Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අලිසබ්‍රිට ඔහුගේ පලමු කසාදය, කාති උසාවි පිහිටෙන් ඉතාමත් පහසුවෙන් කටුගාදමා දැමුවා ද?

    2021-02-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලාංකික මුස්ලිම් ප්‍රජානායකයකු වන අලි සබ්‍රි මහතා වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය හොබවයි. කාති උසාවි පිහිටුවීම පිළිබඳව ඔහු අළලා පසුගිය වකවානුවේ ෆේස්බුක් ජාලයේ විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වී තිබෙණු නිරීක්ෂණය විය.  අලිසබ්‍රි මහතා කති උසාවියේ පිහිටෙන් පළමු බි

    ලාංකික මුස්ලිම් ප්‍රජානායකයකු වන අලි සබ්‍රි මහතා වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය හොබවයි. කාති උසාවි පිහිටුවීම පිළිබඳව ඔහු අළලා පසුගිය වකවානුවේ ෆේස්බුක් ජාලයේ විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වී තිබෙණු නිරීක්ෂණය විය. 

    අලිසබ්‍රි මහතා කති උසාවියේ පිහිටෙන් පළමු බිරිඳ දික්කසාද කර, සුප්‍රසිද්ධ ආභරණ ව්‍යාපාරයක් වන Stone & String හිමිකරුගේ දියණිය විවාහ කරගත බවට ඉදිරිපත්ව ඇති සමාජ මාධ්‍ය සටහන් සියල්ලක්ම සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහන් ය. අලි සබ්‍රි මහතාගේ එකම විවාහය  ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින් හිමිකරුගේ දියණිය සමඟය.

    සමාජ මාධ්‍ය සටහන්: 

    අලිසබ්‍රිට ඔහුගේ පලමු කසාදය ඉතාමත් පහසුවෙන් කටුගාදමා, Stone and String අයිතිකරුගේ දියණිය කසාද බැදගත හැකි වූයේ, කාති උසාවියට පිං සිද්ධ වෙන්නටය වදන රෝපණය කර Senaka SG Mendis නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.

    FacebookArchived Link

    Chandana Udaya Kumara Kankanamge නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවකද LankaDawasa නැමැති වෙබ් අඩවියක ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් දීර්ඝ කථාංගයක් සහිතව සටහනක් ඉදිරිත්ව තිබුණා. එහිද දක්වා තිබුනේ ඉහත පරිදි ම කාති උසාවි වල සිදුවන අක්‍රමිකතා යටතේ අධිකරණ අමාතයවරයා විසින් සිය පළමු විවාහය කටුගා දමා නැවත වරක් විවාහ වී තිබෙන බවක් ද කාති උසාවි ක්‍රමය ආරක්ෂා කිරීමට අමාත්‍යවරයා ඇතුළු පිරිස බැඳී සිටින බවක්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\50 Ali Sabry Marriage\1d915bc9-4d03-45e0-883a-db45137beb67.png
    FacebookArchived Link

    පහත දක්වා ඇත්තේ එලෙස ඉදිරිපත්වු තවත් සටහනකි.

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    කාති උසාවි සම්බන්ධයෙන් අලි සබ්රි අමාත්‍යවරයා සම්බන්ධයෙන් පසුගිය කාලයේ ද අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් පලවී තිබු අතර ඒ සම්බන්ධයෙන් ජනවාරි මස අප විසින් සිදුකරන ලද කරුණු විමර්ෂණයක් මෙතනින් මෙතනින්. 

    මීට දින කිහිපයකට පෙරද “මුස්ලිම් නීතිය සංශෝධනයට කමිටුවක් – අලි සබ්රි” යනුවෙන් පළකර තිබු වීඩියෝවක් මෙතනින්. එය සිටිහැටියේ සිදුකල හැකි දෙයක් නොවන බවත් එය අමතක කර නොමැති බවත් මෙහිදී ද අමාත්‍යවරයා පවසනවා.

    අලි සබ්රි අමාත්‍යවරයාගේ මුස්ලිම් තරුණියක් සමඟ විවාහයක් සිදුවී එය ඉවත් කරගැනීමක් පිළිබඳව අප ඉස්ලාමීය මව්ලවිතුමෙකුගෙන් සහ සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයෙන් ද විමසා සිටි අතර ඔවුන් එවැන්නක් පිලිබඳ දැනුවත් නොවන බව පවසා සිටියා.

    මෙම සටහන් අධිකරණ ඇමති අලිසබ්‍රි මහතා වෙත යොමුකර, ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවෙමු. මෙම සටහන සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත්, තමා කරගත් එකම විවාහය Stone and String අයිතිකරුගේ දියණිය සමඟ 1999 වසරේ දී සිදුවූ බවත්, කාති උසාවිය හෝ වෙනත් අධිකරණයකින් දික්කසාදයක් ලබාගෙන නොමැති බවත්, සඳහන් කළ ඇමතිවරයා, තමාගේ එකම සහ පළමු බිරිඳත් සමග සතුටින් විවාහ ජීවිතක් ගත කරන බව අවධාරණය කළේය. දිවයිනේ ප්‍රධාන පාසලක ඉගනුම ලබා විදේශ රටක ජීවත්වන උගත් ලාංකිකයන් මෙවැනි අභූත චෝදානා තමන් වෙත එල්ල කරමින් ව්‍යාජ පුවත් ජනගත කිරීමට උත්සාහ කිරීම ඉතාම කණගාටුදායක කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

    මින් පෙරද අලි සබ්‍රි මහතා වෙනත් බිරිඳක් සමඟ අධිකරණ අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ උත්සවයට පැමිණි බවට පළවූ අසත්‍ය සටහන් පිලිබඳ ව අප දමිළ බසින් සිදුකරන ලද කරුණු අනාවරණයක් මෙතනින්

    අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ උත්සවයේදී සිය බිරිඳ සමඟ ලබාගත් ඡායාරුප කිහිපයක් ම ඇතුළත් පුවත් වාර්තාවක් මෙතනින්.

    1970 වසරේ උපත ලැබූ අලි සබ්රි මහතාගේ මින් පෙර සිදුවූ විවාහයක් පිලිබඳ කිසිඳු නිල මාධ්‍ය වාර්තාවක් ද අපට දැක ගැනීමට නොහැකි විය

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අධිකරණ ඇමති අලිසබ්‍රි මහතාගේ පළමු සහ එකම විවාහය Stone and String හිමිකරුගේ දියණිය සමඟ1999 වසරේ සිදුවී ඇති අතර ඊට පෙර ඔහු මුස්ලිම් තරුණියක් සමඟ විවාහ වී එය කාති උසාවියක පිහිටෙන් දික්කසාදයක් කරගෙන තිබෙන බවට පලවන්නේ පදනම් විරහිත අසත්‍ය පුවතක් බවයි. 

    කාති උසාවි සංශෝධන සම්බන්ධයෙන් ද දිගින් දිගටම අලි අධිකරණ අමාත්‍යවරයා කරුණු දක්වා තිබෙන අතර එම නීති කටයුතු සංශෝධනය කිරීම සඳහා කමිටුවක් ද පසුගිය දා පත්කර තිබෙනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.