Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජුලි 09 විරෝධතාවයේ දී වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට?

    2022-07-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අද(09) දිනයේ පුරවැසි අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මෙහිදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයන් එල්ල කළ අතර ඉන් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත්

    කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අද(09) දිනයේ පුරවැසි අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මෙහිදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයන් එල්ල කළ අතර ඉන් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    කෙසේ වෙතත් මෙම පුද්ගලයෙකුගේ මිය ගිය බවට දක්වා තිබු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනාධිපති මන්දිරය අසළ අද(09) පැවති විරෝධතාවයේදී,  වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Instagram ඔස්සේද, එම තේමාවෙන් සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    View this post on Instagram

    A post shared by The Status (@the_statu_s)

    Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පසුගිය අප්‍රේල් 09 වන දා ගාලුමුවදොර පිටියේ දී, ආරම්භ කළ සාමකාමී අරගලයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පුරවැසි අරගලයට මාස 3 ක් පිරෙන අද (09) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූර හොබවන අවසන් දිනය විය යුතු බවට පසක් කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව කොළඹට එක්රැස් වුණා.

    කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය මෙන්ම, ජනාධිපති කාර්යාලයද, වටලමින් පුරවැසි අරගලය මෙහෙය වූ අතර ජනාධිපති මන්දිරයට අසල හමුදාව විසින් එල්ල කළ වෙඩි පහරින් පුද්ගලයෙකු තුවාල ලබා එම පරිශ්‍රයෙන් ඔහු ගෙන යන දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්. (0.35)

    කෙසේවෙතත් තරුණයන් තිදෙනෙකු වෙඩි වැදී රෝහල් ගත කළ ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    එමෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා නාලිකා වාරතා කළේ, පුරවැසි අරගලයේ තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

    කෙසේ වෙතත් අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කරත් එය ව්‍යර්ථ වූ අතර අප එම රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවියගෙන් විමසීමක් කළා.

    ඇය සඳහන් කළේ, මේ වන විට තුවාල ලැබූ පනස් දෙනෙකු පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩි වැදී රෝහල් ගත කළ තරුණයා ඇතුළු කිසිවෙකුත් මෙතෙක් ජීවිතක්ෂයට පත් නොවූ බවටත් තහවුරු කරනු ලැබුවා.

    Update:

    එලෙස වෙඩි වැදුණු පුද්ගලයා වන්නේ, කමාන්ඩො රෙජිමේන්තුවේ RSM ජනක ලලිත් ජයසේන නමැති විශ්‍රාමික කමාන්ඩෝ නිලධාරියෙකි. ඔහු මාතර දෙවිනුවර ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි. අවුරුදු 59ක දෙදරු පියෙක් වන මෙම විශ්‍රාමික නිලධාරියා අවුරුදු 22ක් යුද්ධය ට මුහුණ දී වෙඩි වැදි රට වෙනුවෙන් සේවය කරපු පදක්කම් ලාභී සෙබලෙකි.

    මෙලෙස වෙඩි වැදුණු කමාන්ඩෝ නිලධාරියාගේ බිරිඳගෙන් අප කළ විමසීමේදී, ඇය සඳහන් කළේ, මේ වන විට ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ශල්‍යකර්ම 4කට භාජනය කර ඇති බවත්ය. තම ස්වාමි පුරුෂයාගේ ජීවිතය බේරා ගැනීමේ වෙනුවෙන්, සියලු දෙනාගේ ආශිර්වාදය මේ මොහොතේදී තමන් අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළා.

    මෙම පුවත ප්‍රධාන මාධ්‍ය ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති මන්දිරය අසල අද(09) පැවති විරෝධතාවයේ දී වෙඩි පහරකට ලක්වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය තහවුරු කළේ, පුරවැසි අරගලයේදී තුවාල ලබා මේ වන විට පනස් දෙනෙකු පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩි වැදී රෝහල් ගත කළ තරුණයා ඇතුළු කිසිවෙකු ජීවිතක්ෂයට පත් නොවූ බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.