Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පිළිකා රෝගියෙකු බේරා ගත නොහැකි බව වෛද්‍යවරු පැවසීමත් සමඟ, මුදල් පිරවූ බෑගයක් රෝහල පුරා වීසි කළ ඡායාරූපයේ ඇත්ත කතාව!

    2023-01-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජීවිත යතාර්ථයන් ජනගත කිරීමට වුවද, උපකාර කර ගන්නා කතා වස්තුව හෝ ඡායාරූප නොමග යන සුළුයි නම් ඒ ඔස්සේ බොහෝ දෙනෙකු රැවටීමකට ලක් වනවා. එලෙස පිළිකා රෝගියෙකුගේ සංවේදී කතාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජීවිත යතාර්ථයන් ජනගත කිරීමට වුවද, උපකාර කර ගන්නා කතා වස්තුව හෝ ඡායාරූප නොමග යන සුළුයි නම් ඒ ඔස්සේ බොහෝ දෙනෙකු රැවටීමකට ලක් වනවා. එලෙස පිළිකා රෝගියෙකුගේ සංවේදී කතාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ කතාවක් සහ ඒ ආශ්‍රිත ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මුදල් පිරවූ බෑගයක් රැගත් පිළිකා රෝගියෙකු තම ජීවිතය බේරා ගන්නා ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර, ඔහුට ගෙවීමට ඇය සතුව ඕනෑ තරම් මුදල් තිබේ..

    නමුත් වෛද්‍යවරයා පැවසුවේ ඇගේ පිළිකාව අවසන් අදියරේ පවතින බැවින් කිසිවක් කළ නොහැකි බවයි..

    ඇය කෙතරම් කෝපයට හා කළකිරීමට පත් වූවා ද කිවහොත් ඇය රෝහලේ මුළු කොරිඩෝව පුරා මුදල් විසි කළා ය.

    “මේ මුදල් තිබීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද” යැයි කෑ ගැසුවා ය.. ” යනුවෙන් සඳහන් කරමින් එම අවස්ථාවේ ඡායාරූපයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්

    මෙම සටහන් ඔස්සේ මුදල් වලට සෞඛ්‍යමිලදී ගත නොහැකි බවත් ධර්මාවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත් කමත් විග්‍රහ කිරීමට උත්සාහ ගෙන තිබුණත්, එම සටහනේ දක්වා තිබු සිදුවීම පිළිබඳ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවට, ඒ සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී ගියා.

    මෙම ඡායාරූපයත් ඉහත සඳහන් කළ කතාව සත්‍යයක් ද යන්න පිළිබඳව විමසා බලන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාවය විමසීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රථමයෙන් ම අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූපයේ පසුබිම් කතාව, ඉහත සටහන්හි සඳහන් කළ ආකාරයේ පිළිකා රෝගියෙකු සම්බන්ධ සිදුවීමක් නොවන බවයි.

    එය චීනයේ හාබින් රෝහලේදී එක් තරුණයෙකු සහ ඔහුගේ හිටපු පෙම්වතිය අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් බවත්, එම තරුණයාගේ‍ හිටපු පෙම්වතිය, ඇගේ වත්මන් පෙම්වතාගෙන් BMW මෝටර් රථයක් ලබා ගැනීමත් සමග කෝපයට පත් ඔහු විසින් හාබින් රෝහලේදී මිලියන ගණනක් වටිනා මුදල් ඇය වෙත විසි කර ඇති බව වාර්තා වේ. ගැටුමට සම්බන්ධ හිටපු පෙම්වතිය එවකට හාබින් රෝහලේ හෙදියක් ලෙස සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එලෙස රැගෙන ආ මුදල් ඇමරිකානු ඩොලර් 161,100 පමණ වන බව ද, සඳහන්.

    tinmoi.vn| Archived Link

    එම වෙබ් අඩවියේ පළ කර තිබූ එම අවස්ථාවේ තව ත් ඡායාරූප පහතින්.

    එමෙන්ම මෙම මුදල් වෙත සමීපව නිරීක්ෂණය කිරීමේදී, මෙම නෝට්ටු චීන මුදල් වන යුවාන් බවට තහවුරු වේ.

    මෙම සිදුවීම 2014 වර්ෂයේදී ජූලි මස 03 වන දා වී ඇති අතර මේ පිළිබඳ එම වසරේදී එරට ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් ද වාර්තා පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    හර්බින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හෘද රෝග අංශයේ වෛද්‍යවරයකු මෙම ඡායාරූප මුලින්ම අන්තර්ජාලයට මුදා හැර තිබුණා.

    මෙම සිදුවීම ඇසින් දුටුවෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, සිද්ධියට පෙර ඔවුන් දෙදෙනා හදිසි ප්‍රතිකාර ඒකකයෙන් පිටත රණ්ඩු වී ඇති බවයි. ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී හාබින් රෝහලේ තත්ත්වය සමථයකට පත් කර ඇති බව වාර්තා වේ. එසේම හාබින් රෝහලේ මෙම මුදල් විසි කළ පුද්ගලයා පිළිකා රෝගයකින් පෙළුණු බවට එම වාර්තා වල ද සඳහන් නොවේ.

    මෙම ඡායාරුපය සහ සිදුවීම පිලිබඳ නොමඟ යවන සුළු සටහන් ලොව පුරා මීට පෙර හුවමාරු වූ අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් අප Factcrescendo කණ්ඩායම සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්. වෙනත් කරුණු පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදුකළ වාර්තා මෙතනින් සහ මෙතනින්.

    සැ.යු :

    ඉහත සටහන් වල දක්වා ඇති මුදලට සෞඛ්‍ය මිලදී ගත නොහැක, මුදල්වලට කාලය මිල දී ගත නොහැක යනාදී කරුණු ජීවිත යතාර්ථයන් වන අතර අප මෙහිදී කරුණු විමර්ෂණය සිදුකර තිබෙන්නේ නොමඟ යවන සුළු විග්‍රහයක් සමඟ පළවූ ඡායාරුප සටහනේ සත්‍ය තොරතුරු පෙන්වා දීමක් පමණක් බව කරුණාවෙන් සළකන්න.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    මුදල් පිරවූ බෑගයක් රැගත් පිළිකා රෝගියෙකු තම ජීවිතය බේරා ගන්නා ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත්, අවසන් අදියරේ පසුවූ එම රෝගියාගේ ජීවිතය නිමා වීමට ආසන්න හෙයින් එසේ කළ නොහැකි බවට වෛද්‍යවරු පැවසීමත් සමඟ කෝපයට පත් එම රෝගියා, මුදල් පිරවූ බෑගයක් රෝහලේ කොරිඩෝව පුරා විසිරූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළුයි.

    මෙහි සත්‍ය කතාව වන්නේ, 2014 වසරේ චීනයේ තරුණයෙකු සහ ඔහුගේ හිටපු පෙම්වතිය අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එම තරුණයාගේ හිටපු පෙම්වතිය, ඇගේ වත්මන් පෙම්වතාගෙන් BMW මෝටර් රථයක් ලබා ගැනීමත් සමග කෝපයට පත් තරුණයා විසින්, එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් වූ එම පෙම්වතිය වෙත, මිලියන ගණනක් වටිනා මුදල්, චීනයේ හාබින් රෝහල් පරිශ්‍රයේදී ඇය වෙත විසි කර ඇති අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.