Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බිංදු රහිතව ලකුණු 1000 පසු කළ ලොව පළමු T20 ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් ද ?

    2022-02-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය කාලයේ යම් පසුබෑම් වලට ලක්වුවත් අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හැදින්විය හැකියි.එම හේතුව නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්,ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් තබන ලෝක වාර්තා ආදිය පිළිබද නිරතුරුවම සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා.මෙම ඇතැම් සමාජ

    පසුගිය කාලයේ යම් පසුබෑම් වලට ලක්වුවත් අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හැදින්විය හැකියි.එම හේතුව නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්,ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් තබන ලෝක වාර්තා ආදිය පිළිබද නිරතුරුවම සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා.මෙම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි.මේ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිබදව පැතිරගිය එවැනි නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් දිනේෂ් චන්දිමාල් ගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.

    “එකම බිංදුවක්වත් නොමැතිව ජාත්‍යන්තර 20-20 ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත්වූ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගෙන් නව ලෝක වාර්තාවක් !! Congratulations Chandi !!”

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබූ අදහස් කිහිපයක් පහතින්.

    මෙය වේගයෙන් ව්‍යාප්ත වන සටහනක් නිසා මේ පිළිබදව විමසා බැලීමට අප තීරණය කළා.

    Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම අවධානය යොමුකළේ දිනේෂ් චන්දිමාල් මේ ආකාරයේ ලෝක වාර්තාවක් පිහිටවූ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන කාරණය පිළිබදවයි.එහෙත් එවැනි වාර්තා දැකගැනීමට හැකිවූයේ නැහැ.

    ඉන්පසු ලෝක වාර්තා ආදිය පිළිබද වාර්තා සහිත පිළිගත්, ක්‍රිකට් පිළිබදව තොරතුරු ඇතුළත්  වෙබ් අඩවිවල සදහන් කරුණු පිළිබදව අප විමසා බැලුවා.

    එහිදී අපට දැකගන්නට ලැබුණේ චන්දිමාල් බිංදුවට දැවීයාම් එකක් හෝ නොලබා ලකුණු 1000 සීමාව ඉක්මවා ගොස් ඇතිවා සේම චන්දිමාල්ට පෙර ලකුණු නොලබා දැවී යාමක් වාර්තා වීමට පෙර විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ද ලකුණු 1000 සීමාව ඉක්මවා ලකුණු වාර්තා කර ඇති බවයි.

    එම කරුණු ඇතුලත් Howstat වෙබ් අඩවියෙන් ලබාගත් සටහනක් පහතින්. 

    Howstat| Archived 

    කුසල් ජනිත් පෙරේරා මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ටී 20 තරගවලදී ලකුණු 0 ට දැවීයාමට ප්‍රථමයෙන් ලකුණු 1000 ඉක්මවා වාර්තා කර තිබූ බව ESPN ක්‍රිකට් වෙබ් අඩවියේ දත්තවලින්ද තහවුරු කළ හැකියි. 

    කුසල් ජනිත් පෙරේරා පිළිබද තොරතුරු ESPN වෙබ් අඩවියෙන් ලබාගත හැකියි මෙතනින්.Archived.ඇන්ජලෝ මැතිව්ස් පිළිබදව තොරතුරු ලබාගත හැකියි මෙතනින්. Archived

    එංගලන්ත කණ්ඩායමේ  ක්‍රීඩක D.J.Malan ද කිසිදු ටී 20 තරගයකදී ලකුණු බිංදුවකට දැවී නොගොස් ලකුණු 1000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ESPN වාර්තාවලට අනුව 20-20 තරගවලදී මෙතෙක් ලෝකයේ වේගවත්ම ලකුණු 1000 රැස් කරගෙන ඇත්තේ ඔහුයි.ඒ හා සම්බන්ධ සටහනකට පිවිසීම මෙතනින්.Archived

    20-20 තරගවලදී ලකුණු 1000 කට වඩා රැස්කල ක්‍රීඩකයින් අතර අඩුම දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ටයි.ඒ සම්බන්ධ Howstat වාර්තාව පහතින්.

    Howstat | Archived

    කෙසේනමුත් මේවන විට T20 අන්තර්ජාතික තරගවලදී වැඩිම ඉනිම ගණනාවක් ක්‍රීඩා කරමින්, ලකුණු දහසේ සීමාව ද පසුකර ඇති ලකුණු බින්දුවට දැවී නොගිය ක්‍රීඩකයින් අතර දිනේෂ් චන්දිමාල් තුන්වන ස්ථානයේ සිටිනවා.

    ESPN | Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ ලෝකයේ මුලින්ම 20-20 තරගවලදී එක වතාවක් හෝ බිංදුවට දැවී යාමට පෙර ලකුණු 1000 සීමාව ඉක්මවූ පිතිකරුවා දිනේෂ් චන්දිමාල් නොවන බවයි.විදෙස් රටවල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එම ඉලක්කය අභිබවා ගොස් ඇති අතර ලංකාවේ කුසල් ජනිත් පෙරේරා මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ද එම සමත්කම දක්වා තිබෙනවා .

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.