Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බත්තරමුල්ලේ සීලරතන හිමි නමින් පළවන ප්‍රතිපත්ති සැබවින්ම ජනාධිපතිවරණ පොරොන්දුද ?

    2019-10-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය. ඒ අතර ජන සෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමිද තරඟ කරයි. බත්තරමුල්ලේ සීලරතන හිමි නමින් මෑතක සිට ෆේස් බුක් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යන  අතර එය මගින් මැතිවරණ පොරොන්දු

    ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය. ඒ අතර ජන සෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමිද තරඟ කරයි.

    බත්තරමුල්ලේ සීලරතන හිමි නමින් මෑතක සිට ෆේස් බුක් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යන  අතර එය මගින් මැතිවරණ පොරොන්දු සහ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටස් යැයි හැගෙන ආකාරයේ සටහන් (posts) ප්‍රකාශයට පත් කර තිබෙනු අපට දැකගන්නට ලැබුණි.

    ඉන් එක සටහනක පවසා තිබුනේ “ලංකාව තුළ ශරියා විශ්වවිද්‍යාලය හැදීමට අවශ්‍ය නම් හදන්නට දෙමි. එහෙත් එයට ඇතුලත් කරගන්නේ සිංහල බෞද්ධ ළමුන් පමණි. උසස් පෙළ ලකුණු මත අවශ්‍ය නම් වසරකට මුස්ලිම් ළමුන් 5කට ශිෂ්‍යත්ව පදනම මත ඇතුලත් වීමේ අවස්ථාව දෙන අතර ඒ සඳහා ලිඛිතව ඉල්ලීමක් කළ යුතුය” යනුවෙනි. 

    තවත් සටහනක පවසා තිබුනේ “ මා බලයට පත් වූ වහාම වයස 25ට පෙර කසාද බැඳීම අනිවාර්ය කරනවා. විශේෂයෙන් කැම්පස් යන ළමයි උපාධිය කියා කසාදය කල් දමනු පෙනේ. මෙයට විසඳුමක් මා ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරමි. 25ට පෙර කසාදය අනිවාර්යයි. එසේ නොහැකි වන අය තවදුරටත් ගිහියන් වීමට නොසුදුසු ලෙස සලකා ශාසනයට පවරා ගන්නවා ” යනුවෙනි.

    Facebook LinkArchived Link

    හුවමාරුවන තවත් සටහනක් කිහිපයක් මෙලෙසිනි

    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙවැනි සටහන් බලු බැල්මටම ව්‍යාජ ලෙස හැඟී යන අතර මේ පිළිබඳව කරුණු විමසීමක් සඳහා ෆැක්ට් ක්රෙසේන්ඩෝ ආයතනය (Fact Cresendo – Sri Lanka) සීලරතන හිමි දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුවා. එහිදී හිමියන් පවසා සිටියේ තම නමින් ව්‍යාජ ෆේස් බුක් ගිණුම් කිහිපයක්ම ඇති බවයි. එමෙන්ම තම පක්ෂයේ ප්‍රතිපත්ති ආකාරයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ව්‍යාජ ප්‍රතිපත්ති බවත්, එම ෆේස් බුක් පිටු සියල්ල ව්‍යාජ ඒවා බවත්ය.

    හරි ටීවී (Hari Tv) සමඟ පැවැත්වූ යුටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙමින් ද සීලරතන හිමියන් එම ෆේස්බුක් පිටු ව්‍යාජ ඒවා බව පවසා සිටියේ මෙලෙසිනි.

    Youtube LinkArchived Link

    වැඩිදුර  කරුණු දක්වමින් ස්වාමින් වහන්සේ පවසා සිටියේ තමාට official website, ෆේස්බුක් පේජ් යනාදී කිසිවක් නොමැති බවත් මෙසේ මඩ ගැසීම අළුත් කාරණයක් නොවන බවත් මීට පෙර 2015 ජනාධිපතිවරණ සමයේද ද මෙබඳුම මඩ ප්‍රචාරයන් ගෙන ගොස් තිබූ බැවින් මෙම  පහත් ක්‍රියාකලාප ගැන තමන් කලබලයට පත්වන්නේ නැති අතර මෙකී ප්‍රචාර මුළුමහත් බුදු දහමටම කරන නිගාවක් බවයි.

    මෙසේ බොහෝ වශයෙන් හුවමාරු වන ෆේස්බුක් සටහන් ප්‍රධාන වශයෙන්ම ෆේස්බුක් පිටු තුනක් මගින් පළ වී තිබෙන බව අපට දැකගන්නට ලැබුණා. එබඳු එක් ෆේස්බුක් පිටුවක් මේ වනවිටත් ව්‍යාජ ලෙස තොරතුරු සැපයු එක් කණ්ඩායමක් මඟින් ඉවත් කරගෙන තිබෙනු දක්නට ලැබුණි.

    එසේ ම හිමියන්ගේ නමින් ෆේස්බුක් ගිණුම් හා පිටු රාශියක් පළ වී තිබෙන අයුරුද දක්නට ලැබුණා.

    පහත දැක්වෙන්නේ හිමියන්ගේ නිල ෆේස්බුක් ගිණුමයි.

    Official Facebook Account

    තවදුරටත් කරුණු සොයා බැලීමේදී අපට පැහැදිලි වුයේ 2019 ජනාධිපතිවරණය සඳහා තවමත් ජන සෙත පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කර නොමැති බවත්ය.  

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජන සෙත පෙරමුණ නියෝජනය කරන බත්තරමුල්ලේ සීලරතන හිමි නමින් ඇති ෆේස් බුක් ගිණුම් කිහිපයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටස් යැයි හැගෙන ආකාරයේ සටහන් (posts) ව්‍යාජ ඒවා බවයි. තවදුරටත් කරුණු සොයා බැලීමේදී අපට පැහැදිලි වුයේ 2019 ජනාධිපතිවරණය සඳහා තවමත් ජන සෙත පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.