Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝඨාභය රාජපක්ෂට අවුරුදු විස්සක් රට පාලනය කිරීමේ වරමක් ලැබී ඇති බවට අනාවැකියක් පළවුයේ නැත

    2019-09-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමය ලංවීමත් සමඟම ජ්‍යෝතිෂවේදීන් විසින් නොයෙකුත් පුරෝකථනයන් ඉදිරිපත් කිරීම අතීතයේ පටන් සිදුවෙමින් පැවති සිදුවීමකි. ඉන්දියාවේ ජ්‍යෝතිෂවේදී සුනිල් වර්ස්නායි විසින් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 20 ක් රට පාලනය කරන බවට අනාවැකියක් පළකර තිබේ යන

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමය ලංවීමත් සමඟම ජ්‍යෝතිෂවේදීන් විසින් නොයෙකුත් පුරෝකථනයන් ඉදිරිපත් කිරීම අතීතයේ පටන් සිදුවෙමින් පැවති සිදුවීමකි. ඉන්දියාවේ ජ්‍යෝතිෂවේදී සුනිල් වර්ස්නායි විසින් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 20 ක් රට පාලනය කරන බවට අනාවැකියක් පළකර තිබේ යන පුවත ඊයේ (13) රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් පළවී තිබෙනු දක්නට ලැබුණි. එමෙන්ම වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත පළකර තිබිණි.

    එසේ ප්‍රකාශ කළායයි කියන එම අනාවැකියට අනුව, මෙම වසර අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති බවට පත්වනු ඇත. ඉන් අනතුරුව එළඹෙන ජනවාරියේදී වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ළග සිටින සියලුම නුසුදුසු පුද්ගලයින් එම මහ මැතිවරණයෙන් පලවා හැර සුදුස්සාට පමණක් මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව සලසනු ඇති බවද සඳහන් වේ.

    ඉන් අනතුරුව රටට ඔහු කළ විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ජනතාව විසින්ම ඔහුව නිතරගයෙන්ම පස්වතාවක් හෝ හයවතාවක් රටේ ජනාධිපති බවට පත්කරගන්නා බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු ධූරය දැරූ වැඩිම කාලය එය වන බවත්, ඉන්දියාවේ සුපිරි  ජ්‍යෝතිෂවේදී සුනිල් වර්ස්නායි අනාවැකි පලකල බව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි පළකර ඇත.‍‍

    සමාජ මාධ්‍ය ඉහත පුවත පළකර තිබු අයුරු පහත පරිදි වේ

    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link

    වෙබ් අඩවියක් ඉහත පුවත පළකර තිබු අයුරු මෙසේය

    Website LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් වලට අදාල ඡායාරූපය පළ වී තිබෙන සුනිල් වර්ස්නායි  පිළිබඳ විමසීම සඳහා Google Reverse Image සෙවුමක් මාර්ගයෙන් තොරතුරු සොයා ගන්නා ලදී.

    “ඔබ ඉන්දියාවේ හොඳම ජ්‍යොතිෂවේදියා සොයනවාද? එසේ නම්, ඔබගේ සෙවීම මෙතැනින් අවසන් වේ!” යනුවෙන් සඳහන් වන මෙම වෙබ් පිටුවේ වැඩිදුරටත් පවසා තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රමුඛතම ජ්‍යොතිෂවේදියෙකු ලෙස සැලකෙන ජ්‍යෝතිෂවේදී ආචාර්ය සුනිල් ත්‍රිපාති අද වන විට, ලොව පුරා සිටින දස දහස් සංඛ්‍යාත සේවාදායකයින් සඳහා නිර්දෝෂී, නිවැරදි ජෝතිෂය සේවා සලසා ඇති බවයි.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් ඔහු පවසා ඇති පරිදි ප්‍රකාශයක් සිදු කර ඇත්ද යන්න ගූගල් සෙවුමක් හරහා සෙවීමේදී අපට ඔහුගේ වෙබ් අඩවිය ඔස්සේ මෙම තොරතුරු අනාවරණය විය.  එහිදී සුනිල් ත්‍රිපාති අනාවැකි පළ කර ඇත්තේ ඉදිරියෙදී ඉන්දියානු අගමැති ධුරය සඳහා භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂක වන ශ්‍රී නරේන්ද්‍ර මෝදි හට 2014 ලෝක්සභා මැතිවරණයේදී ජය ගත හැකි බවයි. මෙහිදී ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ග්‍රහ තොරතුරු ඇතුලත් කේන්දර සටහනක් ද ඔහු පහත පරිදි දක්වා තිබුණි

    Website LinkArchived LinkTwitter Page

    මෙසේ පලවන තොරතුරුවල සත්‍යතාවය ජෝතිර්වේදී ආචාර්ය සුනිල් ත්‍රිපාති මහතාගෙන්ම  දැනගැනීම සඳහා Factcrescendo India , අපගේ මව් ආයතනයට එතුමා සම්බන්ධ කරගැනීමට හැකිවිය.  එහිදී ආචාර්ය සුනිල් ත්‍රිපාති මහතා පවසා සිටියේ මෙම ප්‍රකාශයන් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.  තවදුරටත් කරුණු දක්වා සිටිමින් සුනිල් ත්‍රිපාති මහතා පවසා සිටියේ මෙය අලුත් දෙයක් නොවන බවත්, මීට වසර හතරකට හෝ පහකට පෙර මෙබඳු ම අසත්‍ය ප්‍රකාශයක් තමන්ගේ නම පාදක කර ගනිමින් පළවූ බවත්ය. 

    තවද ශ්‍රී ලංකාවෙන් බොහෝ ලෙස තමාට ෆේස්බුක් හරහා මිතුරන් වීමට ආරාධනා ලැබෙන බවත් පවසා සිටින සුනිල් ත්‍රිපාති මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම තොරතුරු කිසිවක් තමන් සතුව නොමැති බවත් එබඳු දේශපාලන අනාවැකි පළකර නැති බවත් අප සමඟ පවසා සිටියා.

    හොඳම ඉන්දියානු ජෝතිර්වේදියා (Best Indian Astrologer) යනුවෙන් ශ්‍රී ලංකාවේ දී කෙරෙන ගූගල් සෙවුමකදී සුනිල් තිපාති මහතාගේ නමද දිස්වන අයුරුද අපට මෙලෙස පෙනී ගියා.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධව ඉන්දීය ජ්‍යොතිෂ්‍යවේදී සුනිල් වර්ස්නායි නැමැත්තෙක් අනාවැකියක් පළ කර නොමැති බවයි. එම ඡායාරූපවල දැක්වෙන සැබෑ ජෝතිෂ්‍යවේදීයා සුනිල් ත්‍රිපාති නැමැත්තෙකු වන අතර ඔහු හා සාකච්ඡාවේ දී පැහැදිලි වූයේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් කිසිදු අනාවැකියක් සිදුකර නොමැති බවයි.  

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ගෝඨාභය රාජපක්ෂට අවුරුදු විස්සක් රට පාලනය කිරීමේ වරමක්?

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.