Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක්?

    2021-12-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලන නායකයින් සම්බන්ධ විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධයෙන් පැතිරුණු එවන් අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව අප සිදුකල විමසුමක් . සමාජ ජාලා සටහන්  චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ඡායාරූපයක්

    දේශපාලන නායකයින් සම්බන්ධ විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධයෙන් පැතිරුණු එවන් අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව අප සිදුකල විමසුමක් .

    සමාජ ජාලා සටහන් 

    චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ඡායාරූපයක් සමගින් පහත සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා. 

    “2001 පරිවාස ආණ්ඩුව මගේ හිතට තවමත් වද දෙන කාරණයක්. මගේ ස්වාමිපුරුෂයා සාහසික ලෙස ඝාතනය කළ පක්ෂය සමග එක්වීම හිතට එකගව කල නොහැක්කක් වුණා. ඒ දේ අදත් මගෙ හිතට වද දෙනවා. ඒත් රට වෙනුවෙන් ඒ දේ කළා.ආණ්ඩුවක් විදියට ජවිපෙ ඇමතිකම් ගත්තත් ඒ ඇමතිකම් ඒ අයට බර වැඩිවුණා. ඒ නිසා බොරු සුනාමි සහන මණ්ඩල ප්‍රශ්නයක් දේගෙන ආණ්ඩුවෙන් ඉවත් වුණා. නිදහස් පක්ෂය අදටත් දැවැන්ත වෘක්ෂයක්.දයාසිරි කියන්න ඇත්තේ එයාගෙ පුද්ගලික මතය .නමුත් පක්ෂයේ මතය වෙන එකක්.”

    Facebook | Archived

    මෙයට සමාන සටහන් ෆේස්බුක් අවකාශය තුළ විසිර පැවති ආකාරයයි මේ .

    මෙම සටහන් වල ඇති කරුණු වල වැදගත් බව නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම 

    අප මුලින්ම සොයා බැලුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමක් පිලිබඳ කිසිඳු හෝ මාධ්‍යක් වාර්තා කර තිබුනේ ද යන්නයි. නමුත් අපට ඒ ආකාරයේ පුවතක් ලංකාවේ කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් ඔස්සේ දැක ගන්නට ලැබුනේ නැහැ.

    එමෙන්ම ගෙවීගිය සති කිහිපයක කාලය තුලදී ඇය ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ මෙවැනි ආන්දෝලනාත්මක  ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් අප නිරීක්ෂණය කළා. 

    අප මේ පිළිබදව හිටපු ජනාධිපතිනියගේ කාර්‍යාලයේ මාධ්‍ය කටයුතු පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ තරිදු තොටවත්තගෙන්ද මේ පිළිබදව විමසා බැලීමක් සිදුකළා. ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිනිය කිසිදු ආකාරයක මෙවන් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර මෙම සමාජ ජාල සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් මෙම සාමාජ ජාල සටහන් අසත්‍ය බවට සිය නිල ෆේස්බුක් ගිණුම හරහා අදහස් දක්වා තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපවිසින් සිදු කරන ලද ගවේෂණයේදී හෙළිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය විසින් සමාජ ජාලාවල පළවන ආකාරයේ ,ජවිපෙ විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ඇය සිය නිළ ෆේස්බුක් ගිණුම හරහාද එම සමාජ ජාලා සටහන් ප්‍රතික්ෂේප කර ඇත .

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.