දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය වටා ලොව පුරා සිටින ජවතාවගේ උද්යෝගය ගොඩනැගෙද්දී, ශ්රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරඟයේ තරඟ වදින අනුදි ගුණසේකරට සහයෝගය දක්වන සටහන් සමාජ මාධ්ය වේදිකා පිරී ඉතිරී ගොස් තිබුණා. මෙම උද්යෝගය මධ්යයේ, ඇයට මනාපය ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින සටහන් සහ සබැඳි කිහිපයක් සමාජ මාධ්ය හරහා බහුලව හුවමාරු වී තිබුණා. එවැනි සබැඳියක් අනුදිට ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට උපකාර කිරීම සඳහා මනාපය පළ කරන මෙන් ඉල්ලා තිබුණා. ඉතින් මේ සබැඳිය සත්ය සබැඳියක් ද, අප මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේ මෙලෙසින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“අනුදිට වෝට් කරන්න. එක්කෙනෙක්ට වෝට් 10ක් ලබාදිය හැකියි. පහළ ලින්ක් එකෙන් ගිහින් වෝට් කරන්න පුලුවන්” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූයේ අද(31)දිනයේ අවිවාහක ලෝක රූ රැජිණ තරඟයට මෙරට නියෝජනය කරමින් අවසන් තරඟයට ඉදිරිපත් වන අනුදි ගුණසේකරට මනාපය(Vote) ප්රකාශ කිරීමට සබැඳියක් දක්වමින්.
https://voteyoumissworld.blogspot.com/?m=0


