Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රාවණා 1 චන්ද්‍රිකාවෙන් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප සැබැවින්ම ලබාගත්තේ රාවණා 1 චන්ද්‍රිකාව මඟින් ද ?

    2019-08-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව ඉකුත් අප්‍රේල් 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.  ඒ අනුව එම චන්ද්‍රිකාව ජුනි 17 පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයට මුදා හරිනු ලැබුවා.

    ශ්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව ඉකුත් අප්‍රේල් 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.  ඒ අනුව එම චන්ද්‍රිකාව ජුනි 17 පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයට මුදා හරිනු ලැබුවා.

    “රාවණා 1” චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප අගෝස්තු 3 නිකුත් වී තිබෙනවා. රාවණා 1 චන්ද්‍රිකාව මගින් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනු දක්නට ලැබුණා. 

    රාවණා 1 චන්ද්‍රිකාව මගින් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා මේ දිනවල සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

    ලක් LucK Facebook Post  LinkArchived Link
    කැඩපත – විනිවිද පේන , Nishan codetv යන ෆේස්බුක් පිටු හරහා ද මෙම පුවත විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණේ මෙලෙසිනි.
    Kedapatha Facebook Post Archived Link
    Facebook PostArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙලෙසින් “රාවණා 1” චන්ද්‍රිකාව මගින් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරූප අතරින් සමහරක් ඡායාරූප සැබවින්ම මෙම චන්ද්‍රිකාව මඟින් ලබාගත්තේ ද යන්න සැක සහිතය. “රාවණා 1” චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යාවකාශයේ සිට ලබා ගන්නා ලද ඡායාරූප 2019 August 3 නිකුත් වී තිබෙනවා. රාවණා 1 චන්ද්‍රිකාව ගුවන්ගත කළ “BIRDS 3 Satellite Project” ව්‍යාපෘතියට අදාළ නිල ෆේස්බුක් පිටුව හරහා චන්ද්‍රිකාව මගින් ලබාගත් ඡායාරූප මෙලෙසින් පළකර තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් ආයතනයේ නිල ෆේස්බුක් පිටුව හරහා ද එම ඡායාරූප පළ කර තිබුණා.

    එමඟින් පෙනී යන්නේ හුවමාරුවන ඡායාරුප අතරෙන් එක් ඡායාරූපයක් සැබවින්ම රාවණා 1 චන්ද්‍රිකාව මඟින් ලබාගෙන ඇති බවයි.

    රාවණා 1 චන්ද්‍රිකාව ගුවන්ගත කළ Birds 3 ව්‍යාපෘතියට අදාළ නිල වෙබ් අඩවිය චන්ද්‍රිකාව මගින් ලබාගත් ඡායාරූප පළකර තිබුණා.

    නමුත් ඒ හා සමග පළ වී තිබෙන අනෙකුත් ඡායාරූප කෙසේ ලබා ගත්තේදැයි සොයා ගැනීම සඳහා සරල google reverse image කිරීමක් සිදුකිරීමේ දී පැහැදිලි වන්නේ මෙම ඡායාරූප 2011 සිට වරින් වර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) මඟින් ලබාගත් ඡායාරූප බවයි.

    රාවණා 1 චන්ද්‍රිකාව පසුගිය ජූනි 17 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරුණු බැවින් මෙම ඡායාරූප කිසිසේත් රාවණා 1 චන්ද්‍රිකාව මඟින් ලබාගැනීමේ හැකියාවක් නොතිබිණ.

    අනෙක් කරුණ වන්නේ රාවණා 1 චන්ද්‍රිකාව යනු පෙට්ටියක (Cubic) ආකාරයේ, කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක්  වන අතර එහි හුවමාරු වන ඡායාරූපවල පෙන්වන පරිදි ආධාරක නොමැත. එවැනි ආධාරක ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ දක්නට ලැබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන මඟින් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප කිහිපයක් මෙසේ දැක්විය හැක.

    C:\Users\pk saman\Desktop\68557815_152676569251557_4664970546637701120_n.jpg
    C:\Users\pk saman\Desktop\69271549_152676592584888_5938738386410930176_n.jpg

    මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ISS මගින් 2011 ලබාගත් සජීවී වීඩියෝ පටයක නිශ්චල ඡායාරූපයක් බව පැහැදිලිය. 

    ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද මෙම ඡායාරූප තුන කිහිප වතාවක් හුවමාරු වී ඇති බවද අපට පහත පරිදි දක්නට ලැබුණා.

    අවසාන නිගමනය: 

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රාවණා 1 චන්ද්‍රිකාව මගින් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා මේ දිනවල සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් පමණක් නිවැරදි බවත් ඉතිරි ඡායාරූප ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) මඟින් කලකට පෙර ලබාගත් ඡායාරූපයක් බවත්ය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-08-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.