Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආණ්ඩුව විසින් බෝරා මුස්ලිම්වරුන් සඳහා 2025 දක්වා ලංකාවේ රැඳී සිටීමට අවසර ලබා දුන්නාද ?

    2019-09-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වාර්ෂිකව පැවැත්වෙන බෝරා ගෝලීය සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කර තිබුණේ සැප්තැම්බර් මස 02 සිට සැප්තැම්බර් 12 වැනි දා දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලි පරිශ්‍රයේදීය. මෙම සම්මේලනය සඳහා මෙවර රටවල් 40කින් බ

    වාර්ෂිකව පැවැත්වෙන බෝරා ගෝලීය සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කර තිබුණේ සැප්තැම්බර් මස 02 සිට සැප්තැම්බර් 12 වැනි දා දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලි පරිශ්‍රයේදීය. මෙම සම්මේලනය සඳහා මෙවර රටවල් 40කින් බෝරාවරුන් 30,000 කට ආසන්න පිරිසක් සහභාගීවිමට සියලු කටයුතු සුදානම් කර තිබෙනු දක්නට ලැබුණි.

    ලොව පුරා සිටින බෝරාවරුන් ශ්‍රී ලංකාවට ඇදී ඒමත් සමඟම ඔවුන් පිළිබඳව විවිධ ආකාරයේ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබෙනු දක්නට ලැබුණි. එම පුවත් අතරින්, බෝරා මුස්ලිම්වරුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා 2025 දක්වා නොමිලයේ වීසා ලබා දීමට සැප්තැම්බර් මස 02 දින කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දන්වමින් ෆේස්බුක් සටහන් බොහොමයක් හුවමාරු වී තිබෙනු පසුගියදා දක්නට ලැබුණා. මෙහිදී තවදුරටත් දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුව විසින් මෙම පියවර ගෙන ඇති බවයි. මෙලෙසින් පළවූ පුවත් කිහිපයක් පහත පරිදි වේ

    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link

    මෙම පුවත කෙතරම් දුරට සත්‍ය දැයි දක්වමින් බොහොමයක් සටහන් ෆේස්බුක් හරහා හුවමාරු වුයේ මෙලෙසිනි.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බෝරා මුස්ලිම්වරුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා 2025 දක්වා නොමිලයේ වීසා ලබා දීමට සැප්තැම්බර් මස 02 දින කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවට පැතිරී යන පුවතේ සත්‍යතාව සොයා බැලීම සඳහා පසුගිය දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ පළ කරන ලද කැබිනට් දැනුම්දීම් පරීක්ෂාවට ලක් කරන ලදී. පහත දැක්වෙන්නේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් අවසාන වශයෙන් පළ කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණ ලැයිස්තුවකි.

    අමාත්‍ය මණ්ඩල තීරණCabinet Decisions 

    මෙලෙස පසුගිය දින කිහිපය තුළ දී නිකුත් කරන ලද කැබිනට් වාර්තා පරික්ෂා කිරීමේදී බෝරා මුස්ලිම්වරුන් හට වීසා දීර්ඝ කිරීමකට සබැඳි කිසිඳු තීරණයක් දක්නට නොලැබිණි.

    තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ සංචාරක කර්මාන්තය යළි ගොඩනැගීමේ අරමුණින් සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව අගෝස්තු මස 01 වැනිදා සිට 31 දක්වා සංචාරකයන්ට මෙන්ම ව්‍යාපාර හා ආයෝජන සඳහා මෙර‍ටට ප්‍රවේශ වන විදේශිකයන් වෙත නොමිලයේ වීසා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.

    දිනමිණ පුවත්පතේ වාර්තාව

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි සංචාරක වීසා (ETA) ලබා දෙන්නේ එක් මසක කාලයක් සඳහා පමණි .   මෙසේ ලබාදෙන සංචාරක වීසා (ETA) ඉල්ලුම් පත්‍රයක් මගින් අවස්ථා දෙකකදී දින 90 බැගින් දීර්ඝ කර ගැනීමේ හැකියාවක්ද ඇති බව එහි තවදුරටත් දක්වා සිටියි.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ බෝරා මුස්ලිම්වරුන්ට වසර 2025 තුරු ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර රජය විසින් ලබාදෙන ලද බවට පළව ඇති වාර්තා සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවයි. කැබිනට් තීරණ දැනුම් දීම් කිසිවක මෙබඳු වසර පහක කාලයක වීසා දීර්ඝ කිරීමක් පිළිබඳව සඳහන් වීමක් නොමැති අතර, පසුගිය මාසයේදී (අගෝස්තු) සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, ජෝන් අමරතුංග අමාත්‍යවරයා විසින් සියලුම සංචාරක හා ව්‍යාපාරික වීසා නොමිලේ එක් මසක කාලයක් සඳහා ලබාදීමට තීරණය කර ඇති බවත් ය. සංචාරක වීසා (ETA) ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් ලබාදෙන්නේ එක් මාසයක කාලය සඳහා පමණක් වන අතර මෙය අවස්ථා දෙකකදී පමණක් උපරිම වශයෙන් දින 180 ක් දක්වා දීර්ඝ කර ගත හැකි බව පැහැදිලි විය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.