Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    “ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූගියා” -මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

    2019-09-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ගෝඨාභය” ග්‍රන්ථය එළිදැක්වීම, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ඇතුළු ආරාධිත පිරිසක් මධ්‍යයේ පසුගිය පසුගිය 23 වැනිදා නෙළුම් පොකුණ රගහළ පරි

    විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ගෝඨාභය” ග්‍රන්ථය එළිදැක්වීම, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ඇතුළු ආරාධිත පිරිසක් මධ්‍යයේ පසුගිය පසුගිය 23 වැනිදා නෙළුම් පොකුණ රගහළ පරිශ්‍රයේදී සිදුවිය. ඊට පසු දින සිටම මෙම කෘතියේ පළවී තිබෙන පිටුවක් උපුටා දක්වමින් ප්‍රකාශ බොහොමයක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී යනු අපට දැකගන්නට ලැබුණා. එබඳු ප්‍රකාශ කිහිපයක් පහත පරිදිය.

     නිරෝෂන් රූපසිංහ යන අයෙකු විසින් සඳහන් කර තිබුණේ “ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූගියා.” -මේජර් ජනරාල් කමල් ගුනරත්න-පොහොට්ටු රනවිරු ජනාධිපති අපේක්ෂකයො ගැන හඬ අවදිකරයි” යනුවෙනි. මෙහි තවදුරටත් දක්වා තිබුණේ “අපි නෙමෙයි කියන්නෙ හිටපු හමුදා නිලධාරියෙක්…කමල් ගුණරත්න. අත්බෝම්බය අතේ තියාගෙන පිනෙක විසිකරලා. පුපුරායාවි කියන බයට කලිසමේ චූගිහින්.එතැන් සිට හමුදාවෙ අය කීවෙ චූ මාර්ක්..?දැන්වත් පිලිගන්න නන්දසේන හමුදාවෙන් අයින්වුනේ යුද්ධයට අධික ලෙස බියවීමෙන් නිතර කලිසම තෙමීම නිසා බව.?”

    Facebook LinkArchived Link

    එම පුවතම තවත් බොහොමයක් ෆේස්බුක් සටහන් හරහා විවිධ අයුරින් ප්‍රකාශ වී තිබෙනු දැක ගන්නට ලැබුණු අතර එබඳු එක් සටහනක් පහත පරිදි දක්වා තිබුණේ “ඔහු නමින් ගෝටා නම් විය… මරු බඩු කෑල්ල අපේ උන් රටේ ජනාධිපති කරන්ඩ දගලන්නෙ..” යනුවෙනි.

    Facebook LinkArchived Link

    “ප්‍රථම වරට අත්බෝම්බයක් දැක ගෝටාභයට චූ ගිය නිසා ඔහුට හමුදාවේ කිව්වේ චූ මාර්ක් කියා.කමල් ගුණරත්නගේ ගෝටාභය කෘතිය කියයි” යනුවෙන් පුවතක් “දේශය” වෙබ් අඩවිය හරහාද දක්වා තිබුනේ මෙලෙසිනි.

    Deshaya.net web linkArchived link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම කෘතිය එළි දැක්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වල සඳහන් කර තිබුණේ මෙලෙසිනි. “මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ගෝඨාභය” ග්‍රන්ථය එළිදැක්වීම අද නෙළුම් පොකුණ රගහළේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද සහභගීත්වයෙන් සිදු කෙරිණ. මාගේ චරිතාපදානය අගනා කෘතියක් ලෙස එලිදක්වන්නට කැපවු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට මාගේ හෘදයාංගම ස්‍තූතිය!”

    Official Twitter Link (Gotabaya Rajapaksa)Archived LinkOfficial Facebook Link (Gotabaya Rajapaksa)Archived Link

    එම පුවත බොහොමයක් මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි මගින්ද පළ කර තිබුණි.

    Web LinkArchived Link

    ඉහත ප්‍රකාශවල සඳහන් වී ඇති ආකාරයේ කිසිදු සටහනක් මුල් කෘතියේ අන්තර්ගත වී දැයි කමල් ගුණරත්න මහතාගෙන් කරන ලද විමසීමකදී එතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිකුත් කරමින් සඳහන් කර සිටියේ එබඳු ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය දේශපාලන මඩ ප්‍රචාර බවයි. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබු ප්‍රකාශයේ සිංහල පරිවර්තනයෙන් කොටසක් මෙලෙසිනි.

    “සමහර අය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් නිසා “ගෝඨාභය” කෘතියට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අප මාතෘ භූමියට විශිෂ්ට සේවයක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමට හෝ පහත් කොට දැක්වීමන කිසිඳු ප්‍රකාශයක් මාගේ කෘතියේ නොමැත. පිටු අංකයකින් තොරව පිටු නිර්මාණය කිරීමෙන් විවිධ කණ්ඩායම් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විසින් නිර්මාණය කරන ලද අපහාස ලිපි කරුණාකර විශ්වාස නොකරන්න. මෙලෙස දක්වා ඇති සටහනේ ඇති අන්තර්ගතය කියවීමෙන් බුද්ධිමත් පාඨක ජනතාව, මෙය සම්පූර්ණයෙන්ම මවාපාන ලද සටහනක් බව තේරුම් ගනු ඇතැයිද මම විශ්වාස කරමි. පුද්ගලයන් සියයකට වැඩි පිරිසකගේ අදහස් විමසීමෙන් හා සම්මුඛ සාකච්ඡා කිරීමෙන් පසු මම ඔහු පිළිබඳ 100% නිවැරදි තොරතුරු ලියා ඇත. ජනතාවට නිවැරදි ප්‍රතිරූපයක් ලබා දීම සඳහා මෙම තොරතුරු බෙදා ගන්නා ලෙස මම නිහතමානීව ඉල්ලා සිටිමි”  

    එම මුල් සටහන පහත දැක්වේ

    Facebook Link (Kamal Gunaratne)Archived Link

    ඉහත දක්වා තිබූ සටහන් වලට සමාන සටහනක් හෝ මුල් කෘතියේ අඩංගු දැයි සැකහැර දැන ගැනීම සඳහා අප විසින් “ගෝඨාභය” කෘතිය සම්පුර්ණයෙන් (පරිච්ඡේද 21 ම) පරිශීලණය කරන ලද අතර මෙබඳු සටහනකට සමාන සටහනක් හෝ මුල් කෘතියේ කිසිඳු පරිච්ඡේදයකින්  අපට දැකගැනීමට නොහැකි විය

    Kanishka Dushmantha යන අයෙකු, පසුගියදා කමල් ගුණරත්න මහතා විසින් මෙසේ සමාජ මාධ්‍ය හරහා තම කෘතිය සම්බන්ධයෙන් පළවන පුවත් සම්බන්ධයෙන් ලබාදුන් පිළිතුරු සහිත වීඩියෝවක් තම ෆේස්බුක් ගිණුම හරහා බෙදාගෙන තිබුණේ මෙලෙසිනි.

    https://www.facebook.com/kanishkad773/videos/2613794205351582/

    අවසාන නිගමනය

    අපගේ විමර්ශන වලින් පැහැදිලි වන්නේ “ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූ ගියා -මේජර් ජනරාල් කමල් ගුනරත්න” යනුවෙන් දක්වා ඇති ප්‍රකාශ සියල්ලක්ම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:“ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූගියා” -මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.