Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මහනුවර හන්තාන ප්‍රදේශයේ ඡායාරූපයක්ද ?

    2021-10-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නවතම ඩිජිටල් කැමරා බොහෝ දෙනා භාවිතා කිරීමත් සමඟම වෘත්තීය ඡායාරුප ශිල්පීන් පමණක් නොව විනෝදාංශයක් ලෙස ඡායරූපකරණය නැඹුරු වූ පුද්ගලයින් විසින් ද බොහෝ දෙනා මවිත කරවන ඡායාරුප ලබාගනිමින් ලොව පුරා හුවමාරු වෙනු නිරන්තරයෙන්ම දැක ගන්නට ලැබෙනවා. මේ හේතුව නිසාම වැරදි

    නවතම ඩිජිටල් කැමරා බොහෝ දෙනා භාවිතා කිරීමත් සමඟම වෘත්තීය ඡායාරුප ශිල්පීන් පමණක් නොව විනෝදාංශයක් ලෙස ඡායරූපකරණය නැඹුරු වූ පුද්ගලයින් විසින් ද බොහෝ දෙනා මවිත කරවන ඡායාරුප ලබාගනිමින් ලොව පුරා හුවමාරු වෙනු නිරන්තරයෙන්ම දැක ගන්නට ලැබෙනවා.

    මේ හේතුව නිසාම වැරදි අර්තකථන ලබාදෙමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප ගණන අති විශාලයි. මේ එවන් එක් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කරන ලද ගවේෂණයක්.

    සමාජ ජාලා සටහන් :

    “පිටරටක නෙවෙයි මේ මහනුවර හන්තාන.” යන තේමාවෙන් ලංකාවේ මධ්‍යම කඳුකරයේ හන්තාන ප්‍රදේශයේ බව හඟවමින් හුවමාරු වී තිබුනේ නිවසක වහලක් සම්පුර්ණයෙන්ම මල් ගසකින් ආවරණය වී තිබු ආකාරයක්. එම ඡායාරුපය පහතින්.

    Facebook | Archived   Facebook | Archived

    බොහෝ දෙනෙක් ඉතා අලංකාර දර්ශනයක් ලෙස අගය කරමින් හුවමාරු වූ මෙම ඡායාරුපය සැබැවින්ම හන්තාන ප්‍රදේශයෙන් ලබාගත් ඡායාරූපයක් ද ,එසේ නැත්නම් වෙනත් ප්‍රදේශයක ඡායාරූපයක්දැයි සොයා බැලීමට අප මේ පිළිබදව විමර්ශනයක් කිරීමට තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    Google Reverse Image Search පරීක්ෂාවක් සහ සෙවුම් ඔස්සේ අපට මෙම ඡායාරූපය ලබාගත්තේ කුමන ප්‍රදේශයක ද යන්න පිළිබදව යම් අවබෝධයක් ලබාගැනීමට හැකිවුණා.

    සමාජ ජාලාවල පැතිරෙන ඡායාරූපයට බොහෝ සෙයින්  සමාන ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් ගිණුමක පළව තිබෙනු දැකගන්නට ලැබුණා. එම ඡායාරූප ලබාගෙන තිබුණේ Mohan Dion නම් ඡායාරූපකරණය කෙරෙහි ඇල්මක් දක්වන පුද්ගලයෙක්. ඔහු ජීවත්වන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේයි. සමාජ ජාලාවල පළව ඇති ඡායාරූපය ලබාගත්  ස්ථානයේදීම ලබාගත් ඡායාරූප ගණනාවක්ම ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබෙන ආකාරයක් දැකගැනීමට  හැකිවුණා. එම ඡායාරුප පහතින්.

    Instagram | Archived   Instagram | Archived

    මෙම ඡායාරූප ඔහු ලබාගෙන ඇත්තේ තමිල්නාඩුවේ නිල්ගිරි ප්‍රදේශයේ දී ලබාගෙන තිබු බවද සඳහන්. මෙම ඡායාරුප සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ බොහෝ සමානකම් අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

    C:\Users\FCSL\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\COMPARISON.JPG

    ඒ ඔස්සේම අප තවදුරටත් සිදුකල විමර්ෂණයේ දී තහවුරු වුයේ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයම  Beautiful Nilgiri (මනරම් නිල්ගිරි ප්‍රදේශය) යනුවෙන් දක්වමින් හුවමාරු වී තිබු බවයි. එම ඡායාරුපය පහතින්.

    මෙසේ ඔක්තෝබර් මාසයේ ම හුවමාරු වූ මෙම ඡායාරුපය ඔස්සේ ලංකාවේ සටහන් නිර්මාණය වූ බව අනුමාන කල හැක. එම ඡායාරුපය ද Mohan Dion මහතා විසින් ලබාගත්තක් බව සඳහන් වන නිසා ඒ පිලිබඳ ඔහුගෙන් ද විමසීමක් කල අතර මෙතෙක් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. ඔහු ලබාදෙන පිළිතුර සමග මෙම සටහන යාවත්කාලීන කෙරෙනු ඇත.

    Mohan Dion සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර ඇත්තේ ඔහු ඡායාරූපකරණයට කැමැත්තක් දක්වන තමිල් නාඩු ප්‍රාන්තයේ ඌටි (Ooty) ප්‍රදේශයේ වෙසෙන බවත් සියලුම ඡායාරූප ඔහු විසින්ම ලබාගත් බවකි.

    Instagram |  Archived

    නිල්ගිරි කඳු පන්තියේ කොටගිරි ප්‍රදේශයේ ස්ථානයක් ලෙස ද මෙය බොහෝ දෙනා විසින් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ හන්තානේදී  ලබාගත් බවට සමාජ ජාල ඔස්සේ පළවන ඡායාරූපය සැබැවින්ම හන්තානේදී ලබාගත් ඡායාරුපයක් නොව ඉන්දියාවේ, තමිල්නාඩුවේ නිල්ගිරි නම් ප්‍රදේශයේ දී ලබාගත් ඡායාරූපයක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-10-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.