Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා ද ?

    2019-09-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් වූ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ යුග දිවියෙන් සමුගත් බවට කලා ලෝකය පුරා පුවත් කිහිපයක් ම දැනට මාස කිහිපයකට පෙර පැතිරී තිබෙනු දක්නට ලැබුණා.  මසකට පමණ කාලයකට පසුව වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා යයි දක්වමින් සටහන් බොහොමය

    ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් වූ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ යුග දිවියෙන් සමුගත් බවට කලා ලෝකය පුරා පුවත් කිහිපයක් ම දැනට මාස කිහිපයකට පෙර පැතිරී තිබෙනු දක්නට ලැබුණා.  මසකට පමණ කාලයකට පසුව වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා යයි දක්වමින් සටහන් බොහොමයක් සමාජ මාධ්‍ය ජාලා හරහා පහත පරිදි පළ වී තිබෙනුද දක්නට ලැබුණි.

    Facebook LinkArchived Link

    ජනප්‍රිය මාධ්‍ය ආයතන කිහිපයක් මගින් ද (Hiru Gossip, Siyatha Gossip News, Sha FM, Hiru FM) ඔවුන්ගේ ෆේස් බුක් පිටු හරහා එම පුවත පහත පරිදි දක්වා තිබුණා.

    Facebook LinkArchived Link

    නොදුටු ලොව වටා (Nodutu Lowa wata) Youtube චැනලයද,  “වොල්ගා කල්පනි නැවතත් සුන්දර මනාලියක් වෙයි – Volga Kalpani” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ පටයක් අන්තර්ජාලයට මෙලෙසින් මුදාහැර තිබුණා

    Youtube LinkArchived Link

    මෙලෙසින් සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවන පුවත සැබැවින්ම සත්‍යක් දැයි වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ වටා බැඳුණු කලා ලොව රසික රසිකාවියන් කිහිප දෙනෙක් විසින්ම ප්‍රශ්න නගා තිබුණු නිසා මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට තීරණය කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂාකිරීමේදී එම ෆේස්බුක් සටහන් බොහොමක්ම වෙබ් පිටුවක් වෙත යොමුවන පරිදි සකස් කර තිබු බවත්, එම පිටුවල පහත පරිදි තොරතුරු දක්වා තිබූ බවත් දක්නට ලැබුණි.

    Website LinkArchived Link

    එම පුවතින් දක්වා තිබුණේ “බොහෝ දෙනෙක් ආදරය කරන වොල්ගා කල්පනි නැවතත් මනාලියක් වෙලා. ඒ සැබෑ ජීවිතයට නෙවෙයි. මනාලියන්ගෙ ඡායාරූප සඳහා. ඒවා පහතින්..”  යනුවෙනි. වොල්ගා කල්පනී නැවතත් මනාලියක් වෙයි යනුවෙන් ඉදිරිපත් කර තිබුණු අනෙකුත් සෑම සටහනකදීම ද මෙලෙසින් ඡායාරූප රූගත කිරීමක් (Photo-shoot)  සඳහා ඇය මනාලියක් වශයෙන් හැඩගැන්වුණු බව පසුව සඳහන් කර තිබිණි.  ඉහත පෙන්වාදුන් වීඩියෝ පටයේ ද ඇය මනාලියක් වී තිබෙන්නේ සැබෑ ජීවිතයේ නොවන බව පසුව සඳහන් කර තිබිණි. මෙලෙසින් ප්‍රේක්ෂකයන් නොමඟ යවන පරිදි ආකර්ෂණීය හෙඩිමක් යොදාගනිමින් පුවත් පළ කිරීම අනුමත කළ නොහැකි බව පෙන්වමින් රසික රසිකාවියන් කිහිප දෙනෙක්ම තම අප්‍රසාදය පහත පරිදි පළ කර තිබෙනු දක්නට ලැබුණා.

    ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී ගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් google search හරහා තොරතුරු සෙවීමේදී 2016 අගෝස්තු මාසයේදී ඇය යුගදිවියට එළැඹි බව පෙන්වමින් පුවත් පහත පරිදි අපට සොයා ගැනීමට හැකිවිය

    Saravita.lk website LinkArchived Link

    ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුවත්පතක් වන සරසවිය පුවත්පත විසින් ද 2016 අගෝස්තු මස වොල්ගා කල්පනි, හර්ෂණ බෙත්මගේ සමගින් අතිනත ගැනිම සම්බන්ධයෙන් ලිපියක් මෙසේ පළකර තිබුණා

    Sarasaviya Article (වොල්ගා කල්පනී, හර්ෂණ බෙත්මගේ සමඟ සොඳුරු කතාබහක්)Archived Link

    මෙම යුවළ පිළිබඳව මෑත කාලයේ දී පළවූ වාර්තා සෙවීම සඳහා සරල google search සෙවුමක් මගින් පහත කරුණු අනාවරණය විය

    “වොල්ගා හර්ෂණ වෙන්වෙති  – ඔව් ! අපි වෙන් වුණා සියල්ලම සිද්ධ වෙන්නේ පින් – පව් අනුව” යනුවෙන් සරසවිය 2019 අගෝස්තු 8 දින පළවී තිබුණු පුවත්පත් සම්මුඛ සාකච්චාවකදී ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී පවසා සිටියේ තමන් හර්ෂණ බෙත්මගේ සමගින් වෙන්වී ඇති බව සත්‍ය පුවතක් බවයි.

    සරසවිය ලිපිය (Article Link)Archived Link

    තවදුරටත් මෙසේ පළවූ තිබූ ඡායාරූප එකතුව (Photo-shoot) පරීක්ෂා කිරීමේදී එම කටයුත්ත සිදුකර ඇත්තේ Veenavee Studios යන ආයතනයකින් බව දැකගන්නට ලැබුණු අතර ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා මෙම ඡායාරූප පෙළ 2019 අප්‍රේල් 9 වන දින පළ කර තිබෙන බව පහත පරිදි දැකගැනීමට හැකිවිය

    Veenavee Studios Facebook Page PhotoArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත ෆේස්බුක් සටහන්, අන්තර්ජාල ලිපි,  වීඩියෝ සියල්ලක්ම නොමඟ යවන සුළු හෙඩිමක් (False Headline) මගින් පාඨක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා යොදා ගැනුණු ඒවා බවයි. එම වාර්තා සියල්ලකම මෙය සත්‍ය ජීවිතයේ සිදු වූ කරුණක් නොවන බවත් එය හුදෙක් ඡායාරූප එකතුවක් පමණක් බවත් පසුව අන්තර්ගතය තුළ දක්වා තිබුණි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා ද ?

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: False Headline

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.