Ada.lk LinkArchived

    නොවැම්බර් මස 26 වෙනි දින මෙම පුවතට සම්බන්ද පුවතක් “අද” පුවත් පතේම පල කර තිබුනු අතර එයින් කියවුනේ මෙම ස්වයං නිරෝධායනයට ලක් කල පොලිස් නිලධාරීන්ගේ පී සී ආර් ප්‍රතිඵල නෙගටිව් වී තිබු බවයි.

    Ada | Archived

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී බදුල්ල පස්සර පොලීසියේ 6 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලෙසින් අද පුවත් පතේ පලවූ පුවතක සිරස්තලය උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරමින් “බදුල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනෙක් ස්වයං වින්දනයට” ලෙස ව්‍යාජ ශීර්ශයක් යොදා ඉහත සටහන් හුවමාරු වී තිබු බව අනාවරණය විය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.