Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ?

    2019-09-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළිකර තිබේ යනුවෙන් මාධ්‍ය බොහ

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළිකර තිබේ යනුවෙන් මාධ්‍ය බොහොමයක් මඟින් වාර්තා කර තිබෙනු දක්නට ලැබුණි. 

    මෙම පුවත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයකම පළකර තිබුණු අතර පසුව සමාජ මාධ්‍ය හරහාද මෙම පුවත හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි

    එම පුවත දිවයින පුවත්පතේ පළකර තිබු අයුරු

    Divaina News  LinkArchived Link

    Neth News සග Siyatha News මඟින් මෙම පුවත මෙසේ පළකර තිබුණි

    Neth News  Facebook LinkArchived Link
    Siyatha FM WebArchived Link

    ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu , ෆේස්බුක් පිටුව මඟින්ද මෙම පුවත මෙසේ පළකර තිබුණි.

    Facebook Post LinkArchived Link

    @22Dinuk ට්විටර් ගිණුම හරහාද මෙම පුවත මෙසේ පළකර තිබෙනු දක්නට ලැබුණි

    Twitter  PostArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා විදේශගත කොටි ඩයස්පෝරාව විසින් දකුණේ පාතාලයට විශාල වශයෙන් මුදල් ලබා දී තිබෙන බව පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළිකර තිබේ යයි මාධ්‍ය වාර්තා කර තිබිණ. 

    එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා  ඝාතනය කිරීමේ සූදානමක් පැවැති බවට පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට වාර්තා තොරතුරු වල සත්‍යතාවක් නොමැති බවයි.

    එසේම අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා ඒ සම්බන්ධව  කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

    Twitter Post Archived Link

    පොලිස් මුලස්ථානය විසින් මේ සිද්ධිය පිළිබඳව පළ කරන ලද පහත දැක්වෙන නිල නිවේදනයේද පැහැදිලිවම සඳහන් කර තිබුණේ පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බවයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ ප්‍රකාශය පෙන්වාදෙමින් ඉහත සිද්ධිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය බොහොමයක් ඔස්සේද කරුණු දක්වා තිබුණේ මෙලෙසිනි. 

    අද පුවත්පත් වාර්තාවArchived Link

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ඉහත සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ  නිල සම්මුඛ සාකච්ඡාවේ කොටසක් පහත පරිදි දැක්විය හැක . (අද දෙරණ )

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීයා හෙළිකර තිබේ යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය  බවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා විදේශගත කොටි ඩයස්පෝරාව විසින් දකුණේ පාතාලයට විශාල වශයෙන් මුදල් ලබා දී තිබෙන බව පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළිකර තිබේ යයි මාධ්‍ය වාර්තා කිහිපයකම සඳහන් වී තිබුණි.

    එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අගෝස්තු 29 නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා  ඝාතනය කිරීමේ සූදානමක් පැවැති බවට පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බවයි.

    අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා ඒ සම්බන්ධව කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ  තවදුරටත් දැක්වෙයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.