Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ උපන්දින සාදයක් අතරතුර දී හයිඩ්‍රජන් බැලුන් පිපිරීමක් සිදුවූවාද ?

    2019-08-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    උපන් දින සාද අවස්ථාවකදී, උපන් දින කේක් ගෙඩිය මත ඇති ඉටිපන්දම් දැල්ල හයිඩ්‍රජන් පිරවූ බැලුන් වලට ගැටී දැල්වීමත් සමඟම විශාල පිපිරීමක් සිදුවන වීඩියෝ පටයක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ අගෝස්තු මස 21 වන දින සංසරණය වනු දක්නට ලැබුණා. මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ සිද

    උපන් දින සාද අවස්ථාවකදී, උපන් දින කේක් ගෙඩිය මත ඇති ඉටිපන්දම් දැල්ල හයිඩ්‍රජන් පිරවූ බැලුන් වලට ගැටී දැල්වීමත් සමඟම විශාල පිපිරීමක් සිදුවන වීඩියෝ පටයක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ අගෝස්තු මස 21 වන දින සංසරණය වනු දක්නට ලැබුණා. මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීමක් බවත් මෙකී සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ පුවත්වල දක්නට ලැබුණා.

    මෙම බැලුම් පිපිරීම පිළිබඳ පුවත විශාල වශයෙන් ම  ට්විටර් (Twitter) ගිණුම් ඔස්සේ පළවී තිබෙනු දක්නට ලැබුණා. @Hansifernanz ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ “ලංකාවේ මෙච්චර ගොං කෙල්ලො ඇති කියලා හීනෙකින්වත් හිතුන්නැ …. Hydrogen බැලූන් ළඟ තියාගෙන පත්තු කරන්න තරම්” යනුවෙනි.

    Twitter Status of @HansifernanzArchived Link

     මෙම පුවත ම Shemal Anthony Jayasundera (@shemjay93)  සහ Gajaman Nona (@gajaman_nona) යන අය විසින් ද ට්විටර් ගිණුම් ඔස්සේ පළකර  තිබෙනු මෙසේ දක්නට ලැබුණා

    Twitter Status of @shemjay93Archived Link
    Twitter Status of @gajaman_nonaArchived Link

    මෙම වීඩියෝව ලංකාවේ සිදු වූවක් ද යන්න විමසා සිටි අවස්ථාවකදී ඒ සඳහා @Hansifernanz පිළිතුරු ලබා දී තිබෙන්නේ මෙය වෙන්නප්පුව ප්‍රදේශයේ දී සිදුවූවා යැයි ආරංචි වී ඇති බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සිදුවීම සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවීයයි ද තහවුරු කර ගැනීම සඳහා මුලින්ම  InVID – Google Chrome Extension යොදාගනිමින් ඉහත වීඩියෝව රූප රාමු කිහිපයකට වෙන් කර ගැනුණි. එමගින් ලැබුණු රූප රාමුවක් Google Reverse Image හරහා කරුණු සොයා බැලීමේ දී එම වීඩියෝව මීට පෙර බොහෝ ස්ථානවල දී  ලොව පුරා බෙදාහැරී ඇති පැහැදිලි විය.

    තවදුරටත් Google Search හරහා “Birthday Balloons Catch Fire” යනුවෙන් සොයා බැලීමේදී මෙම සිද්ධිය ස්ථාන කිහිපයක ම වාර්තා කර තිබෙනු දක්නට ලැබුණු අතර එම වාර්තා සියල්ලම වාගේ මීට වසරකටත් පෙර පුවත් බව පැහැදිලිය.

    මෙසේ සොයාගන්නට ලැබුණ වෙබ් අඩවි සියල්ලේම  වාගේ සඳහන් වූයේ මෙම සිද්ධිය මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සිදු වූ සිද්ධියක් බවයි.  මීට අදාළ වෙබ් අඩවි වාර්තා පහත පරිදි වේ.

    The Sun (UK) swns.com

    swns.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම උපන්දින සාදය ඉන්දියාවේ මයිසුර් (Mysore) ප්‍රදේශයේ සිදුවූවක් බව පෙනී යයි.

    Daily Mail , You tube චැනලයේ ද මෙම වීඩියෝව මීට වසරකටත් මත්තෙන් පළවී තිබෙනු දක්නට ලැබුණි.

    අවසාන නිගමනය : අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෙය ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් බවත් ලංකාවේ උපන්දින සාදයකදී මෙබඳු පිපිරීමක් සිදුවී නොමැති බවත්ය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-08-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.