Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    TikTok නිර්මාතෘගේ වීඩියෝවක් ද?

    2025-02-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝ වල අරමුණ වනුයේ සමාජයට යහපත් පණිවඩි ලබා දීමයි. කෙසේ වෙතත් මෙවැනි පළ කිරීම් වල ද, නොමග යන සුළු කරුණු ඇතුළත් වීම තුළින් සමාජය නොමග යන අවස්ථා ද,

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝ වල අරමුණ වනුයේ සමාජයට යහපත් පණිවඩි ලබා දීමයි. කෙසේ වෙතත් මෙවැනි පළ කිරීම් වල ද, නොමග යන සුළු කරුණු ඇතුළත් වීම තුළින් සමාජය නොමග යන අවස්ථා ද, බහුලව දක්නට ලැබේ. එලෙසින් TikTok නිර්මාතෘගේ වීඩියෝවක් බවට සඳහන් කරමින් පළ කර වීඩියෝ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    TikTok අයිතිකරුගේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ආබාධිත පුද්ගලයෙකුගේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook

    මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    මෙම වීඩියෝවේ සිටින්නේ, සැබවින්ම TikTok අයිතිකරු ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ලොව පුරා බිලියනයකට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින, අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන TikTok හි නිර්මාතෘ කවුරුන්ද යන්න පරීක්ෂා කිරීමට අප ප්‍රථමයෙන් ම යොමු වුණා. 

    ඒ අනුව චීන තාක්ෂණික දැවැන්තයෙකු වන ByteDance හි ප්‍රධාන සම නිර්මාතෘවරයා වන Zhang Yiming,  TikTok හි නිර්මාතෘ බවට අපට දැක ගන්නට ලැබුණා.

    Forbes | Archived Link

    නමුත් ඔහු ආබාධිත තත්ත්වයකින් පෙළන බවක් අපට දැක ගන්නට නොලැබුණි. 

    සමාජ මාධ්‍ය දැවැන්තයින්ට අභියෝග කිරීමට එඩිතර වූ චීන තාක්ෂණික ව්‍යවසායකයෙකු වන Zhang Yimingගේ චරිතාපදානයක් YouTube ඔස්සේ පළ කර තිබූ අතර එහිදී ද, ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු ආබාධිත පුද්ගලයෙක් බවට දැක ගන්නට නොලැබේ.

    ඔහු සම්බන්ධයෙන් තව ත් තොරතුරු සහ වීඩියෝ ද, පරීක්ෂා කළ නමුත්, ඉහත වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා Zhang Yiming එනම් TikTok හි නිර්මාතෘ නොවන බවට තහවුරු වුණි.

    ඉන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ සිටින පුද්ගලයා කවුරුන්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප එම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අනාවරණය වූයේ මේ ඡායාරූපයේ සිටින්නේ, Chen Zhou නමැති චීන අභිප්‍රේරණ කථිකයෙකු(Motivational speaker) බවයි.

    scmp.com | Archived Link

    ෂැන්ඩොං පළාතේ උපත ලැබූ ඔහු තමන්ගේ දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පසු තම මිත්තණිය සහ මුත්තනුවන් සමග වාසය කර ඇති අතර තමන්ට වයස අවුරුදු 13 දී වෙනත් නගරයකට යාමට බලාපොරොත්තුවෙන් දුම්රිය මැදිරියකට ඇතුළු වීමෙන් පසු  එය වැරදි මාර්ගයක යන බව දැනගත් පසු ඉන් පැන තවත් දුම්රියක ගැටීමෙන් ඔහුට සිය දෙපා අහිමි වී තිබුණා.

    ඉන්පසු ඔහුගේ ජීවිතය පහසු නොවූ අතර චීන අභිප්‍රේරණ කථිකයෙකු වීමට ඔහුට අනපේක්ෂිත අවස්ථාවක් ලැබී තිබුණේ ඒ අතරයි. ඔහු වීදි කොනක ගායනා කරමින් සිටියදී, මිනිසෙක් ඔහු වෙත පැමිණ “ඔබට අපේ රෝහලට පැමිණ දරුවන් කිහිප දෙනෙකුට කතා කළ හැකිද?” යන්න විමසා තිබෙනවා. තමන්ට හොඳින් ගායනා කිරීමට හැකි වූවත්, හොඳින් කතා කළ හැකිදැයි විශ්වාස නොමැති බව පවසා තිබෙන අතර, එම පුද්ගලයා විසින් ඔහුව උනන්දු කර තිබුණේ, බිය නොවී තමාගේ කතාව ඔවුන්ට පවසන ලෙසයි.

    චෙන් රෝහලට ගොස් ඔහුගේ කතාව කීමෙන් පසු, ඒ ළමුන්ගේ ආදරය ඔහුට නිතැතින් ම හිමි වී තිබෙනවා. ඉන් ලබා ගත් අත්දැකීම් සමගින් ඔහු සාත්තු නිවාස, රෝහල් සහ පාසල්වල දේශන පැවැත්වීමට පටන් ගත් අතර ඉන් ලැබූ පන්නරය සමගින් අභිප්‍රේරණ කථිකයෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව සැලසී තිබෙනවා. එතැන් පටක් ඔහු තම ජීවිතය දහස් ගණනක් සමඟ බෙදාගෙන ඇති අතර, ඔහුගේ ජීවිත කතාව ප්‍රේක්ෂකයින්ට ආශ්වාදයක් ලබා දී තිබෙනවා.

    Chen Zhou, තම දෑත් පමණක් භාවිතා කරමින් Jianmen Pass කඳු මුදුනට ළඟා වීමට බෑවුම් සහිත කඳුකර මාර්ගයක් මීටර් 2,000 කට වඩා තරණය කිරීම ද, සමාජයේ අවධානයට ලක් ව තිබුණා. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    වර්තමානයේ, චෙන්ගේ කාලසටහන කාර්යබහුල වන බව ත්, ඔහුගෙන් ජීවිතයට පන්නරයක් ලබා ගන්නට ඔහුගේ අභිප්‍රේරණ කතා ඇසීමට වැල නොකැඩි මිනිසුන් පැමිණෙන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඔහු සම්බන්ධයෙන් පළ වූ සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    View this post on Instagram

    A post shared by OYEBADE FAMILY FOUNDATION (@oyebadefamilyfoundation)

    ඔහු සම්බන්ධ තව ත් වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, TikTok නිර්මාතෘගේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ වීඩියෝව නොමග යන සුළු අතර එහි සිටින්නේ, TikTok නිර්මාතෘ වන Zhang Yiming නොව Chen Zhou නමැති චීන අභිප්‍රේරණ කථිකයෙකු වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-02-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.