Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බිමල්, නෙල්ලි කෝලා පානයේ කෙමිකල් ගැන පැවසුවද?

    2021-02-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ‘මා ප්‍රොඩක්ට’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය පසුගියදා ජනගත කිරීම හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත්  ආකාරයේ සටහන් සැරිසරනු දක්නට ලැබුණා. ඒ අතරින් දේශීය ජනතාව මුලා කරමින් මෙසේ පල් කරන ලද නෙල්ලි පානයක් නිර්මාණය කර ඇති බවක් ජනතා විමුක්ති පෙරම

    ‘මා ප්‍රොඩක්ට’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය පසුගියදා ජනගත කිරීම හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත්  ආකාරයේ සටහන් සැරිසරනු දක්නට ලැබුණා.

    ඒ අතරින් දේශීය ජනතාව මුලා කරමින් මෙසේ පල් කරන ලද නෙල්ලි පානයක් නිර්මාණය කර ඇති බවක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී  පෙන්වන ආකාරයේ උපහාසාත්මක සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.  කෙසේනමුත් මේවා ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහන් බව අපට අනාවරණය වුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “පැණි බීම වෙනුවට නෙල්ලි කෝලා” යන තේමවෙන් හුවමරු වී තිබු සටහන් වල දක්වා තිබුනේ “නෙල්ලි ගැට කෙමිකල් සමග පල් කරලා දේශීය නිෂ්පාදනයක් කියලා ජනතාව මුලා කරලා විකුනන්න හදනවා..නෙල්ලි කියන්නේ පල් කරලා බොන්න ඕන දෙයක් නෙවෙයි” යනුවෙන් බිමල් රත්නායක මහතා පැවසු බවක් දක්වා තිබුණා.

    Facebook | Archived   Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    නෙල්ලි කෝලා පානය සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා විසින් අදහස් දැක්වීමක් සිදුකර තිබේ දැයි පරීක්ෂා කිරීමේ දී අපට එවැන්නක් ප්‍රධාන මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුනේ නැහැ. 

    ඉහත සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය Google Reverse Image සෙවුමකට යොමු කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ ද මෙය මීට මාස කිහිපයකට පෙර සිදු වූ මාධ්‍ය සාකච්ඡාවක දී ලබාගත් ඡායාරූපයක් බවයි.

    එය 2020 ඔක්තෝම්බර් මස ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට ආගමනය පිළිබඳ පැවැත්වූ  මාධ්‍ය සකච්ඡාවක දී, බිමල් රත්නායක මහතා මෙරටට පැමිණි Globemaster III ගුවන්යානය රැගත් ඡායාරූපයක් පෙන්වමින් කරුණු දැක්වූ අවස්ථාවක්. බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේ පසුගිය සැප්තැම්බර් මස එම ඡායාරුපය සමඟ පළවූ සටහන පහතින්.

    Facebook | Archived

    එම අවස්ථාව ඇතුළත් මාධ්‍ය වාර්තාවක් මෙතනින්

    ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරුපය සහ 2020 ඔක්තෝබර් මාසයේ මාධ්‍ය සාකච්ඡාවක දී බිමල් රත්නායක මහතා විසින් අදහස් දැක්වූ අවස්ථාවේ සේයාරූ සංසන්දනයක් පහතින්

    මේ සම්බන්ධයෙන්  බිමල් රත්නායක මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු අවධාරණය කළේ, නෙල්ලි කෝලා බීම සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර තිබුනේ නොමැති බවයි.

    තවද මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයේදී දැකගනන්ට ලැබුනේ සංස්කරණය කළ ඡායාරූපයේ තිබූ නෙල්ලි ‍කෝලා බීම ඇතුළත් ඡායාරූපය පසුගියදා ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමේ උත්සවය මුල්කරගනිමින් පළවූ පුවත් වාර්තා වල පළවූ ඡායාරූප අතර වූ එකක් බවයි.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\74 Bimal Fake\screenshot-biz.adaderana.lk-2021.02.26-00_48_03.png

    Ada Derana | Daily Mirror

    “’පැණි බීම -කෝලා’ වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය ජනගත කෙරේ” යන තේමාවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මුල්කත්වයෙන් සිදුවූ මෙම ‘නෙල්ලි කෝලා’ පානයේ ජනගත කිරීම සම්බන්ධයෙන් පළවූ වීඩියෝවක් මෙතනින්

    FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශනයට පැහැදිලි වුනේ බිමල් රත්නායක මහතා විසින් නෙල්ලි කෝලා පානය සම්බන්ධයෙන් කිසිදු ඡායාරූපයක් යොදාගනිමින් හෝ අනෙකුත් අවස්ථාවකදී හෝ මාධ්‍ය වෙත එහි සංයුතිය පිලිබඳ අදහසක් දක්වා නොමැති බවයි. මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබුනේ සංස්කරණය කරන ලද ඡායාරුපයක්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.