Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇල්පිටිය ඡන්ද විමසීමේදී බටුවන්හේන ඡන්ද කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණ එකම ඡන්දයක් වත් ලබා ගත්තේ නැද්ද ?

    2019-10-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 දින ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්විණි. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් 53,338 කින් 72% කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර අවසන් ප්‍රතිඵලය එදිනම රාත්‍රියේදී ප්‍රකාශයට පත්විය.  

    ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 දින ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්විණි. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් 53,338 කින් 72% කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර අවසන් ප්‍රතිඵලය එදිනම රාත්‍රියේදී ප්‍රකාශයට පත්විය.  

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් ද, එක්සත් ජාතික පක්ෂය මුළු ජන්ද 10,113ක් ලබාගෙන මන්ත්‍රි ආසන 7ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද 5,273ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 3ක් ද ජනතා විමුක්ති පෙරමුණ ජන්ද 2,435ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 2ක් දිනා ගැනීමට සමත්ව තිබුණා.

    මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බටුවන්හේන ඡන්ද කොට්ඨාශයේ  ප්‍රතිඵලය සමජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වුවා. එහිදී  ජනතා විමුක්ති පෙරමුණ එම ඡන්ද කොට්ඨාශය තුළ කිසිදු ඡන්දයක් ලබා නොගත් බවට සටහන් (posts) හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා.

     එවැනි සටහන් කිහිපයක් පහතින්

    MR Social Team FB LinkArchived LinkGayan Aluthge FB LinkArchived Link

    හුවමාරු වූ තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    Update : 29th Oct 2021

    2019 වසරේ හුවමාරු වූ ඉහත සටහනම උපයෝගී කර ගනිමින් ‘ගමෙන් පටන් ගමු’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිය ෆේස්බුක් නිල ගිණුම් ඔස්සේ මේ දිනවල සිදු කරන ප්‍රචාරණ ව්‍යාපෘතිය නැවත වරක් සටහන් පෙළක් නිර්මාණය කර තිබුණා.

    “ඩීල් කුමාරට කඩේ වන වහලුන්ගේ දැන ගැනීම පිණිස” යනුවෙන් සඳහන් කරමින් පළ වූ තවත් සටහනක් පහතින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙහි සත්‍යතාව විමර්ශණය කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය  මඟින් ඡන්ද කොට්ඨාශවල ප්‍රතිඵල වෙන වෙනම ප්‍රකාශ කර ඇත්දැයි පරික්ෂා කිරීමේදී අරුණ පුවත්පත හරහා එබඳු සවිස්තරාත්මක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයක් දැකගන්නට ලැබුණා. ඒ අනුව එම පුවත්පත සඳහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ, බටුවන්හේන ඡන්ද කොට්ඨාශ තුළ ඡන්ද 198 ලබාගත් බවයි.

    Newspaper  LinkArchived Link

    මැතිවරණය ආවරණය කළ හිරු නාලිකාවේ මාධ්‍යවේදියකු ෆේස්බුක් වෙත යොමු කරන ලද සටහනක් අනුව, ජනතා විමුක්ති පෙරමුණ බටුවන්හේන ඡන්ද කොට්ඨාශ තුල  ඡන්ද 198 ලබාගෙන තිබු බවද පෙන්වා දී තිබුණි. 

    Facebook LinkArchived Link

    ට්විටර් පරිශීලකයෙකු විසින් ද පහත පරිදි බටුවන්හේන ඡන්ද කොට්ඨාශයේ ප්‍රතිඵලය පෙන්වා දෙමින් සඳහන් කර තිබුනේ “තමන් ස්වාධීන යයි කියාගන්නා සමහර මාධ්‍ය ආයතන එම නමටත් නිග්‍රහ කරමින් තම දේශපාලන ගැති බව ලොවට පෙන්වමින් තම පක්ෂග්‍රාහී බවේ නිරුවත නිරූපණය කළ අවස්ථාවක් ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බටුවන්හේන කොට්ඨාසයේ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කළ ආකාරයෙන් පෙනීයයි” යනුවෙනි.

    Twitter LinkArchived Link

    News-I යූටියුබ් චැනලය හරහාද ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත්විය. ඒ අනුව එම චැනලය සදහන් කරන ලද්දේ ද ජනතා විමුක්ති පෙරමුණ බටුවන්හේන ඡන්ද කොට්ඨාශ තුල  ඡන්ද 198 ලබාගත් බවයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳව අපි තවදුරටත් කරුණු සොයා බැලීමක සඳහා මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය පරික්ෂා කිරීමේදී මේ වන තෙක් නිල ඡන්ද ප්‍රතිඵලය යාවත්කාලීන කර නොමැති බව දැකගන්නට ලැබුණා. 

    Election Commission Official WebsiteArchived Link

    මේ අනුව මැතිවරණ කාර්යාලයේ උපදෙස් පරිදි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා සමග සම්බන්ධ වීමත් සමඟ බටුවන්හේන ඡන්ද කොට්ඨාශයේ නිළ ඡන්ද ප්‍රථිඵලය විමසන ලද අතර එහිදී එතුමා පවසා සිටියේ ඉහත ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් නිල ඡන්ද ප්‍රතිඵලය නුදුරු දිනයකදීම මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත යාවත්කාලීන කරනු ඇති බවත්ය

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී බටුවන්හේන ඡන්ද කොට්ඨාශය තුල  දී ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලබා නොගත්තේයැයි පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.