Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලක්ෂ පහක් දීලා  BAW වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත හැකිද?

    2025-09-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවට වාහන ආනයන කිරීම ආරම්භ වීමත් සමඟම නව විදුලි වාහන කෙරෙහි දැඩි උනන්දුවක් ඇතිවී තිබෙනවා. ඒ අතර දැරිය හැකි මිලකට ලබාගත හැකි විද්‍යුත් වාහන ලෙස හඳුන්වා දී ඇති BAW E6 සහ BAW E7 යන විදුලි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලංකාවට වාහන ආනයන කිරීම ආරම්භ වීමත් සමඟම නව විදුලි වාහන කෙරෙහි දැඩි උනන්දුවක් ඇතිවී තිබෙනවා. ඒ අතර දැරිය හැකි මිලකට ලබාගත හැකි විද්‍යුත් වාහන ලෙස හඳුන්වා දී ඇති BAW E6 සහ BAW E7 යන විදුලි මෝටර් රථ (Electric Vehicles – EVs)  පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විශාල අවධානයක් යොමුව තිබෙනවා. එම මාදිලිවල මිල ගණන් පිළිබඳව හුවමාරු වූ සටහන් පෙළක්  ගැන සිදුකළ විමර්ෂණයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    BAW විදුලි වාහන දැන් ලංකාවට පැමිණ ඇති බවත් ඒ අනුව රුපියල් ලක්ෂ 5ක් වැනි අඩු මිලකට මේ මාදිලියේ නව ඉලෙක්ට්‍රික් වාහනයල් ලබාගනිමින් වාහන සිහිනයක් සැබෑ කරගැනීමට හැකියාව ලැබී ඇති බවට හඟවමින් සටහනක් හුවමාරු විය.

    Facebook

    එමෙන්ම මේ සම්බන්ධව වෙනත් ආකාරයේ අදහස් සහිත සටහන් සමාජ මාධ්‍ය තුළ  සංසරණය වූ ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. ලක්ෂ 45ක මිලකට මෙම නව විදුලි වාහනය ලබාගත හැකි බවයි එහි දැක්වෙන්නේ.

    Facebook

    ඒ අනුව මෙම සටහන් දෙක තුළ එකිනෙකට පරස්පර මුදල් ප්‍රමාණ අගයන් දෙකක් දක්වා තිබීම නිසාවෙන් මෙම සටහන් දෙක තුළින් එකිනෙකට වෙනස් අදහස් පළවීම නිසා මේ සම්බන්ධව අප විසින් විමර්ශනය කරන ලදී.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) 

    BAW (Beijing Automobile Works) යනු චීනයේ පැරණිම වාහන නිෂ්පාදන සමාගම්වලින් එකක්. එය Shandong Weiqiao Pioneering Group නම් ගෝලීය සමාගමක අනුබද්ධ ආයතනයක්. මෙම සමාගම, විශේෂයෙන්ම විදුලි වාහන නිෂ්පාදනයට දැන් විශාල වශයෙන් යොමු වී සිටිනවා. ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන BAW E6 සහ BAW E7 යන මෝටර් රථ ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ Browns EV ආයතනය විසිනුයි.

    ඒ අනුව  අප විසින් මෙම වර්ගයේ වාහනවල මිල ගණන් පිළිබඳව විමර්ශනය සිදු  කරන ලදී. 

    Browns EV ආයතනය විසින් හඳුන්වා දෙනු ලබන BAW E6 සහ BAW E7 යන මෝටර් රථ සඳහා වන මිල ගණන් එම ආයතනයේ නිල වෙබ් අඩවියේ සහ  නිල Facebook සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා ඇති ආකාරය අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබුණි.

    Facebook

    මෙහි දැක්වෙන පරිදි වාහනයේ ආරම්භක මිල රුපියල් මිලියන 4.5ක් (ලක්ෂ 45) බව පැහැදිලිව සඳහන් කර ඇත.වාහනයක් වෙන්කරවා ගැනීමට රුපියල් 50,000ක (දහස් පනහක) මුදලක් ගෙවිය යුතු බව දක්වා ඇත.

    එමෙන්ම මේ සම්බන්ධව Browns EV ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමෙහි වීඩියෝවක් මගින් ද පරිශීලක ජනතාව දැනුවත් කර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණි.

    Facebook

    Browns EV ආයතනය

    තව දුරටත් තොරතුරු ලබා ගැනීම සඳහා අප විසින්ම Browns EV ආයතනයේ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු සම්බන්ධ කරගන්නා ලදී. ඇය විසින් පැහැදිලි කළේ BAW E6 වර්ගයේ වාහන රුපියල් ලක්‍ෂ හතලිස් පහක් වන බවත් සහ BAW E7 වර්ගයේ වාහන රුපියල් ලක්ෂ හතලිස්  හතක්  වන බවයි. 

    කෙසේවෙතත් මෙම වාහන දෙවර්ගම රුපියල් පනස් දාහක මුදලක් යටතේ පෙර ඇණවුම් කළ හැකි බවත්, එතැන් සිට මාස තුනකට පසුව  වාහනය ලබා ගැනීමට හැකියාව පවතින බවත්, එසේ ලබා ගැනීමේදී වාහනයේ මුළු වටිනාකමින් 40% අය කර ගන්නා බවත්, 60% දක්වා ලීසින් පහසුකම ලබාදිය හැකි බවත්, අලෙවි ප්‍රවර්ධන නිලධාරිනිය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි. 

    ඒ අනුව ඇය පැහැදිලි කර සිටියේ රුපියල් පනස් දාහක වාහනය වෙන්කරවා ගැනීමේ මුදලට අමතරව, BAW E6 මිලදී ගන්නා අවස්ථාවේ දී රුපියල් දාහත් ලක්ෂ පනස් දාහක මුදලක් ලබාදිය යුතු බවයි.(රු. 1,750, 000). එමෙන්ම BAW E7 මිලදී ගැනීමේදී, රුපියල් පනස් දාහක වෙන්කරවා ගැනීමේ මුදලට අමතරව රුපියල් දහඅට ලක්ෂ තිස්දාහක මුදලක් (රු.1,830,000) මූලික ගෙවීම ලෙස සිදු කළ යුතු යි. 

    එමෙන්ම මෙම වාහන වර්ග දෙකට අමතරව ඉන්දුනීසියාවෙන් ආනයනය කරනු ලබන වාහන සඳහා වන මිල ගණන්ද අපට ලබා දුනි.

    • Wuling Air විදුලි මෝටර් රථයේ මිල රුපියල් මිලියන 7.5ක් වන අතර, එහි මූලික වෙන්කරවා ගැනීමේ ගෙවීම රුපියල් 100,000කි.
    • Wuling Bingo Pro විදුලි මෝටර් රථයේ මිල රුපියල් මිලියන 8.1ක් වන අතර, ඒ සඳහා රුපියල් 100,000ක වෙන්කරවා ගැනීමේ මූලික ගෙවීමක් අවශ්‍ය වේ.
    • Wuling Cloud Pro විදුලි මෝටර් රථයේ මිල රුපියල් මිලියන 12.4ක් වන අතර, එහි වෙන්කරවා ගැනීමේ මූලික ගෙවීම ද රුපියල් 100,000කි. 

    මේ සම්බන්ධ තොරතුරු පවතින්නා වූ සටහනක් ඔවුන් විසින් ලබා දෙන ලදී.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන BAW මෝටර් රථයේ රුපියල් ලක්ෂ පහකට මුදලකට මිළදී ගැනීමට නොහැකි අතර සඳහා මූලිකවම වෙන් කරවා ගැනීමේ මුදල ලෙස රුපියල් පනස්දාහක (රු.50,000) මුදලක් ලබා දිය යුතු අතර ඉන් පසු වාහනයේ වටිනාකමින් 40% මුදලක් මූලික ගෙවීම ලෙස ලබාදී අදාළ විද්‍යුත් වාහන ලබා ගැනීමේ හැකියාවක් පවතින බව Browns EV ආයතනය මගින් අපව දැනුවත් කරන ලදී.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    L

    Lakshan

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-09-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.