
දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්රකාශ බොහෝ අවස්ථාවන් වලදී සමාජ මාධ්ය තුළින් විකෘති කර පළ කරන අතර ඇතැම් අවස්ථාවන් වල දේශපාලනඥයින්ගේ ඡායාරූප ද අවභාවිතා කරමින් සංස්කරණය කර සමාජ ඔස්සේ ප්රචාරය කිරීම දක්නට ලැබෙන සුලබ කරුණක්. එලෙස සංස්කරණය කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.
සමාජ මාධ්ය සටහන් :
කාන්තා හිංසනය පිටුදකිමින් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැත්වූ නිහඬ සංකේත විරෝධතාවයදී පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා විසින් ද, “කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු ! ” යනුවෙන් සඳහන් කළ පාඨයක් සිය වස්ත්රයේ ගසා ඇති බවට දක්වමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප සටහනක් පළ වුණා.

එම ඡායාරූපය තවත් සමාජ මාධ්ය සටහන් වල සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, සහ මෙලෙසින්. Archived Link| Archived Link
නිර්මාණාත්මක විරෝධතා යනුවෙන් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ බවට එම ඡායාරූපය දක්වමින් තවත් ෆේස්බුක් සටහන් මෙලෙස ද පළ වී තිබුණා. Archived Link

පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාද මෙම ස්ටිකරය පැළඳ සිටින බවට දක්වා තිබුණු තවත් සටහනක් මෙතනින්. Archived Link
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
විපක්ෂ මන්ත්රීවරු, “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” යනුවෙන් සඳහන් ස්ටිකර් සහ අත්වල තැඹිලි පැහැති පටි පැළඳ ගනිමින් පාර්ලිමේන්තු රැස්වීමට ඊයේ(25) දින සහභාගි වූ අයුරු අපට දැකගන්නට ලැබුණා.
පසුගිය දා අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා කළ ප්රකාශයකට විරෝධය දැක්වීම මෙහි අරමුණ වූ අතර කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්යන්තර දිනය ද ඊයේ දිනයට යෙදී තිබීම හේතුවෙන් මෙලෙස විපක්ෂ මන්ත්රීවරු කටයුතු කර තිබුණා. ඒ බවට විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මෙලෙසින්. (37 වන විනාඩියේ සිට)
විපක්ෂ මන්ත්රී මෙලෙස ස්ටිකර් සහ අත්වල තැඹිලි පැහැති පටි පැළඳ ගනිමින් පාර්ලිමේන්තුවට පැමිණි බවට ප්රධාන මාධ්ය මෙන්ම නිල ෆේස්බුක් පිටු සහ ඇතැම් දේශපාලඥයන්ගේ නිල ගිණුම් හරහා දක්වා තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
මෙම ඡායාරූප වල හෝ පාර්ලිමේන්තු සජීවී විකාශයේ වීඩියෝ දර්ශන වල හෝ ඉහත සමාජ මාධ්ය සටහන් ඔස්සේ සංසරණය වී තිබූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා එලෙස ස්ටිකර් එකක් පැළඳ සිටින ආකාරයේ කිසිදු ඡායාරූපයක් අපට දැක ගන්නට නොලැබුණි.
එම ඡායාරූපය සම්බන්ධයෙන් කළ වැඩිදුර නිරීක්ෂණයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතාගේ එම කෝණයෙන් සිටින ඡායාරූපයක් වෙත අපගේ අවධානය යොමු වුණා.

එම ඡායාරූප අතර සංසන්දනය පහතින්.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ හිසේ ඡායාරූපයක් ගෙන මෙලෙස මන්ත්රී බුද්ධික පතිරණ මහතාගේ ඡායාරූපයට සංස්කරණ කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණියේද යන්න විමසීමට රණවක මහතාගේ සම්බන්ධීකාරකවරයාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, මන්ත්රීවරයා ඊයේ දිනයේදී පැය භාගයට පමණ ආසන්න කාලයකට පාර්ලිමේන්තුවට සහභාගී වූ බවයි. එමෙන්ම එම අවස්ථාවේදී ඊයේ දිනයේදී කාන්තා හිංසනය සම්බන්ධයෙන් ගෙන ගිය නිහඬ විරෝධතාව සඳහා තැඹිලි පැහැති අත්පටිය පමණක් පැළඳි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් අපට පාඨලී චම්පික රණවක මහතාගේ ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඡායාරූපයක් හෝ පාර්ලිමේන්තු සජීවි විකාශයේ දී දැක ගන්නට නොලැබුණි. එලෙස ඡායාරූපයක් ලැබුණු පසු මෙම පුවත එම ඡායාරූපය සමගින් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
සමස්ත ලංකා මහජන කොංග්රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ඡායාරූපය සම්බන්ධයෙන් එදින පාර්ලිමේන්තු සජීවි දර්ශනය නිරීක්ෂණය කිරීමේදී ඒ මහතා එදින පාර්ලිමේන්තු සභා ගර්භයේදී දැක ගන්නට නොලැබුණි.
එමෙන්ම එලෙස “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” යනුවෙන් සඳහන් ස්ටිකර් සහ අත්වල තැඹිලි පැහැති පටි පැළඳ ගනිමින් නිල සමාජ මාධ්ය ගිණුම්, නිල ෆේස්බුක් පිටු ඔස්සේ හෝ ප්රධාන මාධ්ය ධාරා පුවත් වල මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් අපට දැක ගන්නට නොලැබුණි.
ඒ හේතුවෙන් අප මේ පිළිබඳව විමසීමට මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා. මන්ත්රීවරයා සඳහන් කළේ, එදින තමන් පාර්ලිමේන්තුවට සහභාගී නොවූ බවයි.
අප ඉහත ඡායාරූපය සම්බන්ධයෙන් විමර්ශය කිරීමදී දැක ගන්නට ලැබුණේ, 2019 වර්ෂයේදී ජූනි 18 වනදා මන්ත්රීවරයාගේ නිල Twitter ගිණුම හරහා පළ කළ පාර්ලිමේන්තුවේ වීඩියෝවක ඉහත ඡායාරූපයේ සඳහන් ආකාරයේ ඇඳුමකින් සැරසී සිටි බවයි.
Today .@ParliamentLK -An Hon MP of the House been making false allegations, wrongly linking me to #EasterSundayAttacksLK deepening racial hatred in #SriLanka – "A daughter of brother of Mother of #Rishad was a bomber" he said.
— Rishad Bathiudeen (@rbathiudeen) June 18, 2019
A BIG #Lie .
My mother NEVER had ANY brothers.#lka pic.twitter.com/16MEkXhkRh
එම වීඩියෝව ඇතුළත් තවත් ෆේස්බුක්හි දක්වා තිබූ වීඩියෝවක් මෙතනින්.
එදින මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් පළ වූ පුවත් පතකද එම ඡායාරූපය යොදා ගෙන තිබුණේ මෙලෙසින්. Archived Link
මන්ත්රීවරයා වෙනත් Twitter පණිවිඩයකද එම ඡායාරූපය යොදා ගෙන තිබුණේ මේ අයුරින්.
.@rbathiudeen in .@ParliamentLK
— Rishad Bathiudeen (@rbathiudeen) October 11, 2019
' #SriLanka new company registrations can now be done from the comfort of your home for the first time.."https://t.co/oTwVQXdhum#lka #incorporation pic.twitter.com/JJYZGJqbeF
මන්ත්රී වරයා සම්බන්ධ පුවත් සඳහා මෙම ඡායාරූපය බහුලය යොදා ඇති බවට අන්තර්ජාලය හරහා නිරීක්ෂණයේදී පෙනී යනවා. එලෙස වෙනත් පුවත් සඳහා මෙම ඡායාරූපය යොදා ගත් අවස්ථාවක් මෙතනින්.
සමාජ මාධ්ය සටහන යොදා ගත් ඡායාරූපය සත්ය ඡායාරූපයේ කෝණය වෙනස් කරමින් “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” ස්ටිකරය පැළඳ ඇති බවට සංස්කරණය කර තිබුණා.
සත්ය ඡායාරූපයේ සහ සංස්කරණයට භාජනය කළ ඡායාරූප අතර සංසන්දනය පහතින්.

සැ.යු : පාඨලී චම්පික රණවක සහ රිෂාඩ් බදියුදීන් යන මන්ත්රීවරුන්ගේ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබූ ඉහත ඡායාරූප සංස්කරණයට භාජනය කළ ඡායාරූප බවට පමණක් අප මෙම විමර්ශනයෙන් පෙන්වා දී ඇති අතර කාන්තා හිංසනය සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය හෝ ක්රියාකලාපය පිළබඳ අප මෙයින් කිසිදු අදහසක් දක්වා නොමැත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ඹනයට අනුව පෙන්වා දිය හැක්කේ, ඊයේ දිනයේදී කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්යන්තර දිනයට සමගාමීවව පාර්ලිමේන්තුවේදි විපක්ෂය විසින් දියත් කෙරුණු නිහඬ විරෝධතාවයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ඡායාරූපයක් බවට දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතාගේ ඡායාරූපයකට සංස්කරණය කර නිර්මාණය කරන ලද බවයි.



