Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කාන්තාවන් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් ප්‍රහාරයට ලක් වූ භික්ෂුව මහමෙව්නා භාවනා අසපුවේ භික්ෂුවක් නොවේ!

    2024-04-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අසපු ජාලය ලෙසින්ද හඳුන්වන මහමෙව්නාව අසපුව ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව තුළ සැලකිය යුතු ස්ථානයක් හිමිකර ගනී. එහි ශාඛා රට පුරා පැතිරී ඇති අතර එය ගෞරවනීය ආයතනයකි. කෙසේ වෙතත්, මෙම අසපුව සම්බන්ධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අසපු ජාලය ලෙසින්ද හඳුන්වන මහමෙව්නාව අසපුව ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව තුළ සැලකිය යුතු ස්ථානයක් හිමිකර ගනී. එහි ශාඛා රට පුරා පැතිරී ඇති අතර එය ගෞරවනීය ආයතනයකි. කෙසේ වෙතත්, මෙම අසපුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ද, සිදුවන අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාර නිසා එහි කීර්ති නාමයට ද, හානි පැමිණ තිබේ. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “මහමෙවුනා භික්‍ෂුවකට ගුටි පූජාවක්..ගිහි ඇදුමින් කාන්තාවක් සමග නිවසක ඉදලා..” යනුවෙන් සඳහන් කරමින් මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘන් වහන්සේ වන අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ඡායාරූපයක් ද, පළ කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived 

    මෙහි නිරවද්‍යතාවය සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මෙවැනි පුවතක් වාර්තාකර ඇත්දැයි යන්න පිළිබඳව අප පරීක්ෂා කළ අතර එහිදී දැක ගැනීමට හැකි වූයේ පසුගිය අප්‍රේල් 25 වන දා දිනමිණ පුවත් පතේ මේ සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර ඇති බවයි. “ඊයේ අලුයම බුලත්සිංහල චීවරධාරියෙකුට ගුටි පූජාවක්” යන සිරස්තලයෙන් මෙම පුවත් ලිපිය පළ වී තිබුණා.

    එහිදී පෙන්වා දෙන්නේ, මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමකට ඉකුත් 24 දින උදෑසන මහ මඟදී පහරදීමක් සම්බන්ධව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය සඳහන් කළ බවයි.

    මෙම හිමිනම අනාචාරයේ හැසිරෙනවා යැයි උරණ වූ ගම්වාසීන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද, ප්‍රදේශයේ අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන නිවසකට ගොස් අලුයම් කාලයේදී කොට කලසමකින් හා “ටීෂර්ටය” කින් සැරසී හිස්වැසුමක්ද පැලඳ ආපසු පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇතැයි බදුරලිය පොලිසිය සඳහන් කළ බව ත් එහි වැඩි දුරටත් දක්වා තිබුණා. එම සම්පූර්ණ පුවත් ලිපිය මෙතනින්.

    ඉහත පුවත් වාර්තාවේ එම ස්වාමින් වහන්සේ වැඩ සිටි විහාරය “මහමෙවුනා විහාරය” ලෙස සඳහන් කර ඇති අතර එම සිදුවීම කළුතර දිස්ත්‍රික්කයේ, බදුරලිය ප්‍රදේශයේ සිදු වූ බව සඳහන් වේ. අප කළ වැඩිදුර විමර්ශනයදී අනාවරණය වූයේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පොලිස් වසමේ මහමෙව්නා විහාරය සහ මහමෙව්නා අසපුව නමින් බෞද්ධ ස්ථාන දෙකක් ඇති බවයි.

    Web 

    මහමෙව්නා භාවනා අසපුව

    මෝල්කාව ගලහිටිය ප්‍රදේශයේ පිහිටි ‘මහමෙව්නා’ නාමය සහිත විහාරස්ථානයක් සහ එම සිදුවීමට සම්බන්ධ එහි වැඩසිටි භික්ෂුවත්  එකී විහාරස්ථානය මහමෙව්නාව භාවනා අසපු සංචිතයට අයත් විහාරස්ථානයක් නොවන බවත් එම භික්ෂුව මහමෙව්නාවේ භික්ෂුවක් නොවන බවත් සඳහන් කරමින් මහමෙව්නා භාවනා අසපුව සිය ෆේස්බුක් නිල පිටුව හරහා සටහනක් තබමින් සඳහන් කර තිබුණේ මෙලෙසින්. 

    Archived

    බදුරලිය සහ බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරුන්

    බදුරලිය සහ බුලත්සිංහල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, පහරකෑමට ලක්වූ හිමිනම මහමෙව්නා භාවනා අසපු ජාලයට අයත් නොවන බව ත්, ගලහිටිය, මොලකාව ප්‍රදේශයේ පිහිටි මහමෙවුනා විහාරය හෙවත් ගලහිටිය විහාරය වෙනමම විහාරයක් බව යි.

    බදුරලිය සහ බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂුන්

    බදුරලිය සහ බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානවල වෙසෙන භික්ෂූන් වහන්සේලා කිහිප නමකගෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඇතැම් භික්ෂූන් වහන්සේලා මහමුණව විහාරය සහ මහමුණව අසපුව අතර සම්බන්ධයක් ගැන නොදැන සිටියද, ඇතැම් භික්ෂුන් තහවුරු කළේ, එම විහාර ස්ථාන දෙක අතර සම්බන්ධයක් නොමැති බවයි.

    දිනමිණ මාධ්‍යවේදියාගේ ප්‍රකාශය

    මෙම ලිපිය වාර්තා කළ ප්‍රේමතිලක‍ෙමහතාගෙන් ද, අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මහමෙව්නා භාවනා අසපුව හා මහමෙවුනා විහාරය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

    එම ප්‍රදේශයේ වෙනත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදු කළ අතර, ඔවුන් ද තහවුරු කළේ, මෙම විහාර ස්ථාන දෙක අතර සම්බන්ධතාවයක් නොමැති බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) : 

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහමෙව්නාව භාවනා අසපුවේ භික්ෂු නමක් ගිහි ඇදුමකින් කාන්තාවක් සමග නිවසක සිට හසුවී පහරකෑමට ලක් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළු බවයි. පහරකෑමට ලක්වූ හිමිනම හෝ එම භික්ෂුව වැඩ සිටි විහාරය මහමෙව්නාව භාවනා අසපුව ජාලයට අයත් නොවන අතර තහවුරු වූ අතර ඒ බවට මහමෙව්නා භාවනා අසපු ජාලය, ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා, පොලිස් බලධාරින් ඇතුළු බහුවිධ මූලාශ්‍ර ඔස්සේ අප විසින් සිදු කරන ලද විමර්ශනවලින් තහවුරු වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-04-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.