Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හෙට සිට වර්ජනයේ

    2019-10-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දින කිහිපය පුරා දුම්රිය සේවකයන්,  ගුරුවරුන් ආදී විවිධ වෘත්තීයවේදීන් මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන වල නවතම වැඩ වර්ජනය ලෙස වෛද්‍ය වැඩ වර්ජනයක් අද දින (02) පැවැත්වීමට නියමිත යැයි සඳහන් කරමින් බොහොමයක් වෙබ් අඩවි සහ සමාජ ජාලාවල ප්‍රවෘත්ති පළ වී තිබෙනු අපට

    පසුගිය දින කිහිපය පුරා දුම්රිය සේවකයන්,  ගුරුවරුන් ආදී විවිධ වෘත්තීයවේදීන් මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන වල නවතම වැඩ වර්ජනය ලෙස වෛද්‍ය වැඩ වර්ජනයක් අද දින (02) පැවැත්වීමට නියමිත යැයි සඳහන් කරමින් බොහොමයක් වෙබ් අඩවි සහ සමාජ ජාලාවල ප්‍රවෘත්ති පළ වී තිබෙනු අපට දක්නට ලැබුණා.

    මෙම පුවත “infosrilankanews.info” නැමැති වෙබ් අඩවියක “ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හෙට සිට වර්ජනයේ” යන පාඨය ඔස්සේ මුලින්ම පළ වී තිබූ අතර එම ලිපියේ තව දුරටත් සඳහන් වී තිබුණේ “වැටුප් ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් හෙට (02) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි” යනුවෙනි

    Info Sri Lanka Web LinkArchived Link

    එම පුවත තමයි බොහොමයක් ෆේස්බුක් පිටුව හරහා සමාජගත වී තිබෙනු අපට දක්නට ලැබුණේ මෙලෙසිනි.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පුවත පිළිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේදී දැනගන්නට ලැබුණේ එබඳු වැඩවර්ජනයක් අද දින පැවැත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. වැඩවර්ජනයක් පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන විධායක සභාවේදී තීරණය කරනු ඇති බවද  දන්වා සිටියා.

    තවදුරටත් කරුණු දක්වමින් එතුමා පවසා සිටියේ ජේෂ්ඨ නිලධාරී කොට්ඨාශයකගේ  වැටුප් වර්ධනයක් (DAT දීමනාව හරහා) සිදුවී ඇති බවත්, එමගින් වෛද්‍ය නිලධාරීන් කොට්ඨාශයකට යම් අසාධාරණයක් සිදුවී ඇති බවයි.  කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද දිනයේ පැවැත්වීමට නියමිත මාධ්‍ය  හමුවක් මගින් දන්වා සිටීමට කටයුතු කර ඇති බවද අප සමග පවසා සිටියා.

    දේශපාලන බලපෑමක් මත වැඩ වර්ජන දියත් කරන්නේ නම් මේ අවස්ථාවේදී වැඩවර්ජන රැල්ලක් ක්‍රියාත්මක කළ හැකිව තිබෙන බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එබඳු පටු වාසි තකා වගකීමකින් තොරව කටයුතු කරන ආයතනයක් නොවන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ අප සමග පවසා සිටියා. 

    සැප්තැම්බර් 30 වැනිදා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පැවැත්වූ මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ පිළිබඳ දැක්වූ කරුණු කිහිපයක් පහත දැක්වේ.

    GMOA Youtube LinkArchived Video

    මෙබඳු වැඩ වර්ජනයක් පිලිබඳ පුවතක් නිර්මාණය වන්නට ඇත්තේ කිනම් කාරණයක් පදනම් කරගෙන දැයි යන්න පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමේදී අපට දැනගන්නට ලැබුණේ පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත හරහා පළවී තිබූ පුවතකි.

    එම පුවතේ සඳහන් වූයේ, වැටුප් විෂමතාවන් පිළිබඳ පැන නැගී ඇති ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබා නොදෙන්නේ නම්, එළඹෙන බදාදා (එනම් අද දින), වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වැඩවර්ජනයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක් කර ඇතැයි යනුවෙනි. එම සම්පූර්ණ පුවත පහත පරිදිය.

    Sunday Times Web LinkArchived Link

    DAT දීමනාව දීමනාව ඇතුළු අනෙකුත් අනෙකුත් වැටුප් විෂමතාවන් සඳහා නිසි පිළිතුරක් නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වැඩවර්ජනයක නිරත වීමේ අදහසක් ඇති බව මීට පෙරද කිහිප අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවසා තිබෙනු ද අපට දැකගන්නට ලැබුණා

    Daily News Epaper Archived Link

    අවසාන නිගමනය

    වැඩ වර්ජනයක නිරත වීමේ අදහසක් ඇති බව මීට පෙරද කිහිප අවස්ථාවකදීම රජයේ
    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවසා තිබුණද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක මේ දක්වාම නිරත වී නොමැත

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.