Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහර දුන්නා යැයි කියා සමාජ ජාලා හරහා පළවන ඡායාරූපය සැබවින්ම තරුණ සමුළුවේ දී සිදුවූවක් ද?

    2019-08-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අගෝස්තු 24 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය. එම සමුළුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුට තම හැඳුනුම්පත පෙන්වා සම

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අගෝස්තු 24 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය.

    එම සමුළුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුට තම හැඳුනුම්පත පෙන්වා සමුළුවට ඇතුළු වීමට යාමේදී පහරදීමක් සිදු වූවා යැයි පවසමින් ඡායාරූප සහිතව පුවත් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනු විශාල වශයෙන් දක්නට ලැබුණා.

    මෙම Post අන්තර්ගතය තුළ තවදුරටත් සඳහන් වන්නේ නායකයන් පැමිණීමට පෙර මෙවැනි දේ සිදුවේ නම් නායකයන් බලයට පැමිණීමෙන් පසු කුමකින් කුමක් සිදුවේද යන්නයි.

    මෙම සමුළුව සදහා මෙරට මාධ්‍යවේදීන්  කිහිපදෙනකුට ආවරණය කිරීම උදෙසා ඇතුල් වීමට ඉඩ ලබා නොදෙන ලදී. පසුව මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන්ට තරුණ සමුළුවට පැමිණීමට නොදීම පිළිබදව විමසුවිට, ප්‍රකාශ කර සිටියේ අන්තර්ජාලය (Youtube) හරහා මෙය නැරඹීමට හැකි බවත්ය. පසුව සිදුවූ  අත්වැරැද්ද සම්බන්ධව twitter පණිවිඩයක් නිකුත්  කරමින්  මන්ත්‍රීවරයා සමාව ගෙන තිබිණ.

    මෙම සිද්ධීන් සියල්ලට පසුව ,  සමුළුවට පැමිණි මාධ්‍යවේදියකුට පහරදුන් බවට සඳහන් කරමින්   සමාජ මාධ්‍ය  හරහා  ඡායාරූපයක්  හුවමාරු විය. 

    පහත දැක්වෙන්නේ  සමුළුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහර දුන්නා යැයි කියා සමාජ ජාලා හරහා පළවන ඡායාරූපයකි.

    Mahajanathawa Facebook Post LinkArchived Link

    මාධ්‍යවේදියෙකුට පහර දුන්නා යැයි කියා සමාජ ජාලා හරහා පැතිරීයන ඡායාරූපය.

    Facebook Post LinkArchived Link
    Facebook Post LinkArchived Link
    Facebook PostArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සරල google reverse image සෙවුමක් මඟින් අදාළ ඡායාරූපය 2009 වසරේ අගෝස්තු අන්තර්ජාලයට මුදාහැරුණු ඡායාරූපයක් බව හෙළිවේ.

    තව දුරටත් සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම ඡායාරූපය 2009 අගෝස්තු මස අඟුලාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී, විරෝධතාකරුවන් එල්ල කළ ගල් පහරක් දෙරණ මාධ්‍යවේදියෙකුගේ හිසේ ගැටීමේදී සිදුවූ තුවාල සහ ලේ ගැලීමකට අයත් ඡායාරූපයක් බවයි. සම්පුර්ණ වාර්තාව

    ව්‍යාජ ඡායාරූපයක් පළ වීමෙන් පසුව ෆේස්බුක් පිටු කිහිපයක් එය වැරදි ඡායාරූපයක් බවට පල කරන ලදී

    Facebook Post

    ඡායාරූපයක් පළ වීමෙන් පසුව Twitter පිටු කිහිපයක් එය වැරදි ඡායාරූපයක් බවට පල කරන ලදී

    Twitter Post

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පොදුජන පෙරමුණේ තරුණ සමුළුවේදී මාධ්‍යවේදියකුට පහර දුන්නා යැයි කියා  සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන  ඡායාරූපය  2009 වසරේ අගෝස්තු මස ලබාගත් ඡායාරූපයකි.  එම ඡායාරූපය 2019 අගෝස්තු මස පැවැත්වුනු තරුණ සමුළුවට අදාළ නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-08-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.