Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    GRACIA LATTE බර අඩු කරන බව ට පැවසූ නිෂ්පාදනය වංචනික ව්‍යාපාරයක්!

    2024-04-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඕනෑම තොරතුරක් ග්‍රහණය කර ගැනීමට සමාජය පෙළඹී තිබේ. ඇතැම් අවස්ථාවල ෆේස්බුක් වෙළඳ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කෙරෙන ඇතැම් නිෂ්පාදන ද, අසත්‍ය තොරතුරු පළ කරමින් ඒවා අලෙ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඕනෑම තොරතුරක් ග්‍රහණය කර ගැනීමට සමාජය පෙළඹී තිබේ. ඇතැම් අවස්ථාවල ෆේස්බුක් වෙළඳ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කෙරෙන ඇතැම් නිෂ්පාදන ද, අසත්‍ය තොරතුරු පළ කරමින් ඒවා අලෙවි කරනු ලබයි. 

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ කිසිදු මූලික මූලාශ්‍ර පරීක්ෂාවකින් තොර මෙවැනි නිෂ්පාදන විශාල මුදලක් ගෙවා ලබා ගෙන වංචාවන් ට හසු වූ නිෂ්පාදනයක් සම්බන්ධයෙන් Fact Crescendo අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    සතියකින් ස්ථුලතාවය අඩු කර ගැනීමට ක්‍රමයක් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා. මෙම ක්‍රමය බෙහෙත්පෙති භාවිත කිරීමෙන් හෝ ආහාර පාලනය කිරීමෙන් තොර බවට සඳහන් කරමින් එම ක්‍රමය දැක ගැනීමට සබැඳියක් ද, දක්වමින් එම සටහන පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ෆේස්බුක් වෙළඳ දැන්වීමක් ලෙස ද, තව ත් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Archived Link

    මේ සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙම නිෂ්පාදනය පිළිබඳ බොහෝ දෙනා උනන්දු වී ඇති බවයි.

    එමෙන් ම මෙම නිෂ්පාදනය ඇනවුම් කර ඇති පිරිසකගේ ද, ප්‍රතිචාර ද දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සඳහන් පළමු සටහනේ දක්වා ඇති සබැඳිය ඉහත නිෂ්පාදනය සම්බන්ධ කිසිදු පිටුවක් කරා යොමු නොකරනු ලබයි. 

    නමුත් ෆේස්බුක් වෙළඳදැන්වීම් ලෙස වරින් වර ෆේස්බුක් ඔස්සේ දැක ගන්නට ලැබෙන ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති සබැඳියේ ම තව ත් wellnesssavings.shop යන සබැඳියකින් යොමු වූයේ GRACIA LATTE නමැති ශරීරයේ බර අඩු කෙරෙන බවට සඳහන් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තොරතුරු හා එම නිෂ්පාදනය ඔන්ලයින් මිලදී ගැනීමේ වෙබ් පිටුවක් වෙතටයි. එම වෙබ් අඩවිය මෙතනින්. Archived Link.

    මෙහි සඳහන් කරනු ලබන්නේ, Gracia නමැති ශරීරයේ මේද දහනය කිරීමට උපකාරී වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වන බව ත්, මෙම ශාකසාර සාන්ද්‍රණ නිෂ්පාදනයේ එක් මාත්‍රාවක මේද දහනය කිරීමේ අනුපාතය 10 ගුණයකින් වැඩි කරන බවයි.

    GRACIA LATTE / අඟුරු ලතේ නිෂ්පාදනය

    මෙම නිෂ්පාදනය අමෙරිකාවේ විද්‍යාඥයින් විසින් සිදු කළ අධ්‍යනවලින් පසුව ශරීරයේ බර දහනය කිරීමට කෝපි වල රසය ඇති නමුත් සැබෑ සක්‍රිය අඟුරු සමඟ මේදය අවශෝෂණය කර බිඳ දැමිය හැකි පානයක් යනුවෙන් මෙය වෙබ් පිටුවේ හඳුන්වා දී තිබුණා. Archived Link

    එමෙන් ම මෙම පානයේ මිල ශ්‍රී ලංකා රුපියල් 19, 800ක් බව ත්, වට්ටමක් සමගින් රු.9900කට මෙම නිෂ්පාදනය ලබා ගත හැකි බව ත් මෙහි සඳහන්.

    නමුත් අප GRACIA LATTE නමැති පානය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කළ ත්, එවැනි නිෂ්පාදනයක් අමෙරිකාවේ සිදු කෙරෙන බව ට කිසිදු නිල සාක්ෂියක් දැක ගන්නට නොලැබුණි. මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ පමණක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ සබැඳි, සමාජ මාධ්‍ය ගිණුම්, නිල නොවන වෙබ් පිටු හරහා පමණක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link| Archived Link| Archived Link| Archived Link

    GRACIA LATTE නිෂ්පාදනය සම්බන්ධ කිසිදු අධ්‍යනයක් නොමැත

    මෙම නිෂ්පාදනය සම්බන් වෙබ් පිටුවල පෙන්වා දෙන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් GRACIA LATTE නමැති පානයක නමක් හෝ ප්‍රතිඵල සහතික කර නොමැති අතර ඉහත අපහැදිලි ලෙස දක්වා ඇති සහතික පිටපත් ඇති බවට සඳහන් කළ කිසිදු රටක කිසිදු සායනික පරීක්ෂාවක් හෝ සිදු කළ බවට හෝ මානව සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ මෙන් ම කිසිදු රටක අධ්‍යනයක හෝ වාර්තාවක් දැක ගන්නට නොලැබෙන බවට මේ සම්බන්ධයෙන් අප සිදු කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

    මෙනමින් කොස්ටාරිකාවේ බර පාලනය කරන වෙනත් පානයක් සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ මෙලෙසින් දැක ගන්නට ලැබුණත් එහිද නිල තොරතුරක් නිල සායනික පරීක්ෂණ සිදු කර නිල ආයතන විසින් එම නිෂ්පාදනයේ ප්‍රතිඵල තහවුරු කර ඇති බව ට දැක ගන්නට නොලැබේ. Archived Link|Archived Link

    ශ්‍රී ලංකා පෝෂණවේදී සංගමයේ වෛද්‍ය මහේෂ් අත්තනායක නමැති වෛද්‍යවරයෙක් නොමැත

    එමෙන් ම මෙම වෙබ් පිටුවේ සඳහන් කර තිබුණේ, මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පෝෂණවේදී සංගමයේ ප්‍රධාන විශේෂඥයා වන, පෝෂණවේදය සම්බන්ධයෙන් වසර 50ක පළපුරුද්දක් සතු වෛද්‍ය මහේෂ් අත්තනායක විසින් මෙම නිෂ්පාදනය පිළිබඳ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් කර බව ත්, එහිදී ඔහු විසින් “මේ අලුත්ම බර අඩු කර ගැනීමේ ප්‍රතිකර්මය මගේ ගොඩක් රැකියා සගයන්ගේ රස්සාවල් නැති කරන්න ඉඩ තියෙනවා, කොහොම වුණත් බර අධික පුද්ගලයන්ට නම් මෙය සුබ ආරංචියක් වෙනවාට සැකයක් නැහැ.“

    ව්‍යායාම්, ආහාර පාලනය හෝ සෞඛ්‍යයට කිසිදු අවදානමකින් තොරව සතියකට කිලෝ 5-7 අතර ප්‍රමාණයකින් බර අඩු කර ගැනීමට ඉවහල් වන නව ශාකසාර සත්කාරයක්” යනුවෙන් ප්‍රකාශ කර ඇති බවයි.

    wellnesssavings.shop | Archived Link

    මේ හේතුවෙන් එහි පෙන්වා දෙන පරිදි අප වෛද්‍ය මහේෂ් අත්තනායක නමැති වෛද්‍යවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් සම්මුඛ ප්‍රකාශයක් පිළිබඳ පරීක්ෂා කළ ත්, එවැනි සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳ ව මෙන් ම එවැනි වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් ද, කිසිදු තොරතුරක් දැක ගන්නට නොලැබුණි.

    වෛද්‍ය මහේෂ් අත්තනායකගේ ඡායාරූපයක් බවට දක්වා තිබූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව දැක ගන්නට ලැබුණේ මෙම වෛද්‍යරයා ඉන්දියාවේ,දිල්ලි හි මැක්ස් වෛශාලි රෝහලේ ප්‍රමුඛ දණහිස් ශල්‍ය වෛද්‍යවරයෙක් වන වෛද්‍ය සංජේ ගුප්තාගේ ඡායාරූපයක් මෙලෙස පෝෂණවේදී වෛද්‍යවරයෙකු ලෙස පෙන්වා දී ඇති බවයි.

    maxhealthcare.in

    මෙම වෛද්‍යවරයා සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්,මෙතනින් සහ මෙතනින්. Archived Link

    එමෙන් ම මෙම වෙබ් පිටුවේ වෛද්‍ය අහමඩ් ෂෙරීෆ් නමැති විශේෂඥ මත යටතේ මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. 

    අප මෙම පුද්ගලයාගේ ඡායාරූපය ද, Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී රුසියානු වෙබ් අඩවියක දක්වා තිබූ ලිපියක දැක්වූයේ මෙම වෛද්‍යවරයා ආයුර්වේද වෛද්‍යවරයෙක් වන Kieran Anand බවයි.

    yurveda.ru | Archived Link

    ශ්‍රී ලංකා පෝෂණවේදී සංගමේ සභාපති

    ශ්‍රී ලංකා පෝෂණවේදී සංගමේ සභාපති, වෛද්‍ය ආනන්ද චන්ද්‍රසේකර මහතාගෙන්(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ව්‍යවහාරික පෝශනය අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය) අප විමසීමක් කළේ, එම සංගමයේ වෛද්‍ය මහේෂ් අත්තනායක නමැති ප්‍රධාන විශේෂඥයෙකු සිටිනවා ද යන්නයි.

    මහචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, එවැනි පෝෂණ වේදියෙකු නොසිටින බව ත්, එවැනි නමිකින් ප්‍රවීණ පෝෂණවේදි වෛද්‍යවරයෙන් ගැන ද, අසා නොමැති බවයි.

    යම් පානයක්/ ආහාරයක් ලබා ගත් පමණින් ශරීරයේ බර අඩුවනවාද

    මෙලෙසින් යම් පානයක් ලබා ගත් පමණින් ශරීරයේ බර අඩුවනවාද යන්න පිළිබඳ අප කළ විමසීමේදී මහචාර්ය වරයා පෙන්වා දුන්නේ, ඉහත නිෂ්පාදනය සම්පූර්ණයෙන් අසත්‍ය බව ත්, පෝෂණවේදයේ මූලික දෙය තමයි, ශාරීරික ක්‍රියාකාරකම් ව්‍යායාම් කිරීම, ආහාර පාලනය කිරීම හෝ ශරීරයේ බර අඩුකෙරෙන සැත්කමකට භාජනය වීම හැර වෙනත් කිසිදු අයුරකින් ශරීරයේ බර අඩු කර ගැනීමට නොහැකි බවයි. එබැවින් මෙම ක්‍රම වලින් තොරව වෙනත් කිසිදු පානයකින් හෝ ආහාරයකින් වෙනත් ක්‍රමයකින් පමණක් ශරීරයේ බර අඩු කර ගන්නා බවට සඳහන් කරමින් යම් නිෂ්පාදනයක් විකිණීමට තැත් කරන්නේ ද, ඒ සියල්ල වංචනික ලෙස මුදල් ලබා ගැනීම සිදු කෙරෙන ව්‍යාපාර බවයි වෛද්‍ය ආනන්ද චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේ. 

    ෆෙඩරල් වෙළඳ කොමිසම(FTC)

    ආහාර හෝ ව්‍යායාම නොමැතිව බර අඩු කර ගත නොහැකි බවට සඳහන් කරමින් බර අඩු කර ගැනීමට උත්සාහ කිරීමට බර අඩු කිරීමේ නිෂ්පාදන දැන්වීම් පිටුපස ඇති සත්‍යය අනාවරණය කිරීමට එම කොමිසම විසින් සමාජය දැනුවත් කිරීමට නිර්මාණය කර ඇති වීඩියෝවක් පහතින්

    කිසිදු රෝගයකට හෝ කිසිදු පෝෂණ අතිරේකයක් හෝ අත් බෙහෙතක් හෝ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා නොගත යුතු බව සෑම විටම අප අපගේ මෙවැනි විමර්ශනයන් හරහා ඔබව දැනුවත් කරනු ලබන්නේ, මින් ලැබෙන අතුරු ප්‍රතිඵලවල ආදීනව පිළිබඳ කිසිවෙකුට පැවසිය නොහැකි බැවිනි. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය හරහා පළ වන මෙවැනි පළ කිරීම් ඔස්සේ ඔබ වංචාවන් ට හසුවනවා මෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් සිදු වන බැවින් මෙවැනි තොරතුරු සෑම විටම තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මින් පැහැදිලි කරන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.