Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සාමනේර හිමිවරුන් දෙනමට සැබවින්ම පහර දුන් පුද්ගලයා කවුද ?

    2019-09-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙකු විසින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුල මෙන්ම රූපවාහිනී නාලිකා කිහිපයකද විකාශය විය. මේ සිද්ධිය සිදුව ඇත්තේ හොරොව්පතාන පොලිස් වසමේ පිරිවෙන් විහාරස්ථානයකය. මෙම සාමනේර හිමිවරුන් දෙනමට පහරදෙන පුද්ගලයා හොරොව්පතාන පොලිස්

    සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙකු විසින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුල මෙන්ම රූපවාහිනී නාලිකා කිහිපයකද විකාශය විය. මේ සිද්ධිය සිදුව ඇත්තේ හොරොව්පතාන පොලිස් වසමේ පිරිවෙන් විහාරස්ථානයකය. මෙම සාමනේර හිමිවරුන් දෙනමට පහරදෙන පුද්ගලයා හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකු බව සඳහන්ව තිබුණි. මෙම පුවත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන පළකර තිබිණ.

    Video LinkArchived Link

    පසුව සමාජ මාධ්‍ය හරහා පහරදුන් පුද්ගලයා සොයාදෙන ලෙස ඉල්ලා ඉල්ලීම් පලවිය. ඉන්පසුව පහරදුන් පුද්ගලයා මොහුයැයි කියා පුද්ගල ඡායාරුපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පැවතිණ.

    එම පුවත සමාජ මාධ්‍ය පළකර තිබුනේ මෙසේය.

    Facebook  LinkArchived Link
    Facebook  LinkArchived Link
    Twitter  LinkArchived Link

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සියල්ලකම වාගේද මෙම පුවත ආවරණය කර තිබෙනු දක්නට ලැබුණි

    Hiru News Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සැප්තැම්බර් 10 දින සමාජ මාධ්‍ය ජාල තුළ සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙකු විසින් පහර දෙන වීඩියෝවක් විකාශය විය. පසුව සමාජ මාධ්‍ය හරහා පහරදුන් පුද්ගලයා සොයාදෙන ලෙස ඉල්ලා ඉල්ලීම් ද පළවී තිබෙනු දක්නට ලැබුණි. 

    හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම සාමනේර හිමිවරුන් දෙනමට පහරදුන් බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබුණි. පොලිසිය සැප්තැම්බර් 10 දින සවස 7.45 ට මාධ්‍යට නිකුත් කල නිවේදනයේ එම සැකකරුගේ නම ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා ලෙස සදහන් කර තිබිණ.

    Facebook Post Archived Link

    ඉන්පසුව පහරදුන් පුද්ගලයා මොහුයැයි කියා ඡායාරුපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පැවතිණ. සැබවින්ම එය පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නොව වෙනත් අයකුගේ බව පැහැදිලිය. හුවමාරුවන ඡායරුපයේ සිටින චමින්ද ගලබොඩ පුද්ගලයා තම ෆේස් බුක් ගිණුම මගින් රාත්‍රී 9.52 ට සජීවී වීඩියෝ පටයක් නිකුත් කරනලදී. වීඩියෝ පටයක නිකුත් කරමින් චමින්ද ගලබොඩ පැවසුවේ , තමා සිටින්නේ කටාර් රාජ්‍යයේ බවත් , මෙම සිද්දියට අදාල පුද්ගලයා නොවන බවත්ය. පොලිස් ස්ථානයේ සිටියදී එසේ කළ නොහැකි අතර , එම වීඩියෝව එළිමහනක සිට සජිවී නිකුත් කරන ලද්දක් වේ.

    Facebook  LinkArchived Link

    තවදුරටත් අත්අඩංගුවට පත්වූ චමින්ද ගලබොඩ නොහොත් උටියා යන අය අත්අඩංගුවට ගන්නා දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ කොටසක්ද ප්‍රධාන මාධ්‍ය විසින් මෙලෙස පළ කර තිබුණා  

    ​

    Recorded Video of Derana 6.55 News (11.09.2019)

    එමගින් පැහැදිලිවන්නේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ සමාජ ජාල මගින් පළවූ පුද්ගලයා නොව ඉහත ඡායාරූපයේ පෙනෙන පුද්ගලයා බවයි

    අවසාන නිගමනය

    මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හා දැඩි ලෙස ප්‍රචාරය වීමත් සමගම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර ඔහු ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙකි. ඔහුගේ හැඩහුරුකම ට සමාන ගලගොඩ චමින්ද නම් අයෙක් මෙම සාමණේර දෙනමට පහර දුන්නේයැයි පළවන පුවත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය ය. මෙසේ ෆේස්බුක් මගින් පළවන පුවත් වලට අදාල ගලබෝඩ චමින්ද නම් තැනැත්තා දැනට කටාර් රාජ්‍ය සේවයේ නියුතු වන බව ඔහු විසින් සජීවී වීඩියෝ දර්ශනය පැහැදිලි වේ. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.