Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: දෙමෝදර රේල් ගැටය ලෙස හුවමාරු වන ඡායරුපයේ සත්‍ය කතාව!

    2021-03-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දෙමෝදර රේල් ගැටය බොහෝ දෙනෙකු විශ්මිත නිර්මාණයක් ලෙස සලකනු ලබනවා. දුම්රිය ස්ථානයට පහතින් ඇති උමගකින් ද යුත් මෙම කොටස කන්දක් වටා තනා ඇති රේල් පාරකින් සමන්විතයි දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවක් කන්ද වටේ ගමන් කිරීමෙන් පසු මේ දුම්රිය ස්ථාන

    දෙමෝදර රේල් ගැටය බොහෝ දෙනෙකු විශ්මිත නිර්මාණයක් ලෙස සලකනු ලබනවා. දුම්රිය ස්ථානයට පහතින් ඇති උමගකින් ද යුත් මෙම කොටස කන්දක් වටා තනා ඇති රේල් පාරකින් සමන්විතයි

    දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවක් කන්ද වටේ ගමන් කිරීමෙන් පසු මේ දුම්රිය ස්ථානයටම යටින් පිහිටි උමගෙන් මතුවෙන දර්ශනය දැක බලා ගැනීමට බොහෝ සංචාරකයන් පිරිසක් පැමිනෙනවා. 

    මේ අතර දෙමෝදර රේල් ගැටය යනුවෙන් පෙන්නුම් කළ ඡායාරුපයක් පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වී තිබුණත් එහි සැබවින්ම පෙන්නුම් කෙරුණේ මෙරට දසුනක් නොව ස්විට්සර්ලන්තයේ ඡායාරුපයක් බව අපට අනාවරණය විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    දෙමෝදර රේල් ගැටය ඇතට පෙනෙන අන්දම දක්වමින් Wasantha Titus නම් අයෙකු ඡායාරූප සටහනක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනා. කන්දක් අසලින් තනා ඇති එම දුම්රිය මගේ ගමන් ගන්නා දුම්රියක් ද සහිතව එම ඡායරූපය පළ කර තිබුනා.

    FacebookArchived

    බොහෝ දෙනෙකු මෙම ඡායාරූපය හුවමාරු කරගෙන තිබුනු අතර එහි සත්‍යතවය පිලිබඳව සොයා බැලීමට අප තිරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙසේ පළ කර ඇති ඡායාරූපය කුමක් දැයි දැන ගැනීමට අප ගූගල් ඉමේජ් සෙවුම් යන්ත්‍රය වෙත යොමු කලා.එහිදී මෙම ඡායාරූපයට සමාන සේයාරූ රැසක් අපට දැකගත හැකි වුනු අතර එම ස්ථානය ස්විස්ටර්ලන්තයේ පිහිටි Brusio spiral viaduct නම් ස්තානය බව පෙනී ගියා.

    මෙම ස්ථානය සහිත කොටස පිලිබඳව විකිපීඩියා වෙබ් අඩවියේද සටහනක් පල කර තිබුනා. එම සටහනට අනුව මෙය Bernina Express නම් දුම්රිය එහි දක්වා තිබෙනවා. 

    WikipediaArchived

    Bernina දුම්රිය මාර්ගය තැනීමේදී ස්වාභාවික භූ දර්ශනයට අනුවර්තනය වන ආකාරයට තැනීමට එවකට ඉංජිනේරුවරුන් තීරණය කර ඇති අතර එසේ දුම්රිය මාර්ගය සකස් කිරීමේදී මෙම සර්පිලාකාර හැඩය ඇති වන පරිදි වක්‍රාකාරව Brusio spiral viaduct නම් මෙම කොටස සකස් කර ඇත.

    ස්විස්ටර්ලන්ත සංචාරක නිල වෙබ් අඩවියද මෙම සර්පිලාකාර Brusio spiral viaduct එක පිලිබඳව සටහනක් ඔවුන්ගේ වෙබ්අඩවියේ සඳහන් කර තිබේනවා.එහිද මෙම ස්තානයේ පැහැදිලි ඡායාරූපයක් දැක බලා ගැනීමට හැකියි.

    myswitzerland.comArchived

    මෙම මනස්කාන්ත දර්ශන සහිත දුම්රිය ගමන් මාර්ගය යුනෙස්කෝ උරුමයක් ලෙසද නම් කර ඇති අතර මෙම ප්‍රදේශයෙන් දුම්රියක් ගමන් ගන්නා අන්දම මෙම වීඩියෝ පටයෙන් දැකගන්නට පුලුවන්.

    ලෝ ප්‍රකට TripAdvisor වෙබ් අඩවියේද මෙම ස්තානය පිලිබඳව ඡායරූප දැකගත හැකියි. ඒ අනුව මෙම ස්තානය දෙමෝදර රේල් ගැටය නොවන බව පෙනී යනවා.

    ලංකාවේ පිහිටි දෙමෝදර රේල් ගැටය සහ පාලම ඉදිකොට පසුගිය දා වසර 100ක් ගතවී තිබීම හේතුවෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් ම දැක ගන්නට ලැබුණා. Silumina

    ඒ පිලිබඳ වීඩියෝවක් පහතින්.

    https://www.facebook.com/840231546072179/posts/3718830754878896

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු විමර්ශනයට අනුව අපට පහැදිලි වන්නේ ලංකාවේ පිහිටි දෙමෝදර රේල් ගැටය නමින් හුවමාරු වී තිබු ඡායාරූපය ඇත්ත වශයෙන්ම UNESCO ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන දුම්රිය මාර්ගයක තිබෙන ස්විස්ටර්ලන්තයේ පිහිටි Brusio spiral viaduct නම් ස්ථානයේ ඡායාරූපයක් බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:දෙමෝදර රේල් ගැටය ලෙස හුවමාරු වන ඡායරුපයේ සත්‍ය කතාව!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.