Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බ්‍රෙට් ලී ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළා ද?

    2022-10-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක බ්‍රෙට් ලී පත් කර ඇති බවට කලින් කලට පළ වන සමාජ මාධ්‍ය සටහන්, මේ දිනවලත් නැවතත් කරළිය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක බ්‍රෙට් ලී පත් කර ඇති බවට කලින් කලට පළ වන සමාජ මාධ්‍ය සටහන්, මේ දිනවලත් නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙට් ලී පත්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වුණා.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙය සත්‍යයක් බවට බොහෝ පිරිසක් උපකල්පනය කර ඇති බවයි.

    එසේම තවත් සමාජ මාධ්‍ය සටහන් පෙළකින් පෙන්වා දී තිබුනේ බ්‍රෙට් ලී ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව ලංකාව පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇති බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බවට නිල නිවේදනයක් මෙරට හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා.

    2019 වසරේ ද මෙවැනි පුවතක් වාර්තා වී තිබෙනු මෙලෙසින් සහ මෙලෙසින් දක්නට ලැබුණද, Archived Link | Archived Link ‍, ඒ කිසිඳු අවස්බ්‍ථාවක දී බ්‍රෙට් ලී විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකවරයා ලෙස පත් නොවුණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය

    අප මෙහි නිරවද්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා පවසා සිටියේ, බ්‍රෙට් ලී සමග එවැනි කිසිදු සාකච්ඡාවක් පවත්වා හෝ ඔහුව වේගපන්දු උපදේශක පුහුණුකරු ලෙස එකතු කර ගැනීමට හෝ අදහසක් මෙතෙක් නොමැති බවයි.

    මෙවර T20 ලෝක කුසලානයේ දී ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්හුඩ් ලෙසත් සහකාර පුහුණුකරු නවීඩ් නවාස් කටයුතු කරන අතර මහේල ජයවර්ධන ද විශේෂඥ පුහුණුකරුවෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වී තිබෙනවා. එසේම දැනට ශ්‍රී ලංකාවේ වේග පන්දු පුහුණුකරු ලෙස දැනට දර්ශන ගමගේ මහතා කටයුතු කරන අතර දඟ පන්දු පුහුණුකරු වන්නේ පියල් විජේතුංග මහතායි.

    T20 ලෝක කුසලාන තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන බ්‍රෙට් ලී

    අප බ්‍රෙට් ලීගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශක වශයෙන් ඔහු කටයුතු කිරීමට සැරසෙන බවට දක්වා තිබුණේ ද, යන්න පරීක්ෂා කළ අතර අපට එවැනි සටහනක් ඔහුගේ නිල ට්විටර් හසුරුව සහ නිල ෆේස්බුක් ගිණුම හරහා අපට දැක ගන්නට නොලැබුණි.

    එසේම මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස බ්‍රෙට් ලී කටයුතු කරන අයුරු අපට දැක ගන්නට ලැබුණු අතර පසුගිය දා ඉන්දියාව සහ පකිස්තානය අතර පවතී සුපිරි තරඟයට පෙර ඔහු ඉන්දියාව තිබුණු ජයක් ලබාගනු ඇති බව පුරෝකථනය කර තිබුණේ මෙලෙසින්.

    2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ පළමු ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඔක්තෝබර් 23 වැනිදා සමත්වුණා. ඒ, අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය කඩුළු 9කින් ජය ගනිමිනි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙට් ලී පත්කර ඇති බවට පළ වන සටහන් අසත්‍ය සහ නොමග යන සුළු බවයි. බ්‍රෙට් ලී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකවරයා වශයෙන් පත්කර නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.