Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බුද්ධශාසන අමාත්‍යවරයා කතෝලිකයෙකු බවට සහ රුවන්වැලි සෑයට අපහාස කළ බවට පැතිරෙන සටහන්වල ඇත්ත නැත්ත!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-29
    8 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා “කල්වාරි කතෝලිකයෙකු” බවත්, ඔහු රුවන්වැලි මහා සෑය “ස්මාරකයක්” ලෙස හඳුන්වා හෑල්ලු කළ බවත් කියමින් සමාජ මාධ්‍යයේ සටහන් සහ වීඩියෝ පැතිරෙයි. අප මේ පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයක් ම

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා “කල්වාරි කතෝලිකයෙකු” බවත්, ඔහු රුවන්වැලි මහා සෑය “ස්මාරකයක්” ලෙස හඳුන්වා හෑල්ලු කළ බවත් කියමින් සමාජ මාධ්‍යයේ සටහන් සහ වීඩියෝ පැතිරෙයි. අප මේ පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයක් මෙතනින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    2026 ඔක්තෝබර් 20 වැනිදා පැවති බුද්ධශාසන සභාවේ සාකච්ඡාවෙන් අනතුරුව, රුවන්වැලි මහා සෑය ආශ්‍රිත සංවර්ධන සැලසුම් පිළිබඳව බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කළ පැහැදිලි කිරීමේදී, සෑ රජාණන් වහන්සේ සම්බන්ධයෙන් “ස්මාරකය” යන වචනය භාවිත වීම සහ සුනිල් සෙනවි අමාත්‍යවරයා විසින් හිනිදුම කල්වාරි කන්ද “ලෝක පූජිත” ලෙස ප්‍රකාශ කිරීමත්, සමාජයේ දැඩිව විවේචනයට ලක්වී තිබුණා.

    Facebook

    ඔක්තෝබර් 28 වැනිදා ද “සිංහල බෞද්ධ රටේ බුද්ධ සාසන ඇමති කල්වාරි කතෝලිකයෙක්” සහ “රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලී මහා සෑය නෙමේ. ඒක ස්මාරකයක්” යන පාඨ සහිත සටහන් පළ විය.

    ශෙහානි අපූර්වා සේනානායක පළ කළ, බුද්ධශාසන ඇමති සහ රුවන්වැලි මහා සෑය සහිත සමාජ මාධ්‍ය රූපසටහනේ තිර රුවක්
    රුවන්වැලි මහා සෑය ස්මාරකයක් යැයි ඇමති කී බවට පැතිරවූ වීඩියෝ සටහනක තිර රුවක්
    ජාතික ජන බලවේගය විරෝධය රැස්වීමක කතා කරන බුද්ධශාසන ඇමති සහිත Facebook සටහනේ තිර රුවක්
    බුද්ධ සාසන ඇමති කල්වාරි කතෝලිකයෙක් යැයි සඳහන් Facebook සටහනේ තිර රුවක්

    Facebook 1 | Facebook 2 | Facebook 3 | Facebook 4 | Facebook 5

    TikTok post spreading the claim
    TikTok 1 | @dasathalankanews
    TikTok post spreading the claim
    TikTok 2 | @priyankaramahagammullage

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කතෝලිකයෙකු බවත්, ඔහු 2026 ඔක්තෝබර් 20 වැනිදා රුවන්වැලි සෑය “මහා සෑය නොව ස්මාරකයක්” ලෙස හඳුන්වා හෑල්ලු කළ බවත්.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    නිල වාර්තාවල ඇමතිවරයාගේ ආගම බෞද්ධ ලෙස සඳහන් වේ

    ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බෞද්ධාගිමකයෙකු වේ. ඒ බවට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද, ඔහුගේ ආගම ලෙස බෞද්ධ ලෙස සඳහන් වී ඇති අයුරු ද, මෙලෙසින් දැක ගන්නට ලැබේ.

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇමතිවරයාගේ ආගම බෞද්ධ යැයි සඳහන් පැතිකඩේ තිර රුවක්

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ද, අප කළ විමසීමේදී පවසා සිටියේ අමාත්‍යවරයා බෞද්ධාගමිකයෙකු බවයි.

    “බුද්ධශාසන ඇමති බෞද්ධයෙකු නොවේ” යන ප්‍රකාශය අප 2025 නොවැම්බරයේදී ද කරුණු පරීක්ෂාවක් සිදු කළ සත්‍ය වාර්තා කරනු ලැබීය.

    Also Read : බුද්ධශාසන ඇමති බෞද්ධ ආගමිකයෙකු නොවේද?

    බුද්ධශාසන ඇමති”කල්වාරි කතෝලිකයා” ලෙස හැඳින්වූයේ ඇයි?

    2023 ජූලි 15 වැනිදා යූටියුබ් හි පළ වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇමතිවරයා තම පවුලේ කල්වාරි සම්බන්ධය පැහැදිලි කර තිබුණා. ඔහුට අනුව, 1923 දී උපන් ඔහුගේ පියා 1936 දී මාපලගම සිට හිනිදුමට පැමිණියේ, පල්ලිය අසල තිබූ තම සහෝදරයාගේ කඩයක වැඩ කිරීමට ය.

    පල්ලිය පවත්වාගෙන ගිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් වඩු කර්මාන්තය ඉගෙන ගත් පියා, ශාන්ත ආනා දේවස්ථානයේ සහ කල්වාරි පුදබිමේ වඩු වැඩ සියල්ල කළ බව ඔහු එහිදී සඳහන් කරනු ලබන්නේ මෙලෙසින්.

    හිනිදුම බෞද්ධ ගමක් බවත්, ගමේ පන්සල සහ පල්ලිය අතර ගැටුමක් නොතිබූ බවත් ඔහු එහිදී කියයි. හිනිදුම කල්වාරි පුදබිම ආරම්භ වූයේ 1948 දී, එවකට එහි සහාය පූජකවරයා වූ සිරිල් එදිරිසිංහ පියතුමාගේ අදහසකින් බව ත්, බෞද්ධ ගමක පිහිටි එය බෞද්ධ සහ ක්‍රිස්තියානි ජනතාවගේ සහාය ඇතිව ගොඩනැගුණු බවත් 2006 දී පළ වූ ලිපියක සඳහන් වේ.

    *කල්වාරිය යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා අපවත් කරන ලද ජෙරුසලම් නගරයට පිටතින් පිහිටි කන්ද හෝ ස්ථානයයි. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසූ ජෙරුසලමේ කල්වාරි කන්දේ අනුරුවක් ලෙස හිනිදුම කල්වාරිය පුදබිම නිර්මාණය කර ඇත.

    ඒ අනුව, ඔහුගේ නම “කල්වාරිය” සමග ඈදෙන්නේ “හිනිදුම කල්වාරි කතෝලිකයා” යන යෙදුම, සමාජ මාධ්‍ය සටහන්වල භාවිත කර ඇත්තේ ඔහු කතෝලිකයෙකු හේතුවෙන් නොව අමාත්‍යවරයාගේ, පියාගේ වෘත්තීය දායකත්වය නිසා ය.

    “ලෝක පූජිත” යැයි ඔහු කීවේ කල්වාරිය කතෝලිකයන්ට ඇති වටිනාකම ගැනයි

    රීල් එකේ ඇති “ලෝක පූජිත” යන වචනය, එම සම්මුඛ සාකච්ඡාවට ඇතුළත් කළ ඔහුගේ කතාවක කොටසකි. එහිදී ඔහු “ලෝක ප්‍රසිද්ධ කල්වාරිය හදපු වඩු කාර්මිකයා මගේ පියා” යැයි පවසා, එය “ලෝක පූජිත කල්වාරියක්” වේවි යැයි පියා එදා නොසිතන්නට ඇතැයි කියන්නේ මෙලෙසිනි.

    ඉන් පසු ඔහු “බෞද්ධයන්ට සිරිපාදය වගේ තමයි කතෝලික ක්‍රිස්තියානි උදවියට කල්වාරිය” යැයි සසඳයි. එනම්, ඔහු කතා කළේ තම ඇදහීම ගැන නොව, එම ස්ථානය කතෝලිකයන්ට ඇති වැදගත්කම ගැනයි.

    එම සාකච්ඡාවේදී ඔහු කුඩා කල නත්තලට ගවලෙන හැදූ බවත්, දැනුදු පුතා වෙනුවෙන් නත්තල් ගසක් සකසන බවත් කියයි. ආගම් අතර සහජීවනය ගැන ඔහුගේ මෙම ආකල්පය ඇතැමුන් කතෝලික බවට සාක්ෂියක් ලෙස කියවිය හැකි වුව ත්, ඔහු කිසි තැනක තමා කතෝලිකයෙකු යැයි නොකියයි. ඒ වෙනුවට, ගමේ පන්සලේ භික්ෂුවක් තම ජීවිතයට බලපෑ බව ද ඔහු එහිදී සඳහන් කරයි.

    ඔක්තෝබර් 20 දා ඔහු රුවන්වැලි සෑය හැඳින්වූයේ “ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ” ලෙසයි

    ඔක්තෝබර් 20 බුද්ධශාසන සභා රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝවේ, ඇමතිවරයා අනුරාධපුරය ගැන කතා කරන්නේ 16:16 සිට ය. ගැසට් පත්‍රය ගැන පැහැදිලි කරමින් ඔහු “රුවන්වැලි සෑය අපේ ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු පූර්ණ අටමස්ථානය … අධි සංවේදී කලාපය ඇතුළේ තියෙන්නේ” යැයි පවසන්නේ මෙලෙසිනි.

    සම්පූර්ණ කතාවේ කොතැනකවත් “රුවන්වැලි මහා සෑය ” හෝ එය “නිකන්ම ස්මාරකයක්” යන වචන ඔහු භාවිත නොකරයි.

    “ස්මාරක” යන වචනය ඔහු භාවිත කළේ ඇත් පවුර සහ ආරක්ෂිත භූමිය ගැන කතා කිරීමේදීය

    ඔහු “ස්මාරක” යන වචනය දෙවරක් භාවිත කරයි. පළමුව, රුවන්වැලි සෑයේ වැලිමළුවට ඔබ්බෙන් ඇති ඇත් පවුර ගැන “ඒවා පුරාවිද්‍යා ස්මාරක. ඒවා වෙනස් කරන්න, ගලවන්න … කිසිවෙකුට බෑ” යැයි කියයි. මෙතනින්.

    දෙවනුව, වැට ගැන කතා කරමින් “ඒ භූමි කොටස් මේ ස්මාරකයට ඇතුළත් වෙන පරිදි බොහොම දුරින් තමයි මේ වැට ඉදිකෙරෙන්නේ” යැයි කියයි. මෙතනින්. මෙහි “මේ ස්මාරකය” යනු ආරක්ෂිත පූජා භූමි ප්‍රදේශයයි. පැතිරෙන කෙටි වීඩියෝ සහ සමාජ මාධ්‍ය සටහන් පදනම් කරගෙන ඇත්තේ මෙම කොටසයි.

    ඔහු පූජා භූමිය සඳහා “ස්මාරකය” යන වචනය භාවිත කළ බව සත්‍යයකි. සෑ රජාණන් වහන්සේ සම්බන්ධයෙන් එය ඇසීම බොහෝ බෞද්ධයන්ට සංවේදී විය හැකිය. එහෙත් අදාළ ගැසට් පත්‍රයේ ඉංග්‍රීසි පාඨය ද අටමස්ථානය ඇතුළු භූමිය “historic monuments” (ඓතිහාසික ස්මාරක) ලෙස හඳුන්වයි. ඔහු භාවිත කළේ එම පරිපාලන හා පුරාවිද්‍යා භාෂාව බව පෙනේ.

    ගැසට් පත්‍රයේ වැට යෝජනාවක් ඇත; ඇමතිවරයා කියන්නේ එය සෑයට දුරින් බවයි

    මෙම කතාබහට මුල් වූයේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අත්සනින් 2026 පෙබරවාරි 27 වැනිදා නිකුත් වූ අංක 2477/44 අති විශේෂ ගැසට් පත්‍රයයි. මෙතනින්. 1984 දී ගැසට් කළ අනුරාධපුර පූජා භූමි සැලැස්ම යාවත්කාලීන කරන එය, අධි සංවේදී කලාපය (A) “අටමස්ථානය සහ අනෙකුත් ඓතිහාසික ස්මාරක ඇතුළු මූලික පූජා භූමිය” ලෙස හඳුන්වයි.

    එම ගැසට් පත්‍රයේ යෝජනා අතර “Construction of security fence around Ruwenweliseya” (රුවන්වැලි සෑය වටා ආරක්ෂක වැටක් ඉදිකිරීම) යන්න ද ඇතුළත් ය. එබැවින් වැටක් ගැන මතු වූ ප්‍රශ්න පදනම් රහිත නොවේ. ඇමතිවරයාගේ පැහැදිලි කිරීම අනුව, වැට ඉදිකරන්නේ සෑය අසල නොව, අතිරේක භූමි කොටස් ද ආවරණය වන සේ මාර්ගයට ආසන්නව දුරින් ය. වැටේ නිශ්චිත පිහිටීම පෙන්වන සිතියමක් අපට සොයාගත නොහැකි විය.

    මල් ආසන ඉවත් කරන බවට, රාම කෝවිලක් ඉදිකරන බවට සහ ඉන්දියානු රජයේ මැදිහත්වීමක් ඇති බවට පැතිරෙන ප්‍රකාශ සාවද්‍ය බවත්, ඒවාට එරෙහිව නීතිමය පියවර ගැනීමට අමාත්‍යාංශ දෙකම අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

    අනුරාධපුරය ගැන පැතිරුණු ව්‍යාජ BBC කාඩ්පතක් පිළිබඳ අප සිදු කළ කරුණු විමාර්ශන වාර්තාවක් පහතින්. වාර්තාව මෙතනින්.

    Claim 2 :

    මේ අතර අමාත්‍ය සුනිල් සෙනෙවි විසින් සිදුහත් ආත්මාර්ථකාමියෙක් යනුවෙන් ග්‍රන්ථයක් රචනා කර ඇති බවට දක්වමින් ද, සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා.

    හෙළ අරණ නමැති Facebook පිටුවේ පළ කළ, බුද්ධ ශාසන ඇමතිවරයා ගැන සටහනේ තිර රුවක්

    Facebook | Archived Link

    එමෙන් ම WhatsApp ඔස්සේ ද, මෙය බහුල වශයෙන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    “Forwarded many times” ලෙස සලකුණු කළ, හිනිදුමු සුනිල් සෙනෙවිගේ නම සහිත “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” පොත් කවරය පෙන්වන වට්ස්ඇප් පණිවිඩයේ තිර රුව

    Fact check :

    අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා විසින් ලියූ පොතක් බව පෙන්වා ඇති ඉහත ග්‍රන්ථයේ ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී එම පොතෙහි පිට කවරයේ ඇති අකුරු මුද්‍රණය කර ඇති ආකාරයේ අස්වාභාවික බව ක්, මෙන් ම අමාත්‍යවරයාගේ නම ද, ‘හිනිදුමු සුනිල් සෙනේවි’ යනුවෙන් වැරදියට සඳහන් කර ඇති බව ද, දැක ගන්නට ලැබේ. පොත් මුද්‍රණයේදී පිට කවරයේ එලෙසින් කතු වරයාගේ නම වරදවා මුද්‍රණය කිරීමට නොහැකිය. කෘතිම බුද්ධිය ඔස්සේ ඡායාරූප ජනනය කිරීමේදී සිංහල අක්ෂර පැහැදිලිව සඳහන් නොවන ආකාරයේ දුර්වලතා මෙහිදී ද දක්නට ලැබේ. හිනිදුම නාමය වෙනුවට හිනිදුමු යන්න සඳහන් කිරීමේ ‘හි’ යන්න ‘හ’ අක්ෂරය පැහැදිලි නොමැති බව ද, මෙහිදී පැහැදිලිව දැක ගන්නට ලැබේ.

    “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” පොත් කවරයේ කතුවරයාගේ නම රතු පැහැති කොටුවකින් ඉස්මතු කර දක්වන රූපය

    මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සිනමා විචාරය, සාහිත්‍යය, කාව්‍ය විචාරය සහ ගුවන්විදුලි නාට්‍ය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත් කර තිබේ.

    බරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස එතුමාගේ අධ්‍යාපන සුදුසුකම්, පර්යේෂණ ජර්නල (Indexed Journals) සහ නිල තොරතුරු බැලීමට Sabaragamuwa University Staff Directory පිවිසෙන්න.

    ගූගල් ස්කොලර් (Google Scholar) සිනමා විචාරය, නූතන සිංහල කවිය සහ වෙනත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එතුමා කර ඇති පර්යේෂණ ලිපි සහ උපුටා දැක්වීම් (Citations) නැරඹීමට Hiniduma Sunil Senevi – Google Scholar පිටුවට පිවිසෙන්න.

    රිසර්ච් ගේට්(ResearchGate), එතුමාගේ පර්යේෂණ පත්‍රිකා කියවීමට Hiniduma Senevi – ResearchGate ගිණුම භාවිතා කළ හැක.

    ඔහු විසින් රචිත ග්‍රන්ථ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    නමුත්, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” නමින් කිසිදු ග්‍රන්ථයක් ලියා හෝ ප්‍රකාශයට පත් කර නොමැති බව ද, අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබේ.

    බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, අප මේ පිළිබඳව විමසූ අතර ඔහු ද, තහවුරු කළේ මෙම පුවත අසත්‍ය බවයි.

    Also Read : අනුරාධපුර පූජා නගරය බෞද්ධයින්ට පමණක් නොවන බව අගමැතිනිය පැවසුවා ද?

    මාලිමා ආණ්ඩුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරල ද?

    දියවඩන නිළමේ ධුරය ගැන බුද්ධශාසන ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

    මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    නිගමනය (Conclusion) :

    බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කතෝලිකයෙකු බවට වන ප්‍රකාශය අසත්‍යයි. පාර්ලිමේන්තු වාර්තාවල ඔහුගේ ආගම බෞද්ධ ලෙස සඳහන් වන අතර, හිනිදුම කල්වාරිය සමඟ ඇති සම්බන්ධය ඔහුගේ පියා එහි වඩු කාර්මිකයෙකු ලෙස සේවය කිරීමයි.

    ඔක්තෝබර් 20 වැනිදා ඔහු රුවන්වැලි සෑය “ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ” ලෙස නම් කළ අතර, “ස්මාරක” යන වචනය භාවිත කළේ ඇත් පවුර සහ ආරක්ෂිත පූජා භූමිය ගැනයි. “මහා සෑය, ස්මාරකයක්” යැයි ඔහු කීවේ නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.