Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සුප්‍රකට Cartoon Network නාලිකාව වසා දැමීමේ කටකතාවේ ඇත්ත නැත්ත!

    2024-07-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අපට Scooby-Doo, Ben 10, Tom and Jerry සහ Johnny Bravo වැනි කාටුන් රැසක් නරඹන්න අවස්ථාව ලබා දුන්න ප්‍රධාන කාටුන් නාලිකාවක් වන Cartoon Network (CN) ජාලය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. පොඩි දරුවන් පමණක් නොව වැඩිහ

    අපට Scooby-Doo, Ben 10, Tom and Jerry සහ Johnny Bravo වැනි කාටුන් රැසක් නරඹන්න අවස්ථාව ලබා දුන්න ප්‍රධාන කාටුන් නාලිකාවක් වන Cartoon Network (CN) ජාලය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. පොඩි දරුවන් පමණක් නොව වැඩිහිටියන් අතර ද, මෙම පුවත කනස්සල්ලට තුඩු දෙනු ලැබුවා. මෙහි නිරවද්‍යතාවය කුමක්ද යන්න සොයා Factcrescendo අප කණ්ඩායම විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    කාටුන් ජාලය වසා දමන බවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමාජ මාධ්‍ය සටහන් පළ වූයේ මේ අයුරින්.

    A screenshot of a video game

Description automatically generated

    FB1 | FB2 | Threads

    බහුල වශයෙන් මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    A screenshot of a social media post

Description automatically generated

    ඒ වගේ ම ‘X’ සහ ‘TikTok’ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ #RIPCartoonNetwork යන හෑෂ් ටැගය ද, සමගින් කාටුන් ජාලයේ මළගම පිලිබඳ සඳහන් සටහන් නිර්මාණය වී තිබුනේ මෙලෙසින්.

    A collage of images of a person's face

Description automatically generated

    මේ ගැන සිංහල බසින් ද සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබුණා.

    මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    CN ලෙස කෙටියෙන් හඳුන්වන Cartoon Network යනු Warner Brothers Discovery සතු ඇමරිකානු කේබල් රූපවාහිනී නාලිකාවකි. 1992 වසරේ ඔක්තෝබර් පළමුවැනිදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව Ted Turner විසින් ආරම්භ කරන ලද සජිවීකරණ කාටුන් කතාමාලාවන් පමණක් විකාශය වන මෙම Cartoon Network කේබල් රූපවාහිණී නාලිකාව ආරම්භ කර දැනට වසර 32 කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්. Archived.

    වසා දමන බට හුවමාරු වූ කටකතා, Cartoon Network නාලිකාව ප්‍රතික්ෂේප කරයි!

    මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක්  නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ,  Cartoon Network හෝ එහි studio වසා දමන බවට පැතිර යන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය ලබාදෙන සහ ප්‍රබෝධමත් සහ නව්‍ය අන්තර්ගතයන් සඳහා අඛණ්ඩව නිර්මාණ ගෙන ඒමට කැපවී සිටින බවද එහි සඳහන් වී තිබෙනවා.

    Cartoon Network Studios හි මූලස්ථානය 

    2000 වසරේ සිට අවුරුදු 23ක් පුරාවට Cartoon Network Studios හි මූලස්ථානය වූයේ ඇමරිකාවේ Burbank වල තිබුණ සුප්‍රකට ගොඩනැගිල්ල. නමුත් Cartoon Network Studios සමාගම Warner Bros. සජීවිකරණ(Animation) සමාගමත් එක්ක ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයක් විදියට, වැඩ කටයුතු අධික්ෂණය කරගැනීමට පහසුව තකා කාටූන් නෙට්වර්ක් පිහිටි ස්ථානය, 2023 වසරේ දී වෙනත් ස්ථානයකට රැගෙන යාමට කටයුතු කර තිබුණා. කාටුන් නෙට්වර්ක් එකේ මළගම පිලිබඳ පුවත් නිර්මාණය වීමට මෙයත් හේතුවක් වී තිබෙන බව පෙන්වා දිය හැක.

    2023 ජූලි මාසයේදී CN හි හිටපු සාමාන්‍යාධිකාරීවරයා විසින් Cartoon Network හි පැරණි පරිශ්‍රයේ අවසන් දින ගැන X හි තැබූ පණිවිඩය මෙතනින්. 2023 ජූලි මාසයේ මුල් CNS Studiosහි එක් කලාකරුවෙකු විසින් ගන්නා ලද එහි අවසන් ඡායාරූප අවස්ථාව මෙතනින්.

    #RIPCartoonNetwork

    කෙසේ වෙතත්, ‘X’ සමාජ මාධ්‍යයේ නව hashtag රැල්ලක් වූ  #RIPCartoonNetwork මගින් Cartoon Network නාලිකාව වසා දමන බව ට 2024 ජුලි මාසයේ දී ප්‍රචලිත වී තිබුණා.

    මෙය ආරම්භ වී ඇත්තේ කාටුන් සජීවිකරණ(Animation) ශිල්පීන් එකමුතුව විසින්  විසින් “කාටූන් ජාලය මිය ගොස්ද?” එනම් “Cartoon Network is dead? යන පණිවිඩය සහිත වීඩියෝවක් පළ කිරීමෙන් පසුවයි.

    ඔවුන් මෙම හෑෂ්ටැග් එක නිර්මාණය කර, මෙය ප්‍රචලිත කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබුනේ, COVID-19 වසංගතය අතරතුර වැනි කාල පාරස තුළදී කාටුන් ක්ෂේත්‍රයට අමිල දායකත්වයක් ලබාදුන්න, Cartoon Network ඇතුළු  වෙනත් ආයතනවල කාටුන් සහ සජීවිකරණ ශිල්පින් රැසකට රැකියා අහිමිවීමත්, ඒ ගැන දැනුවත් කිරීම වැඩිකිරීම සඳහායි.

    A screenshot of a social media post

Description automatically generated

    මීට වසර දෙකකට පෙර, 2022 වසරේ දී Warner Bros. සජීවිකරණ සමාගම සමඟ Cartoon Network ඒකාබද්ධ වීමට සුදානම් වී තිබු පසුබිමේ දී ද මේ අයුරින්ම කාටුන් නෙට්වර්ක් එක වසා දමා ඇති බවට නොමඟ යවන සුළු සටහන් රැසක් ම හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳව අප එම අවධියේ දී සිදුකළ කරුණු විමසුමක් පහතින්.

    Read More: Is Cartoon Network really shutting Down? Find Out the Facts…

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න 

    Facebook | Twitter |Instagram | Google News |TikTok

    Conclusion (අවසාන නිගමනය) : 

    Cartoon Network (CN) සිය මෙහෙයුම් වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල කිසිදු සත්‍යතාවක් නොමැත. කෙසේ වෙතත්, Warner Brother Animations (WBA) සමඟ ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස, Cartoon Network එහි පැරණි ගොඩනැගිල්ලේ සිට නව ස්ථානයකට ගෙන යාම මෙන් ම,  #RIPCartoonNetwork හෑෂ් ටැගය නිර්මාණය වීම සමගින්,  කාටුන් ජාලය වසා දමන බවට බොහෝ දෙනා නොමග ගොස් තිබුණි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.