Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බිමල් රත්නායක මෝල්ටා රාජ්‍යයේ ආයෝජනය ගැන ප්‍රකාශයක් සිදු කළා ද?

    2023-08-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය ඔස්සේ පුවත් සපයන වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය තුළ පළ වූ පුවත් ලෙස හඟවමින් මේ දිනවල අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    අන්තර්ජාලය ඔස්සේ පුවත් සපයන වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය තුළ පළ වූ පුවත් ලෙස හඟවමින් මේ දිනවල අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව වෙනුවෙන් කළ දෙයක්” – ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායකබිමල් රත්නායක මහතාවිසින් ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    බිමල් රත්නායක මහතා විසින් එවැනි ප්‍රකායක් සිදු කළ බවට දක්වා තිබූ තවත් සටහනක් මෙතනින්.

    Facebook | Archived Link

    එමෙන් ම සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ද, සිදු කරන ලද ප්‍රකාශයක් ලෙසින් හා එය සිරස Newsfirst නිල ෆේස්බුක් පිටුවේ පළ වූ බව ට මේ හා සම්බන්ධ තව ත් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳව අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීබිමල් රත්නායක මහතා විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කර ඇත් ද යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවට ලක් කළා. නමුත් එවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කළ ප්‍රකාශ බවට අපට දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම ‘දසත ලංකා’ වෙබ් අඩවියේ ද සහ එහි  සමාජ මාධ්‍ය ඔස්සේ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෝල්ටාවේ මුදල් ආයෝජනය කිරීමක් හෝ එවැන්නක් පිළිබඳව බිමල් රත්නායක සිදුකළ ප්‍රකාශයක් පිලිබඳ පුවතක් වාර්තා කර නොමැති බව දැක ගන්නට ලැබුණි.

    අප මේ පිළිබඳව බිමල් රත්නායක මහතාගෙන් ද, විමසූ අතර ඒ මහතා තහවුරු කළේ, තමන් එවැනි ප්‍රකාශයක් කිසි විටෙක සිදු නොකළ බවත්, එම අසත්‍ය සටහන යොදා ගෙන ඇති ඡායාරූපය පසුගිය දෙසැම්බර් මස අයර්ලන්තයේ පැවති වැඩමුළුවකට සහභාගී වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි. එම ඡායාරූපය ඇතුළත් 2022 දෙසැම්බර් මස බිමල් රත්නායකගේ නිල ෆේස්බුක් පිටුවේ පළවු සටහනක් මෙතනින්

    කෙසේනමුත් මෙම සටහන් සඳහා මුල් වී තිබු කරුණු පිළිබඳව ද අප සොයා බැලු අතර එහිදී දැක ගන්නට ලැබුණේ, ජනතා විමුක්ති පෙරමුණ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා එක්ව ගනුදෙනුවක් සිදු කරන බවත්, ඒ පක්ෂ අරමුදලේ මුදල්, යුරෝපීය රාජ්‍යයක මුදල් ආයෝජනය කරන බවටත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර තිබු ආකාරයක්. එම ප්‍රකාශය පහතින්.

    https://www.facebook.com/NewsCenterLka/videos/818898893214540/

    මෙම ප්‍රකාශයත් සමඟ සටහන් රැසක් නිර්මාණය වූ අතර, මෙතෙක් ඒ පිළිබඳ නිත්‍ය ලියකියවිලි හෝ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු නොවුණි.

    මේ හේතුවෙන් මෙම ලිපියෙන් අප පෙන්වා දෙනු ලබන්නේ, බිමල් රත්නායක මහතා විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයක් සිදු කර නොමැති බව පමණකි. මෙහි දි කිසිදු අයුරකින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෝල්ටා රාජ්‍යයේ හෝ වෙනත් යුරෝපීය රටක, පක්ෂයේ අරමුදල් ආයෝජනය කර ඇති හෝ නොකර ඇති බවට අප කිසිදු අදහසක් දක්වා නොමැති අතර, ඒ පිළිබඳව ඉදිරියේ දී යම්කිසි තහවුරු කළහැකි කරුණු ඉදිරිපත් වුවහොත් මෙම ලිපිය යාවත්කාලින කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.Update :සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ද,”සොරකමක හා ආයෝජනයක වෙනස නොදන්නා මුග්ධයින්ට උත්තර දෙන්න අපි බැඳී නැහැ” වැනි ප්‍රකාශයක් සිදු කළ නොමැති බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා කළ පරීක්ෂණයේදී තහවුරු වුණා. එමෙන් ම සිරස Newsfirst නිල ෆේස්බුක් පිටුවේ එවැනි පුවතක් වාර්තා නොවී ඇති අතර එම සටහනේ දැක්වෙන ලෙස පසුගිය 15 වන දා ප්‍රවෘත්ති ප්‍රකාශයේ හෝ එවැනි පුවතක් වාර්තා නොවී ඇති බව දැක ගන්නට ලැබෙනවා.අප මේ පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ද, විමසා සිටි අතර ඒ මහතා ද, තහවුරු කළේ, තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව වෙනුවෙන් කළ දෙයක්” යනුවෙන් බිමල් රත්නායක මහතා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, ‘දසත ලංකා’ වෙබ් අඩවියේ හෝ ෆේස්බුක් පිටුවේ එවැනි පුවතක්  ද, පළ කර නොමැති බවයි.

    Also Read: වැසි පිරිත සජ්ජායනය කිරීම සම්බන්ධයෙන් නලින් හේවගේ විසින් ප්‍රකාශක් සිදු කර නැහැ!

    Avatar

    Title:බිමල් රත්නායක මෝල්ටා රාජ්‍යයේ ආයෝජනය ගැන ප්‍රකාශයක් සිදු කළා ද?

    Written By: Fact Crescendo Team 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-08-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.