Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කෝපි කඩේ අබිලිං මාමා මෑතක දී අවසන් ගමන් ගියා ද?

    2021-07-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවේ ඇති ඇතැම් ෆේස්බුක් පිටුවලට පරිශීලකයින් ඇද බැඳ තබා ගන්නට ජනතාව වෙත ඉක්මනින් ළඟා විය හැකි සංවේදී පුවත් පළ කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරු, සිය ෆේස්බුක් පිටුවල Reach වැඩි කිරීම ඇතුළු කරුණු සඳහා

    ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවේ ඇති ඇතැම් ෆේස්බුක් පිටුවලට පරිශීලකයින් ඇද බැඳ තබා ගන්නට ජනතාව වෙත ඉක්මනින් ළඟා විය හැකි සංවේදී පුවත් පළ කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරු, සිය ෆේස්බුක් පිටුවල Reach වැඩි කිරීම ඇතුළු කරුණු සඳහා මෙසේ පැරණි සිදුවීම්, පැරණි ඡායාරූප මෑතකදී වූ සිදුවීම් බව හැඟවෙන පරිදි නැවත නැවතත් පළ කරනු අපට දැකගනන්ට ලැබෙනවා.  එලෙස පැරණ සිදුවීමක් ගෙන හැර පෑම තුළින් ජනතාව නොමග ගොස් ඇති ආකාරයේ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශන පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    BreakingLK නමැති ෆේස්බුක් පිටුවේ ‘අපිව කොච්චර හිනස්සවන්න ඇද්ද….. 

    නිවන් සුවය ලැබේවා ඔබතුමන්ට’ යන්න සඳහන් කරමින් ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට දැනුම් දී තිබුණි. 

    Facebook | Archived Link

    මෙම සටහන 1400ක් පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබූ අතර මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට දැනුම්දීමට මෙම ෆේස්බුක් සටහන නිර්මාණ කර තිබුණේ, මේ කාල වකවානුවේදී ඒ මහතා මිය ගිය බවට හැඟවීමටයි.

    මෙම සටහන හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග ගොස් ඇති අයුරු එම සටහනට දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී යයි.

    කෙසේවෙතත් එතුමන්ගේ අභාවය මීට පෙර සිදුවූ බවටද ඇතැම් අය ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ ද එතුමන් 2016 ජනවාරි මස 15 වන දා අභාවප්‍රාප්ත වී ඇති බවයි. හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

    කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ‘අබිලින්‘ ලෙස ජනප්‍රියත්වයට පත් ඒ මහතා මිය යන විට 67 වැනි වියේ පසුවුණා. එතුමන්ගේ අභාවය සම්බන්ධයෙන් පුවත් පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. වීඩියෝවක් පහනින්.

    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් දක්වා ඇති wikipedia පිටුවේද, එතුමන් ජීවිතක්ෂයට පත් වූ වර්ෂය පිළිබඳ දක්වා තිබුණේ මෙලෙසින්.

    2016 වර්ෂයේදී ඒ මහතා මිය ගිය බවට එකළ දක්වා තිබූ ෆේස්බුක් සටහන් මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ ‘අබිලින්’ නොහොත් ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා පසුගිය දිනකදී මිය ගිය හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය සටහන් නොමග යවන සුළු බවයි. ඒ මහතා 2016 වර්ෂයේදී ගම්පහ රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.