Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නිල නොලත් මැතිවරණ ප්‍රථිඵල සටහන් රැසක්!

    2024-11-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් අද(14) දිනයේ පැවැත්වුණු අතර නිල මැතිවරණ ප්‍රථිඵල නිකුත් වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් අද(14) දිනයේ පැවැත්වුණු අතර නිල මැතිවරණ ප්‍රථිඵල නිකුත් වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    දැනට වැටුණු මනාප යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    වෙනත් පක්ෂ වල ට ලැබුණු ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශත වශයෙන් තව ත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 4ට අවසන් වූ අතර, ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන කරා යවා ඇති බව ත්,  ඡන්ද ගණන් කිරීම රාත්‍රී 7.15ට පමණ ආරම්භ වූ බව ත්, මැතිවරණ කොමිසම පවසනවා.

    පළමු ඡන්ද ප්‍රතිඵලය අද (14) මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

    ඒ අනුව මෙතෙක් ඡන්දල ලැබී ඇති ප්‍රතිශතය නිවැරදි නොවන්නේ තැපැල්  ඡන්ද ද, ගණනය කිරීම ආරම්භ වූයේ මීට සුළු මොහොතකට බැවිනි.

    මේ අතර මැතිවරණයේ නිල නොවන ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60- 65% අතර බව මැතිවරණ නීරීක්ෂණ සංවිධාන පවසනවා.පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, ඡන්දය ප්‍රකාශයට පත් කිරීමේ උනන්දුවේ අඩුවක් දක්නට ලැබුණු බවයි.

    පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් . රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය පහතින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.