Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගාලුමුවදොරට පැමිණි චන්දන සූරිය බණ්ඩාර, එහි සිටි තරුණයන්ට “දැන් ඇති-යන්න” කියයි ?

    2022-04-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට පවසමින් ගාලු මුවදොර පිටියේ මේ වන විට දියත් කෙරෙන විරෝධතාවයට සහභාගී වූ ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා විසින් රැස්ව සිටි විරෝධතකරුවන්ට ඉන් ඉවත් වන ලෙසට සඳහන් කළ බවට සමාජ මාධ්‍ය ඔස්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට පවසමින් ගාලු මුවදොර පිටියේ මේ වන විට දියත් කෙරෙන විරෝධතාවයට සහභාගී වූ ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා විසින් රැස්ව සිටි විරෝධතකරුවන්ට ඉන් ඉවත් වන ලෙසට සඳහන් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගෝල්ෆෙස් උතුමාණන් ගේ ගමට ආ සූර්ය බණ්ඩාර ආපු තරුණයන්ට දැන් ඇති යන්ඩ කියයි .. ලක්ශ ගානක් තරුණ තරුණියන් තම තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත්වෙයි..” යනුවෙන් සඳහන් කරමින්. සිරස ලක්ෂපති නිවේදක චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළ බවට ඡායාරූපයක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ජනාධිපති ධූරයෙන් ඉවත්වන ලෙසට පවසමින් කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන විරෝධතාවයට එක් වූ සිරස ලක්ෂපති වැඩසටහන මෙහෙයවන චන්දන සූරියබණ්ඩාර මහතා, විරෝධතාවයේ නියැලුන පිරිසට ඉන් ඉවත් වන ලෙස සඳහන් කළ සටන් පාඨයක් දක්වමින් සිටි බවටත් ඒ හේතුවෙන් විරෝධතාවයේ නියැලුනු පිරිස ඉවත් වූවාද යන්න විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන් චන්දය සූරිය බණ්ඩාර මහතා ගාලුමුවදොර පිටියට පැමීණීම සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා.

    ඒ අනුව දැක ගන්නට ලැබු‍‍ණේ, චන්දන සූරිය බණ්ඩාර මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ව කළු වර්ණයෙන් සැරසී ගාලු මුවදොර පිටියට පැමිණ ඇති බවත්, එහිදී සූරිය බණ්ඩාර මහතාගේ පවුලේ සමාජිකයන් ප්‍රදර්ශනය කර තිබූ සටන් පාඨයන්හි දැක්වු‍ණේ, ආණ්ඩු විරෝධි අදහස් බවත්, විරෝධතාකරුවන් උදෙසා පළ කළ සටහන් නොවන බවයි.

    Facebook | Archived Link

    තවත් සටහනක් මෙතනින්.

    එමෙන්ම චන්දන සූරිය බණ්ඩාර මහතාගේ වැඩිමහල් පුත් ගිම්හාන් සූරියබණ්ඩාර විසින් ද ෆේස්බුක් සටහනක් දක්වා එම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

    “දූෂිත අසාර්ථක දේශපාලකයින්ට එරෙහිව රට රැකගන්න අපි පවුලක් විදිහට සටනේ” 

    Facebook | Archived Link

    තවත් සටහනක් මෙතනින්.

    ඒ අනුව පැවසිය හැක්කේ එම අවස්ථාවේ සූරිය බණ්ඩාර ඇතුළු පවුලේ සමාජිකයින් විරෝධතාවයට සහය පළ කරමින් ආණ්ඩු විරෝධීව සිය අදහස් ඉදිරිපත් කළ බවත් විරෝධතාවයේ තේමාව වන GoHomeGota සටන් පාඨයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් ඇති යන්න බවට සඳහන් කළ සටහන් පාඨයක් දක්වා ඇති බවත්ය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා විසින් ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නියැලුන පිරිසට විරෝධතාවය නවතා යන ලෙසට දක්වමින් සටන් පාඨයක් පෙන්නුම් කළ බවට දැක්වෙන සටහන් නොමග යවන සුළු බවත්, එම අවස්ථාවේ චන්දන සූරිය බණ්ඩාර මහතා සහ පවුලේ සාමාජිකයන් එම අවස්ථාවට පැමිණ තිබුණේ, ජනාධිපතිට සහ පවත්නා රජයට එරෙහිව බවයි. ඒ බවට චන්දන සූරිය බණ්ඩාර මහතාගේ වැඩිමහල් පුත් ගිම්හාන් සූරියබණ්ඩාර විසින් තහවුරු කරනු ලබයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.