Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමත් මාලිමාවට එක්වෙයි ??

    2021-12-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධව විවිධ පුවත් සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් සමහරක් අසත්‍යයි. මේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සම්බන්ධව පැතිරුණු එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක්  විසින් මාධ්‍යවේදී චමුදිත

    ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධව විවිධ පුවත් සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් සමහරක් අසත්‍යයි. මේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සම්බන්ධව පැතිරුණු එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක්  විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් බවට සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනේ දැක්වෙන ආකාරයටයි.

    “යහපාලන රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම මහතා ජාතික ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය ගෙන ඇතැයි වාර්තාවේ .”

    Facebook | Archived

    මෙම ප්‍රවෘත්තියේ ඇති කුතුහලජනක ස්වභාවය නිසා මේ පිළිබදව විමසීමක් කිරීමට අප තීරණය කළා. 

     Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)

    අප මුලින්ම සිදුකළේ මේ හා සබැදි යම් සටහනක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර ඇද්ද යන කාරණයයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් එවැනි පුවතක් වාර්තා කර නොමැති බවයි.

    ඉන් අනතුරුව අප මේ පිළිබදව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් සිදුකළා.ඔවුන් පැවසුවේ චමුදිත සමරවික්‍රම ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් බවට සදහන්සමාජ ජාල සටහන්වල සදහන් තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගෙන්ද අප මේ පිළිබදව විමසීමක් සිදුකළා. ඔහුද තමන් ජාතික ජනබලවේගයේ සාමාජිකත්වය ලබාගත් බවට වන සටහන් ප්‍රතික්ෂේප කළා.ඔහු පැවසුවේ තමන් ස්වාධීන මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරනවා මිසක කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවන බවයි. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් බවට පැතිරෙන සටහන් අසත්‍ය බවයි. ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය මෙන්ම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින්ද මෙම සමාජ ජාලා සටහන්වල පැතිරෙන සටහන් ප්‍රතික්ෂේප කළා. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.